ඉරාන යුද්ධයට ඇමෙරිකානුවන්ගේ සහාය පහළට - Reuters මතවිමසුමෙන් හෙළිවෙයි..
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් සඳහා ඇමෙරිකානු ජනතාවගෙන් හිමිවන සහාය පහත වැටී ඇති බවත්, එම හමුදා ක්‍රියාමාර්ගවල පැහැදිලි අරමුණක් ප්‍රකාශ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසමත් වී ඇති බවත් නවතම Reuters මතවිමසුමකින් හෙළි වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මාස පහක් තිස්සේ ඇදී යන මෙම යුදමය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ මතවිමසුමට අනුව, ඉරානයට එරෙහි යුද්ධයට සහාය දක්වන්නේ ඇමෙරිකානුවන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් බවයි එම මතවිමසුමෙන් අනාවරණය වි ඇත්තේ.
ඉරාන නායකයින් බලයෙන් පහකිරීමට සහාය වීම, ඉරානයේ බැලස්ටික් මිසයිල බලපෑම නැති කිරීම සහ න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම වැළැක්වීම වැනි විවිධ අරමුණු ට්‍රම්ප් විසින් වරින් වර ඉදිරිපත් කර තිබේ.
එහෙත් මතවිමසුමට අනුව, ඇමෙරිකානුවන්ගෙන් 69% ක් (ඊට රිපබ්ලිකන් පාක්ෂිකයන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙකුද ඇතුළත් වේ) විශ්වාස කරන්නේ ඉරානයට එරෙහි හමුදා මැදිහත්වීමේ ප්‍රධාන අරමුණු මොනවාදැයි ට්‍රම්ප් විසින් පැහැදිලි කර නොමැති බවයි.
ධවල මන්දිර ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් සඳහන් කළේ ජනාධිපති ට්‍රම්ප් තීරණ ගනු ලබන්නේ වෙනස් වන ජනමත විචාරණ මත පදනම්ව නොවන බවයි.
ඉරානය කිසිදිනෙක න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම වැළැක්වීම ඇමෙරිකාවේ ප්‍රධාන අරමුණ බව අවධාරණය කළ ඇය, "ඇමෙරිකානු ජනතාවට වඩාත්ම වැදගත් වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා තීරණාත්මක පියවර ගන්නා සේනාධිනායකයෙකු සිටීමයි" යනුවෙන් ඇය පවසයි.
පෙබරවාරි 28 වන දින ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, මෙම යුද්ධය සඳහා ලැබෙන ජනප්‍රියතාව 40% ට වඩා අඩු මට්ටමක පවතින බවයි වාර්තා වෙන්නේ.
මෙය ඇමෙරිකාව මැදිහත් වූ පසුගිය අනෙකුත් යුද්ධවල මුල් කාලසීමාවන්ට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් බව සඳහන්.
පසුබිම් වෙනස් වුවද, 2003 සිට 2011 දක්වා පැවැති ඉරාක යුද්ධයේ මුල් මාසවලදී 70% ක පමණ ඇමෙරිකානු ජනතාවගේ සහාය ඊට හිමිවිය.
එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන කොංග්‍රස් මණ්ඩල මැතිවරණයට පෙර, යුද්ධය කෙරෙහි පවතින ජනප්‍රියතාව අඩුවීම ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට දැඩි අභියෝගයක් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්