ඉන්දියාව එක්සත් ජනපදයට ඉතා වැදගත් ඛනිජ පිළිබඳ හවුල්කාරිත්ව ගිවිසුමක් යෝජනා කර ඇති අතර, එය දේශීය විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයින්ට එක්සත් ජනපද වෙළඳපොලේ ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාරී වන පුළුල් නිදහස් වෙළඳ ගිවිසුමකට තුඩු දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඉකොනොමික් ටයිම්ස් පුවත් පත ඊයේ(20) ලිපියක් පල කරමින් පවසා සිටියේය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, තම නිවාඩු නිකේතනය ලෙබනනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක වූ බවත් ඒ අනුව ඉරාන සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම තමා සහ තම බිරිඳ මරා දැමීමට උත්සාහ කළ බවට චෝදනා කළේය. ඊයේ(19) උදෑසන, පුපුරණ ද්‍රව්‍ය පටවාගත් UAV යානා තුනක් උතුරු ඊශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන සිසේරියා දෙසට පියාසර කරන අයුරු දැකගත හැකි විය. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (ඓඪ්F) විසින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කර විනාශ කළ අතර, තුන්වැන්න අගමැතිගේ පෞද්ගලික නිවස අසල පුපුරා ගියේය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ නිවසේ නොසිටි නමුදු සිය හිවාඩු නිකේතනය ආශ්‍රිත භූමියේ සිටි පුද්ගලයන්ගේ ජීවිත වලට හානි සිදුවී ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින් නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ වැසියන්ගෙන් ඉල්ලා සිටියේ නව සංවර්ධන දර්ශනය සෑම අතකින්ම භාවිතා කරන ලෙසත්, චීන නවීකරණයේ අන්හුයි පරිච්ඡේදයක් ලිවීම සඳහා බහු ජාතික සංවර්ධන උපාය මාර්ගවල එහි භූමිකාව ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ද වන ෂී, 17 සහ 18 දක්වා අන්හුයි පළාතේ කළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම ප්‍රකාශය කළේය.
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..