News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය. වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්‍රහණ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේය. “විදේශීය රාජ්‍ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන් නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

ඇමරිකානු මිලිටරි මැදිහත්වීම ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට වඩා ශක්තිමත් කිරීමට සේවය කර ඇති අතර අල්කයිඩාව සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් යලි පිබිදීම නවතම උදාහරණය බව ඊයේ(01) ප්‍රකාශයට පත් කරන ලද ෆොක්ස් නිවුස් ඩිජිටල් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇෆ්ගන් ජාතික හමුදාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානී සාමි සදාත් ප්‍රකාශ කළේය. .

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බංග්ලාදේශය අන්තර්වාර ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ආධාර ආයතනවලින් ඩොලර් බිලියන 08ක ණයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

මාලදිවයිනේ සියලු ඩොලර් සංචිත සිඳී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බංග්ලාදේශ සිසු අරගලයෙන් පසු බලයෙන් පහ කෙරුණු අවාමි ලීගය පක්ෂයේ ප්‍රබලයෙකුගේ මළ සිරුරක් ඉන්දියාවේ දී සොයාගෙන තිබේ.

"මගේ මතය අනුව, අමෙරිකාවට ඇති ලොකුම ගැටලුව, ලෝකයට ඇති ලොකුම ගැටලුව න්‍යෂ්ථික අවි තරඟයයි" ට්‍රම්ප් බ්‍රහස්පතින්දා පැවසීය. "එම අවි විනාශකාරී බලවේගයක් වන අතර, කිසිවකු මීට පෙර දැක නැති ඒවා වන අතර, ඒවා කිසි විටෙක භාවිතා නොකරන බවට අප වග බලා ගත යුතුය." ඔහු අවධාරණය කළේය.

කියුබානු සමාජයට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවන ලද බාධක කියුබානු Cenesex අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මරීලා කැස්ත්‍රෝ දැඩිව හෙළාදැක තිබේ.

ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

මොස්කව් වේලාවෙන් උදෑසන 6 පසුවීමත් සමඟ යුක්රේනයේ භූමිය හරහා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිවේදනය කර සුළු මොහොතකින් රුසියාව, කියෙව් පාලන තන්ත්‍රයේ ආරක්ෂක කර්මාන්ත පහසුකම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.