ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා 30ක් යුරෝපයට යවයි..
ඇමෙරිකානු ප්‍රහාරක හමුදා ජෙට් යානා 30ක් යුරෝපයට යවා ඇති අතර ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමරිකානු මැදිහත්වීමක් සිදුවනු ඇති බවට වාර්තා පළවී තිබේ. ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරවලට එක්වීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
ඇමරිකාවට පහර දිය හැකි එක් ඉලක්කයක් වන්නේ ඉරානයේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික බලාගාරයයි. එය භූගත ගැඹුරු පරිශ්‍රයක පිහිටා ඇති අතර එය විනාශ කළ හැකි රාත්තල් 30,000 ක බෝම්බයක් ඇත්තේ ඇමෙරිකානුවන් සතුව පමණකි. එහෙත් ඉරානයට පහර දීමට එක්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපදේශකයින් අතර පැහැදිලි එකඟතාවක් නැත. යුද විශේෂඥයින් පවසන්නේ ඇමෙරිකාව මීට සම්බන්ධ වීම මගින් ගැටුම ‘සම්පූර්ණයෙන්ම’ වෙනසකට ලක්වනු ඇති බවයි.
ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙළන ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා භාවිත කරන ඇමෙරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා ඇතුළු යානා 30 ක් පසුගිය දින තුන තුළ යුරෝපයට යවා තිබේ. මේ යානා ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය සහ එංගලන්තයේ ඇති ඇමෙරිකානු ගුවන් කඳවුරුවල නතර කර තිබේ.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයෙන් ‘කොන්දේසි විරහිතව යටත් වන’ ලෙස ඉල්ලා සිටින අතර මේ අවස්ථාවේ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි මරා නොදමන බව ද පවසයි. එහෙත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි එක්ස් හි සටහන් තබමින් ‘කිසි විටෙකත් සියොන්වාදීන් සමග සම්මුතියක් ඇති කර නොගන්නා’ බව පවසා තිබේ.
“අපි සියොන්වාදීන්ට කිසිදු අනුකම්පාවක් නැහැ” යනුවෙන් ඔහු තැබූ සටහනේ පරිවර්තනයක දැක්වේ. තවත් සටහනක ඔහු ‘සටන ආරම්භ වනවා’ යනුවෙන් දක්වා ඇත.
ඊයේ එනම් හයවන දිනටත් ඉරානය සහ ඊශ්‍රායලය අතර මිසයිල හුවමාරු වෙමින් තිබිණි. ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ෆෙටා-1 ‘හයිපර්සොනික්’ මිසයිලයක් එල්ල කර තිබේ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා