News Category
From Date
To Date
Maximum Number of Result

සීමාකරණ මූලධර්මය හෙවත් ගෝලීය අර්බුදයකට මඟ පාදන සැඟවුණු උපායමාර්ගය

May 31, 2026 at 03:27 PM
|

අද දවසේ විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු පරිශීලනය කරන බොහෝ දෙනෙකුට, දිනපතා ලැබෙන පුවත් අවුල් සහගත ඒවා ලෙස පෙනී යයි. යුක්රේනයේ පවතින යුද්ධය. තායිවාන සමුද්‍ර සන්ධියේ හට ගෙන ඇති ආතතීන්. ඉරානය සමඟ ඇමෙරිකාව පැටලී ඇති සෙවනැලි යුද්ධය. චීනය මත පනවා තිබෙන සම්බාධක. අමෙරිකාව යුරෝපය සමඟ පැටලී තිබෙන වෙළඳ ආරවුල් ඒ අතරින් ප්‍රධාන වේ. කෙසේ වුවද කෙනෙකුට මේ සියල්ල අහඹු ලෙස පැතිර යන ගිනිදැල් මෙන් පෙනීයාම වරදක් නොවේ.

දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු ප්‍රතිපත්ති මගින් හැඩ ගන්වා ඇති උපායමාර්ගයකට අනුව, මේ කිසිවක් අහඹු සිදුවීම් නොවන බව හොඳින් පැහැදිලි වේ. එම උපාය මාර්ගය තේරුම් ගත් විට වර්තමානයේ සිදුවන ලෝක සිදුවීම්වල විශාල චිත්‍රය වඩාත් පැහැදිලි වේ.

ඇමරිකාවේ සැබෑ සැලැස්ම කුමක්දැයි මා විසින් පහතින් කරනු ලබන පැහැදිලි කිරීම තේරුම්ගත් පසු කෙනෙකුට වර්තමානයේ සිදුවන සිදුවීම් වල හරය අවබෝධ නොවීමට කිසිදු හැකියාවක් නැතැයි අවබෝධ වනු ඇත. 

ලෝක බල සිතියමේ ඒකාධිපතිත්වය

අප මුලින්ම තේරුම් ගත යුතු කාරණය වන්නේ භූගෝල විද්‍යාව මිස මතවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එදිරිව ඒකාධිපතිවාදය නොවේ. භූගෝල විද්‍යාව, ලෝක බල සිතියම තුල ඒකාධිපතිත්වය සියල්ල පාලනය කරන ආකාරය මැනැවින් පැහැදිළි කරයි. එනම්, වෙළඳාම, හමුදා බලය, ආහාර, බලශක්තිය අදී වූ සියල්ල පාලනය කරනු ලබන ආකාර්ය භූගෝල විද්‍යාව මගින් පැහැදිළි කරයි .

ඇමරිකානු ඉදිරිදර්ශනය තුළ පිහිටා ලෝකය දෙස බලන කෙනෙකුට මා පවසන බියකරු සත්‍ය අවබෝධ වනු ඇත.අමෙරිකා එක්සත් ජනපදය යනු ඉතා අනතුරුදායක තත්වයක සිටින සාගර අධිරාජ්‍යකි.ගතවූ පසුගිය වසර 80ක පමණ ඉතිහාසය තුළ ඇමරිකානු බලය සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ සාගර කළාප පාලනය මතය. එලෙසම ඇමරිකානු ඩොලරයේ බලය රඳා පවතින්නේ වෙළඳ මාර්ග පාලනය මතය. ඇමරිකානු ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ පාලිත තත්වය තුළ පවතින බලශක්ති ප්‍රවාහනය මතය. පසුගිය දශක අට තිස්සේ වොෂින්ටනය මෙම ලීවර තුනම එකවර අල්ලාගෙන සිටියේය.

දැන්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට, රටවල් දෙකක් එකවරම මෙම පද්ධතියට තර්ජනය එල්ල කර තිබේ. එනම්, චීනය ආර්ථික වශයෙන් මෙන්ම ඉරානය උපායශීලී වශයෙනි.

කූඩුව තුළ සිටින මකරා

පළමුව අප චීනය සාකච්ඡාවට ගනිමු. චීනය යනු අමෙරිකාවට ඇති සැබෑ දිගුකාලීන තර්ජනයයි. ඒ අනුව ඉරානය අමෙරිකාවට ඇති ප්‍රධාන තර්ජනය නොවේ.එලෙසම රුසියාවද අමෙරිකාවට ප්‍රධාන තර්ජනයක් වන්නේ නැත. ගෝලීය වශයෙන් එක්සත් ජනපදයට අභියෝග කිරීමේ කාර්මික හැකියාව චීනය සතුය.

නමුත් චීනය තුළ මාරාන්තික දුර්වලතාවයක් ඇත.එනම් චීන ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ අපනයන මත රඳා පැවතීමයි. චීන කර්මාන්තශාලා ක්‍රියාත්මක වීමට බලශක්තිය අත්‍යවශ්‍යවේ.එලෙසම චීන භාණ්ඩ ගෝලීය වෙළඳපොළ වෙත ළඟා විය යුතුයමය.එහෙත් චීන වෙළඳාමෙන් වැඩි ප්‍රමාණයක් ගමන් කරන්නේ තනි කුඩා මලක්කා සමුද්‍ර සන්ධිය හරහාය.

මුළු චීන ආර්ථිකයේම කුලුනු තුන වන, මැද පෙරදිගින් තෙල්, අප්‍රිකාවෙන් සම්පත්, යුරෝපයෙන් වෙළඳාම යන කුළුනු තුන එක් පටු ජල මාර්ගයක් හරහා ගමන් කරනු ලබන බව සැලකිල්ලට ලක් කිරීම මගින් චීන ආර්ථිකයේ ඇති මාරාන්තික දුර්වලතාවය අවබෝධ වනු ඇත.

දැන්, එම මර්මස්ථානය වට කර ඇති දේ දෙසට අවධානය යොමු කරමු. ඇමරිකානු මිත්‍ර පාක්ෂිකයින් වන්න්නේ ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ පිලිපීනයයි. මෙයයි එක්සත් ජනපද උපායිකයින්ගේ "පළමු දූපත් දාමය" ලෙස හඳුන්වයි. බොහෝ විශ්ලේශකයෝ එය ආරක්ෂක වැටක් ලෙස සලකති. නමුත් එම උපකල්පනය නිවැරදි නොවේ. "පළමු දූපත් දාමය" යනු සීමා කිරීමේ පද්ධතියකි.වඩාත් හොඳින් පැහැදිලි කරන්නේ නම් නැගෙනහිර ආසියාව තුළ චීනය සිර කිරීමට නිර්මාණය කරන ලද කූඩුව "පළමු දූපත් දාමය" වන්නේය.

ඒ අනුව ඇමරිකානු උපායමාර්ගය අතිශයින් සරලය.අමෙරිකාවේ ඉලක්කය චීනය ආක්‍රමණය කිරීම නොවේ.අමෙරිකාවේ ඉලක්කය වන්නේ චීනය ආර්ථික වශයෙන් හුස්ම හිර කිරීමයි. චීනය ඇමරිකානු ආධිපත්‍යය පිළිගන්නා තෙක් මෙම හිර කිරීම සිදු කරනු ඇත.

