සෞඛ්‍ය ලේකම් ඇතුළු හතරකට අල්ලස් පැමිණිලි..
නිසි නෛතික පදනමකින් තොරව විනය පරීක්ෂණ පවත්වමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අනුබල දෙන බවට චෝදනා කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.
මෙම පැමිණිල්ල මගින් සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අධ්‍යක්ෂ, හිමායා ජයසිංහ මහත්මිය, ඒක පුද්ගල විනිශ්චය සභා නියෝජනය කරන හිටපු මහාධිකරණ විනිසුරු, පියසේන රණසිංහ මහතා, භාණ්ඩාගාරයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ආර්.කේ.ආර්. රණසිංහ මහතාට එරෙහිව විමර්ශන පවත්වන ලෙස ඉල්ලා ඇත.
අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ මූලික හෝ විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නෛතික හැකියාවක් පවතීදැයි විමසීමකින් තොරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය හරහා මෙවැනි පරීක්ෂණ සිදු කරන බවයි. පිළිගත නොහැකි තත්ත්වයන් යටතේ සිදු කරන මෙම පරීක්ෂණ සඳහා පරීක්ෂණ නිලධාරීන්ට සහ විනිශ්චය සභාවලට ප්‍රවාහන, නවාතැන් ඇතුළු දීමනා වෙනුවෙන් අතිවිශාල රාජ්‍ය මුදලක් වැය කරන බවත්, මෙය වත්මන් සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙහෙයවීම මත සිදුවන "ජාවාරමක්" බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරයි.
මීට පෙර විගණකාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා, පෞද්ගලික පළිගැනීමේ චේතනාවෙන් පවත්වන මෙවැනි අනවශ්‍ය විනය පරීක්ෂණ හේතුවෙන් සිදුවන මූල්‍ය අලාභයට සෞඛ්‍ය ලේකම්වරයා සෘජුව වගකිව යුතු බව පවසයි. එබැවින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වා, රජයට සිදුව ඇති අලාභය අදාළ වගකිවයුත්තන්ගෙන් අය කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.
මීට අමතරව, මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණ පවත්වන ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ද ඔහු ඉල්ලීමක් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා