News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකානු වීසා බලපත්‍ර ලබාගැනීමේදී මතුවූ ගැටලුවක් හේතුවෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැයි 22 වනදා රාත්‍රියේ, යුක්‍රේන (කියෙව්) පාලනය විසින් එල්.පී.ආර්. (LPR) හි ස්ටාරොබෙල්ස්ක් නුවර පිහිටි ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට අයත් විද්‍යාල ගොඩනැගිල්ලකට සහ එහි නේවාසිකාගාරයට ඩ්‍රෝන යානා 4ක් යොදාගෙන දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.

ෂෙන්ෂෝ-23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් චීනයේ 'ලෝන්ග් මාර්ච්-2ෆී වයි23' (Long March-2F Y23) රොකට්ටුව ඉරිදා රාත්‍රී 11:08 ට ජියුකුවෑන් (Jiuquan) චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත විය.

අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදු කළ සැකකරුවෙකුට එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනයේ අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව තුල්සි ගැබාර්ඩ් (Tulsi Gabbard) ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී උදාවන ඊද්-උල්-අදා (Eid-ul-Adha) උත්සවය වෙනුවෙන් බංග්ලාදේශයේ වෙළඳපොළට ඉදිරිපත් කර ඇති අතිවිශාල මී හරකෙකු මේ වන විට එරට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ආකර්ෂණයක් දිනාගෙන තිබේ.

කියුබානු විප්ලවීය නායක, හමුදා ජෙනරාල් රාවුල් කැස්ත්‍රෝ රූස් මහතාට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මැයි 20 වන දින ඉදිරිපත් කරන ලද චෝදනාව කියුබානු විප්ලවවාදී රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමග යුද්ධයකට අවතීර්ණ වූයේ එරට පාලන තන්ත්‍රයේ නායකත්වය වෙනුවට හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) පත් කිරීමේ අරමුණින් යුතුව බව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ (The New York Times) පුවත්පත වාර්තා කරයි.

චීනයට අඛණ්ඩව බලශක්තිය සැපයීමට රුසියාව සූදානම් බව රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කර තිබේ.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.