චීනයේ ගැලවීමේ සැලැස්ම

ඇත්ත වශයෙන්ම, චීනය මෙය තේරුම් ගෙන සිටී. චීනය මීට වසර ගණනාවකට පෙර සිටම මෙම තත්වය තේරුම් ගෙන ඇති බවක් දකින්නට ලැබේ. ඒ නිසා චීනය පසුගිය දශක දෙක පුරා "තීරයක් සහ මාවතක් මුලපිරීම" (BRI) ගොඩනැගීමට දැඩි අවධානය යොමු කළේය. "තීරයක් සහ මාවතක් මුලපිරීම" ආර්ථික සංවර්ධනය සඳහා ලෙසට වර නංවා ඇත.නමුත් සත්‍ය ඉන් ඔබ්බට විහිදෙන තත්වයකි. "තීරයක් සහ මාවතක් මුලපිරීම" යනු චීනය සතු ගැලවීමේ සැලැස්මයි. එනම් මධ්‍යම ආසියාව, පකිස්ථානය සහ අග්නිදිග ආසියාව හරහා ගොඩබිම් මාර්ග තැනීමේ උත්සාහයයි. එනම් සම්පූර්ණයෙන්ම මලක්කා සමුද්‍ර සන්ධිය මඟ හරින උපක්‍රමයයි.වෙනත් වචන වලින් පවසන්නේ නම් ඇමරිකානු නාවික බලයට පහසුවෙන් තර්ජනය කළ නොහැකි මාර්ග පද්ධතියක් ගොඩ නැගීමයි.

ගෝලීය වශයෙන් ගත් කළ "තීරයක් සහ මාවතක් මුලපිරීම" ව්‍යාපෘති යටපත් කිරීමට එක්සත් ජනපදය මෙතරම් ශක්තියක් වැය කරන්නේ මේ නිසාය. පකිස්ථානයට එරෙහි සෑම රාජ්‍ය තාන්ත්‍රික පීඩන ව්‍යාපාරයක්ම සහ චීන යටිතල පහසුකම් ආයෝජන පිළිගන්නා රටවලට එරෙහි සෑම සම්බාධක තර්ජනයක්ම මෙන්ම අනෙකුත් සියල්ල සම්පූර්ණ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය ඉලක්ක කර එකම අරමුණකට යොමුව තිබෙන ප්‍රපංචයකි. එනම්, ඉලක්කය චීනය ඇතුළතින් සිර කිරීමය.වඩාත් පැහැදිලිව පවසන්නේ නම් චීනයට ගැලවීමේ මාර්ග ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වන උපාය මාර්ගික ව්‍යාපෘතියකි.

ඉරානයේ වක්‍ර බල ප්‍රහාරය

ඒ අතරම, යුරේෂියාවේ අනෙක් පැත්තේ සිටින ඉරානය ඇමරිකාවේ තවත් දුර්වලතාවක් හඳුනාගෙන ඇත. එනම්, බලශක්තිය මත අමෙරිකාව්නු ආර්ථික දේහයේ පරායත්තතාවය ඉරානය හොඳින් වටහාගෙන ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වැදගත්ම බලශක්ති උගුල් ස්ථාන වලින් එකකි. ලෝකයේ තෙල්වලින් 20% ක් පමණ ප්‍රවාහනය කරන්නේ මෙම මාර්ගයෙනි. ගල්ෆ් රටවල් වන සවුදි අරාබිය, කටාර් රාජ්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කුවේට් රාජ්‍ය යන රටවල ආර්ථිකය සම්පූර්ණයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය වන ඛනිජ තෙල් මත රඳා පවතී. නමුත් එම රාජ්‍ය වල පැවැත්ම තුල වන සැඟවුණු දුර්වලතාවයක් පවතී. එම රටවල් සියල්ල ඔවුන්ට අවශ්‍ය ආහාරවලින් 80-90%ක් අතර ප්‍රමානයක් ආනයනය කරති. ඔවුන්ට ධනය ඇත, නමුත් ජලය හෝ කෘෂිකර්මාන්තය නැත. ඔවුන්ගේ සමස්ත ආහාර සැපයුම මෙන්ම ආර්ථිකයම සම්පූර්ණයෙන්ම ගෝලීය නැව්ගත කිරීම මත යැපෙන තත්වයට පත්ව තිබේ.

