කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි..
තමන් අමෙරිකාව සමග "පැවැත්ම උදෙසා වන යුද්ධයක" නිරතව සිටින බව පවසමින්, කලාපීය බලශක්ති අපනයන තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මෙවන් පසුබිමක ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ද තවදුරටත් ඉහළ මට්ටමක පවතී.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.29ක් ලෙස ද ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.04ක් ලෙසද සටහන් විය.
මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙහෙරානයට 'පරිස්සමෙන් කටයුතු කරන ලෙස' අනතුරු ඇඟවීමත් සමග, තමන් ඉරානයට එරෙහිව ඊයේ නව ප්‍රහාර මාලාවක් දියත් කළ බව අමෙරිකාව පවසයි.
එහිදී හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන 'නෞකාවලට තර්ජනයක් වන ඉරාන හමුදා හැකියාවන්' ඉලක්ක කර ගත් බවත්, ඉරානයේ වරායන් වෙත පනවා ඇති, යළි අලුත් කළ අවහිරතාව උල්ලංඝනය කිරීමට උත්සාහ කළ නෞකාවකට වෙනම වෙඩි තැබූ බවත් අමෙරිකානු හමුදාව සඳහන් කර තිබේ.
මැදපෙරදිග යුද ගැටුම් පස්වන දිනටත් අද ක්‍රියාත්මක වන මොහොතක, බහරේනය සහ කුවේට් ඇතුළු කලාපයේ අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කිරීමෙන් පසු මෙම සිදුවීම් මාලාව වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර, ඉරානයේ වරායන් වෙත නාවික අවහිරතා පැනවීමෙන් පසු, ඊයේ අමෙරිකාව විසින් ඉරානයේ වෙරළබඩ ආරක්ෂක පද්ධති සහ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..