පැලවත්තේ නත්තල් සුන්දරත්වය වෙසක් පෝයට නැති වුණේ ඇයි? - පැලවත්තෙන් ඇහුන වෙනස්ම කතාවක්...
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානය කියන්නේ 2004 වසරෙන් පස්සේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වගේම සාමාන්‍ය පාක්ෂිකයන්ගේ දායකත්වයෙන් එකතු වුණු දැවැන්ත අරමුදලකින් හැදුණු තැනක්. එදා පක්ෂයේ ආරම්භකයා වුණු රෝහණ විජේවීරයන් පවා බුදුදහමට සහ මහා සංඝරත්නයට දේශපාලනික වශයෙන් සුවිශේෂී තැනක් දුන්නා. හැබැයි සෝමවංශ අමරසිංහයන්ගේ නායකත්වයෙන් පස්සේ ආපු වත්මන් ජේ.වී.පී. නායකත්වයේ ක්‍රියාකලාපය දිහා බැලුවහම, එදා තිබුණු ඒ දේශප්‍රේමී උපායමාර්ගික ගමන් මඟ සහ වර්තමාන භාවිතාව අතර ලොකු පරස්පරතාවයක් දකින්න ලැබෙනවා. මේ ගැන Lanka Underground News තැබූ සටහනක මෙසේ සදහන් කර තිබුණා.
මේ පරස්පරය වඩාත්ම කැපී පෙනෙන්නේ ආගමික උත්සව සැමරීමේදී ඔවුන් දක්වන ද්විත්ව ප්‍රතිපත්තිය නිසයි. උදාහරණයක් විදිහට 2025 නත්තල් උත්සවය වෙනුවෙන් පැලවත්ත මූලස්ථානය ඉතාමත් අලංකාර ලෙස විදුලි බුබුළුවලින් සහ සැරසිලිවලින් හැඩගන්වා තිබුණා. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් විදිහට වෙසක් උත්සව දිනයේදී පක්ෂ මූලස්ථානය වෙනුවෙන් එවැනි කිසිදු සැරසිල්ලක් සිදු කර තිබුණේ නැහැ. මාක්ස්වාදී සිද්ධාන්තවලට අනුව හැම ආගමකටම එක හා සමානව සැලකිය යුතු වුවත් වෙසක් උත්සවය පමණක් මෙලෙස මඟහැර යාම බරපතළ ගැටලුවක්.
මේ තත්ත්වය පක්ෂයේ නිල සමාජ මාධ්‍ය හැසිරීම් තුළිනුත් මනාව පැහැදිලි වෙනවා. "JVP Sri Lanka" නිල ෆේස්බුක් පිටුවේ නත්තල් සහ තෛපෝංගල් වැනි අන්‍යාගමික උත්සව වෙනුවෙන් නායකත්වයේ සුබපැතුම් පණිවුඩ පළ කර තිබුණත් වෙසක් පෝය වෙනුවෙන් කිසිදු නිල සුබපැතුමක් පළ කර තිබුණේ නැ. ඒ වෙනුවට දකින්න ලැබුණේ ජනාධිපතිවරයා වියට්නාමයේ විහාරස්ථානයකට ගිය පුවතක් පමණයි. එක ආගමක විශේෂ දිනයක් පමණක් මේ විදිහට හලා දැමීම පිටුපස තියෙන්නේ කුමන ආකාරයේ දේශපාලන න්‍යායක්ද කියන එක ප්‍රශ්න සහගතයි.
මීට අමතරව වෙසක් නිවාඩුව සම්බන්ධයෙන් රජය ගත් තීරණයත් රටේම කතාබහට ලක්වුණා. ඒ සාමාන්‍යයෙන් වෙසක් පෝය සති අන්තයකට යෙදුණොත් පසුගිය පාලකයන් කළේ සතියේ දිනක අමතර නිවාඩුවක් ලබා දීමයි. හැබැයි වත්මන් පාලනය සෙනසුරාදා දිනට යෙදුණු වෙසක් පෝය වෙනුවෙන් විශේෂ නිවාඩු දිනයක් විදිහට ගැසට් කළේ කොහොමටත් රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දවසයි. අනික් පැත්තට දකුණේ බෞද්ධ ජනතාව යාපනයේ තිස්ස රජමහා විහාරයට යන එක "වෛ💔රය වැපිරීමක්" විදිහට දකින පාලකයෝ දකුණේ කිතුනු ජනයා මන්නාරම් මඩු පල්ලියට යනකොට නිහඬ ප්‍රතිපත්තියක් රකින්නේ ඇයිද කියන එකත් හිතලා බලන්න ඕනනේ.
ආණ්ඩුව සහ පක්ෂය අනෙක් හැම ආගමික උත්සවයකටම ලොකු හැන්දකින් සලකද්දී බුදු සසුනට සහ බෞද්ධ උත්සවවලට පමණක් කුඩම්මාගේ සැලකිලි ද? මේ සැඟවුණු බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය වහාම හඳුනා නොගතහොත් රටේ සංස්කෘතික පදනමට සිදුවන හානිය සුළුපටු නැ. ආගමික සහජීවනය කියන්නේ එක ආගමක් විතරක් කොන් කරන එකට නෙවෙයිනේ. මේ යන ගමනේ අවසානය මොකක්ද කියලා එදා ඔවුන්ට කෘතඥ පූර්වකව ඡන්දය දුන්න ඔබම දැන්වත් බුද්ධිමත්ව හිතලා බැලුවොත් හොදයි නේද?
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..