ඉරානය සරලව එම ප්‍රවාහන මාර්ගවලට තර්ජනය කළහොත් කුමක් සිදුවන්නේද යන්න ඉතා සරලය. ඉරානයට නැව් ගිල්වීමට අවශ්‍ය වන්නේ නැත. ඉරානයට අවශ්‍ය වන්නේ බියක් ඇති කිරීම පමණි. රක්ෂණ සමාගම් හොමූස් සමුද්‍ර සන්ධිය හරහා වැටී ඇති නැව් මාර්ගය අනතුරුදායක යැයි තක්සේරු කළ පසු, ගෝලීය නැව්ගත කිරීම ස්වයංක්‍රීයවම වැසී යයි. භාණ්ඩ ප්‍රවාහන ගාස්තු පුපුරා යයි. බලශක්ති මිල ඉහළ යයි. කොටස් වෙළඳපොල තුළ සංත්‍රාසය ජනිත වේ.

ඉරානයට ඇමරිකාව හමුදාමය වශයෙන් පරාජය කිරීමට අවශ්‍ය නැත. ගෝලීය ආර්ථික සංත්‍රාසයක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් පද්ධතිය කඩාකප්පල් කිරීම පමණක් අවශ්‍ය වන්නේය. එනම් ඉරානයට අවශ්‍ය වන්නේ සන්ධාන බිඳ දමන සංත්‍රාසයක් පමණි. ගෝලීය ආර්ථික පද්ධතියට සැලකිය යුතු කාලයක් බාධා කිරීමෙන් යුරෝපයේ, ආසියාවේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික භීතියක් ඇති කිරීම පමණක් ඉරානයට ප්‍රමාණවත් වේ. ඒ අනුව ඉහළම උපායික මට්ටමින් සැලකූ කළ ඉරානය සහ අමෙරිකාව අතරේ ඇත්තේ අසමමිතික යුද්ධයකි.

ස්වයංපෝෂිත හා ආරක්ෂිත ඇමරිකාව

මෙහිදී ලේඛනගත උපාය මාර්ගයේ වැදගත්කම පැහැදිලි වේ. RAND Corporation වැනි ඇමරිකානු උපායමාර්ගික ආයතන සහ Zbigniew Brzezinski වැනි චින්තකයන්ට අනුව, එක්සත් ජනපදය ඉදිරි සියවස තුළ පවතිනවාද නැද්ද යන්න තීරණය වන්නේ කරුණු දෙකකට අනුවයි. එනම්, කාර්මික බලය සහ අර්ධගෝලීය පාලනය මත බවයි.

වොෂින්ටනයට අවශ්‍ය වන්නේ බටහිර අර්ධගෝලය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගැනීමටයි.එනම්, කැනඩාව, මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය, කැරිබියන් කලාපය, මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකාව සම්පූරණයෙන්ම තමන්ට නතුව තබා ගැනීමටයි. මන්ද ඇමරිකාව අර්ධගෝලය ආරක්ෂා කර ගතහොත් පමණක් එය "ස්වයංපෝෂිත හා ආරක්ෂිත ඇමරිකාවක්" බවට පත් වේ. එනම්, බලශක්තියෙන් ස්වාධීන, ආහාර වලින් ස්වාධීන, සාගර දෙකකින් හමුදාමය වශයෙන් ආරක්ෂා කරන ලද, සහ ඕනෑම ප්‍රතිවාදියෙකුට වඩා දිගු කලක් ඉදිරියෙන් සිටීමට තරම් ආර්ථික වශයෙන් ස්වයංපෝෂිතවීම මගින් පමණක් ස්වයංපෝෂිත හා ආරක්ෂිත ඇමරිකාවක් ස්ථාපිත වේ.

