ලොව සමාජ මාධ්‍ය දැවැන්තයින් දණගැස්වූ ඓතිහාසික නඩු තීන්දුව: මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දැවැන්ත දඩයක්!
ලෝක ප්‍රකට තාක්ෂණික සහ සමාජ මාධ්‍ය දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම් විසින් සිය යෙදවුම් ළමුන් ඇබ්බැහි වන ආකාරයෙන් සකස් කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ හානි සිදුකර ඇති බවට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් අධිකරණයක පැවැති ජූරි සභා නඩු විභාගයකින් තීන්දු කර තිබේ.
ප්‍රකට අමෙරිකානු නීතිඥ මාර්ක් ලැනියර් විසින් මෙහෙයවන ලද මෙම ඓතිහාසික නඩු විභාගයේදී වයස අවුරුදු 20ක තරුණියක වූ කේලි වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6ක වන්දියක් ගෙවන ලෙසයි ජූරි සභාව නියෝග කර ඇත්තේ.
මෙයින් 70%ක වගකීමක් මෙටා සමාගම වෙත පැවරෙන අතර ඉතිරි 30%ක ප්‍රමාණය ගූගල් සමාගම විසින් ගෙවිය යුතු වන බව සඳහන්.
මෙම නඩු තීන්දුව ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වනු ලබන්නේ තාක්ෂණික ලෝකයේ මහා පෙරළියක් ඇති කළ මොහොතක් ලෙසයි.
නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයන්, කැසිනෝ ක්‍රීඩාවල පවතින මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිත කරමින් පරිශීලකයින් අඛණ්ඩව රඳවා තබාගන්නා "ඇබ්බැහි වීමේ යන්ත්‍ර" (Addiction machines) ලෙස හිතාමතාම නිර්මාණය කර ඇති බවයි.
වයස අවුරුදු 6 සිට යූටියුබ් සේවාවටත්, වයස අවුරුදු 9 සිට ඉන්ස්ටග්‍රෑම් සේවාවටත් දැඩි ලෙස ඇබ්බැහි වූ කේලි නමැති මෙම තරුණිය දිනකට පැය 16ක් දක්වා සමාජ මාධ්‍ය තුළ කාලය ගතකර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇය දැඩි මානසික අවපීඩනය, කාංසාව සහ සිරුරේ ස්වභාවය පිළිබඳ පවතින මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇත.
සමාගම්වල අභ්‍යන්තර රහස්‍ය ලේඛන අධිකරණය හමුවේ දිගහරිමින් නීතිඥ ලැනියර් පෙන්වා දුන්නේ, තරුණ මනස් තමන් වෙත ඇදබැඳ තබාගැනීම සඳහා මෙම සමාගම් විසින් සිදුකරන ක්‍රියාවලිය පිටුපස පවතින්නේ මානුෂීය හැඟීම් නොව අතිදැවැන්ත මූල්‍ය ලාභයක් පමණක් බවයි.
මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ද සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවට කැඳවා තිබූ අතර, එහිදී ඔහුගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 'Meta Ray-Ban' ස්මාර්ට් කණ්ණාඩි පැළඳ පැමිණීම හේතුවෙන් අධිකරණ ශාලාව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන තිබේ.
ජූරි සභිකයින්ගේ රහස්‍යභාවයට තර්ජනයක් කරමින් ඔවුන්ව ඩිජිටල් නිරීක්ෂණයට ලක් කිරීමට මෙමඟින් උත්සාහ කළ බවට පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් චෝදනා කිරීමත් සමඟ විනිසුරුවරයාගේ නියෝගය මත එම කණ්ණාඩි ගලවා දැමීමට සකර්බර්ග්ගේ පිරිසට සිදුවූ බව වාර්තා වේ.
මෙම දැවැන්ත නීතිමය සටන ජයග්‍රහණය කිරීම සඳහා නීතිඥ මාර්ක් ලැනියර් විසින් Gemini, Claude සහ ChatGPT වැනි උසස් තාක්ෂණික මෙවලම් මුසු කරමින් නිර්මාණය කරන ලද විශේෂිත කෘතිම බුද්ධි (AI) පද්ධතියක් ද උපයෝගී කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමඟින් ජූරි සභිකයින්ගේ මනෝවිද්‍යාත්මක තත්ත්වයන් විශ්ලේෂණය කරමින් දෛනිකව සිය තර්කයන් ගොඩනැගීමට ඔහු කටයුතු කර තිබේ.
මෙම ඓතිහාසික නඩු තීන්දුවත් සමඟ ලොව පුරා පවතින සමාජ මාධ්‍ය සමාගම්වල ව්‍යාපාරික ආකෘතියට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් මෙටා සහ ගූගල් ඇතුළු සමාගම්වලට එරෙහිව තවත් නඩු 2,000කට අධික ප්‍රමාණයක් ගොනු කිරීමට මාවත විවර වී තිබේ.
නීතිඥ ලැනියර් පවසන්නේ දේශපාලනඥයින්ට වඩා සාමාන්‍ය ජනතාවගෙන් සැදුම්ලත් ජූරි සභාවකට මෙවැනි දැවැන්ත සමාගම් නීතිය ඉදිරියට ගෙන ඒමට සුවිශේෂී බලයක් පවතින බවයි.
කෙසේ වුවද, මෙම නඩු තීන්දුවට එරෙහිව මෙටා සහ ගූගල් සමාගම් ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, සමාජ මාධ්‍යවල පවතින ඇබ්බැහි කරවන සහ අහිතකර ස්වභාවයෙන් අනාගත පරපුර මුදාගැනීම සඳහා වන මෙම ඩිජිටල් යුද්ධය තවදුරටත් ඉදිරියට ඇදෙනු ඇති බවයි විදේශීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මූලාශ්‍රය - hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..