News Category
From Date
To Date
Maximum Number of Result

"ECONOMYNEXT" වෙබ් අඩවිය විසින් පල කල පුවතක් වන ශ්‍රී ලංකාව BRICS කණ්ඩායමට ඇතුලත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ යනුවෙන් කළ පුවත පදනම් කරගනිමින් ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ඇතුළු වෙනත් පුවත් වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත ප්‍රචාරය කර තිබුණි. ඒ අතර ඊයේ(09) වෙළෙඳ පොළට නිකුත් කළ අද(10) "Sunday Isaland" පුවත් පතද එම පුවත සිය මුල් පිටුවේම පල කර තිබුණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය එම පුවත සාවද්‍ය පුවතක් බව පවසයි. රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල් ගණනක් BRICS කණ්ඩායමට ඇතුළත් වීමට ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් නුදුරේදී BRICS කණ්ඩායමේ ඊට අදාල අංශ විසින් සමාලෝචනය කර අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.

BRICS සමූහයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත සමූහයේ වත්මන් සාමාජිකත්වය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. කෙසේ වුවද BRICS හි නව සංවර්ධන බැංකුවේ (New Development Bank-NDB) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම පිළිගෙන ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් නිවේදනය කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතුම් එක් කර ඇති බව වාර්තාවේ. එලෙසම එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද පුටින් අවධාරණය කර ඇතැයිද එම වාර්තා පවසයි. ජුලි මාසයේදී ට්‍රම්ප්ව ඝාතනය කිරීමට ගත් උත්සාහයේදි සහ ඉන් පසුව ට්‍රම්ප් දැක්වූ “ධෛර්ය සම්පන්න” ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද පුටින් ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූ බවද පැවසේ. ඊයේ(07) දකුණු රුසියානු නගරයක් වන සෝචි හි Valdai ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ රැස්වීමකට එක් වෙමින් පුටින් පැවසුවේ, “ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මගේ සුබ පැතුම් පිරිනැමීමට අවස්ථාවක් කරගන්නවා." යනුවෙනි. ට්‍රම්ප් යුක්රේන ගැටුම අවසන් කිරීමට අභිලාශයක් ඇති බව ප්‍රකාශ කර ඇති බවත්, එවැනි ප්‍රකාශයන් “අවම වශයෙන් අවධානය යොමු කළ යුතු” බවත් පුටින් එම රැස්වීමේ අදහස් දක්වමින් පැවසුවේය.

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට කෝවිඩ් එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බිලියන ගණනක් වංචා කළ බවට එල්ලවන චෝදනා හේතුවෙන් වී සිරගත වීමට ඉඩ ඇති බව පැවසේ.

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබුණද , රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් "වඩා ජනප්‍රිය අපේක්ෂකයෙකු" බව විශ්‍රාමික එක්සත් ජනපද ගුවන් හමුදා ලුතිනන් කර්නල් Karen Kwiatkowski පවසයි. ඒ මහතා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු විශ්ලේෂකයෙකු ද වේ.


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.