මෙය අලුත් දෙයක් නොවේ. එය 1823 ඉදිරිපත් වුනු මොන්රෝ මූලධර්මයයි. මොන්රෝ මූල ධර්මය බහු ධ්‍රැවීය ලෝකයක් සඳහා පමණක් යාවත්කාලීන කර ඇත. අලුතින් එක් කළ කරුණ වන්නේ වන්නේ හදිසි අවශ්‍යතාවයයි. මෙම ස්ථාවරය තහවුරු කිරීමේ කවුළුව වැසෙමින් පවතින බව ඇමරිකානු උපාය මාර්ගික විශේෂඥයෝ අව්‍යාජ ලෙස විශ්වාස කරති. ග්‍රීන්ලන්තය, පනාමා ඇළ, මෙක්සිකෝව කෙරෙහි ඇති ආක්‍රමණශීලී ඉරියව්ව අහඹු ජාතිකවාදය නොවේ. මෙය මූලධර්මයක තාර්කික නිගමනයයි. එනම්, පළමුව පදනම ආරක්ෂා කරන්න. ඉන්පසු ශක්තිමත් ස්ථානයක සිට පරිධිය සමඟ සටන් කරන්න.

අත්‍යවශ්‍ය අධිරාජ්‍යය

ඒ සමඟම, එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ එහි මිත්‍ර පාක්ෂිකයින් අධිරාජ්‍ය වෙනුවෙන් කලාපීය වශයෙන් යුද්ධ කිරීමට යොමු කරවීමයි. ඒ අනුව යුරෝපය රුසියාව පාලනය කිරීමට උත්සහා කරයි. ජපානය සහ දකුණු කොරියාව චීනය සීමා කිරීමට උත්සහා කරයි. ඊශ්‍රායලය සහ ගල්ෆ් රාජ්‍යන් ඉරානය සීමා කිරීමට කටයුතු කරමින් සිටියි.

ඒ අනුව, ඇමරිකාව කරමින් සිටින්නේ කුමක්ද? අමෙරිකාව යුද්ධ සඳහා මුදල් සපයයි. අමෙරිකාව ආයුධ අලෙවි කරයි. අමෙරිකාව නැව්ගත කිරීමේ මාර්ග පාලනය කරයි. අමෙරිකාවේ ප්‍රතිවාදීන් කලාපීය ගැටුම් වලදී ස්වයං වෙහෙසට පත් කරවන අතරතුර අමෙරිකාව ආර්ථික හා තාක්ෂණික වාසි උකහා ගනී.

බොහෝ දෙනෙක් සිතන්නේ මෙම යුද්ධ අහඹු යුද්ධ බවයි. ඒවා එසේ නොවේ. යුද්ධ කාර්මික බලමුලු ගැන්වීමක් ඇති කරයි. යුද්ධ ජාතීන් ණය මත යැපෙන්නන් බවට පත් කරයි. යුද්ධ සන්ධාන යැපීමකට බල කරනු ලබයි. රටකට ඇමරිකානු ආයුධ, ඇමරිකානු මූල්‍යකරණය, ඇමරිකානු බුද්ධි තොරතුරු අවශ්‍ය වූ අවස්ථාවේදී එම රට ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට උපායශීලීව බැඳීමට බලකරයි. මෙයයි අමෙරිකාවේ බලය. එය ආක්‍රමණයේ බලය නොව "අත්‍යවශ්‍ය වීමේ" බලයයි.

භූ තැටි

එහෙත්, සමහර විශ්ලේශකයෝ ධවල මන්දිරයට සුසංයෝගී උපායමාර්ගයක් නැතැයි පවසති. එහෙත් එය වැරදි නිගමනයකි. අමෙරිකාව උපායමාර්ගයකට අනුව ක්‍රියාත්මක වේ. ප්‍රශ්නය නම් එය අතිශයින් භයානක වීමයි. කෙනෙකු ලෝකයේ කලාප කිහිපයක් හරහා එකවර පීඩන ලක්ෂ්‍යන් නිර්මාණය කිරීමට පටන් ගත් පසු, අවසානයේ එම ලක්ෂ්‍ය වලින් එකක් සීමාවෙන් බිඳ වැටේ.

