News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපදය එහි ජාතික ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 35 ඉක්මවීමත් සමඟ “තවත් සැක සහිත සන්ධිස්ථානයකට” ළඟා වී ඇති බව එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුව ඊයේ(29) නිවේදනය කළේය.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ 51.2% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව වෙනිසියුලාවේ ජාතික මැතිවරණ කවුන්සිලයේ සභාපති එල්විස් අමොරොසෝ අද(29) ප්‍රකාශ කළේය.

රුසියාවට එරෙහිව යුක්‍රේන භූමියේදී සිදුකෙරෙන බටහිර සාමුහිකයන්ගේ යුද්ධය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ප්‍රථම වතාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ කියුව් හි සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 2024 අමෙරිකානු ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වන බවත් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කිරීමට උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බවත් ජෝ බයිඩන් ඉරිදා(20) සමාජ මාධ්‍ය හරහා අනපේක්ෂිත ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව ලෝරන් බෝබර්ට් මෙලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබේ. ජෝ බයිඩන්ගේ ලිඛිත නිවේදනය ඔහුගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව අමෙරිකානු ජනයාගේ කනස්සල්ලට හේතු වූයේ එම නිවේදනය සමඟ ජනාධිපතිවරයාගේ කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් එකතු කර නොතිබූ බැවිනි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ විසි වෙනි මධ්‍යම කාරක සභා වාරයේ තුන්වන පුර්‍ණ සැසිවාරය උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ජනාධිපති ජෝ බයිඩන්ට වඩා, කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඇය පරාජය කිරීම තමන්ට පහසුවක් වනු ඇති බව ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණයට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

රජයේ රැකියාවලින් 30%ක් නිදහස් සටනට උරදුන් යුද විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදිය යුතු බවට දුන් අධිකරණ නියෝගයක් හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා බංග්ලාදේශයේ දැඩි කලහකාරී වාකාවරණයක් උද්ගත විය.

එක්සත් ජනපදයේ ආර්ථික අවදානම් සම්බන්ධයෙන් වැඩෙන කනස්සල්ල පිළිබිඹු කරන තවත් පියවරක් ලෙස චීනය සහ ජපානය මැයි මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල ඔවුන්ගේ ආයෝජන කොටස් කප්පාදු කිරීමට කටයුතු කර ඇත.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.