ඒ අනුව තායිවාන සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අමෙරිකාව වැරදි ගණනය කිරීමක සිටී. පර්සියානු ගල්ෆ් කලාපයේ අහඹු හමුදා සිද්ධියක් හෝ නැගෙනහිර යුරෝපයේ දේශසීමා සිද්ධියක් මගින් නේටෝ ප්‍රතිචාරයක් ඇති කර සිදුවීම් මාලාවක් ආරම්භ කළ හැකිය. එවැන්නක් ආරම්භ වූ පසු, කිසිවෙකුට ගැටුම අවශ්‍ය නොවුවද, තත්ත්වය ඉක්මනින්ම පාලනයෙන් තොර විය හැකි තත්වයකට වර්ධනය වනු ඇත.

එබැවින් සමහර භූ දේශපාලනික අවදානම් ආකෘතිවලට අනුව, පුළුල් ගෝලීය ගැටුමක සම්භාවිතාව දැන් බියජනක ලෙස ඉහළ මට්ටමකට එළෙඹෙමින් පවතී. ඉදිරි දශකය තුළ එය 80% සීමාවකට ළඟා විය හැකිය.එය එකම නායකයෙකුටවත් තුන්වන ලෝක යුද්ධය අවශ්‍ය නිසා නොවේ. නමුත් දිරිගැන්වීමේ ව්‍යුහයන් එකවරම ප්‍රධාන බලවතුන් සියල්ලන්ම ගැටුම කරා තල්ලු කරන නිසාය.

චීනයට ස්ථිර ආර්ථික හුස්ම හිරකිරීම පිළිගත නොහැකිය. ඉරානයට ස්ථිර වටලෑම පිළිගත නොහැකිය. රුසියාවට එහි දේශසීමා දෙසට අඛණ්ඩ නේටෝ ව්‍යාප්තිය පිළිගත නොහැකිය. එක්සත් ජනපදයට ඩොලර් ආධිපත්‍යය බිඳවැටීම පිළිගත නොහැකිය. මන්ද එලෙස අමෙරිකාවේ ඩොලර් ආධිපත්‍ය බිඳ වැටීම අමෙරිකාවේ සමස්ත ගෝලීය ස්ථාවරයට මුදල් සපයන මූල්‍ය ව්‍යුහය විසුරුවා හරිනු ඇත.

බලවතුන් සිව්දෙනාම එකිනෙකට එරෙහිව චලනය වන භූ තැටි මෙන් ගමන් කරති. පීඩනය ගොඩනැගෙමින් පවතී. ගතවන සෑම වසරකම පීඩනය සාමකාමී ආකාරයෙන් මුදා හැරීම වඩාත් දුෂ්කර තත්වයට පත් වනු ඇත.

පිරිහෙමින් යන බලයක අසරණ උත්සාහය

ඉතිහාසය අපට එක් අවසාන භයානක පාඩමක් උගන්වයි. පරිහානියට පත් වන අධිරාජ්‍යයන් වඩාත් භයානක වන්නේ ඔවුන්ගේ ආධිපත්‍ය මැකී යාමට පටන් ගෙන ඇති බව ඔවුන් තේරුම් ගන්නා මොහොතේ ය. එම අවස්ථාවේදී, ඔවුන් ගණනය කිරීම් කරන්නේ දිගුකාලීන සාමයට සාපේක්ෂව නොවේ. ඔවුන් ගණනය කිරීම් කරන්නේ පැවැත්මට අනුව ය.

තම බලය හෝ තත්ත්වය රැක ගැනීමට ඇති උත්සාහය අසරණභාවයක් ඇති කරනු ඇත. එම අසරණභාවය, දශකයකට පෙරදී සිතාගත නොහැකි අවදානම් ගැනීමට තරම් මිනිසුන් පෙළඹවිය හැකි වනු ඇත.

එවැනි බලාපොරොත්තු සුන්වීමක සේයාවන් මේ වන විට සමස්ත ලෝක පද්ධතිය පුරාම විසිරී ඇති බව නිරීක්ෂණය වේ. හමුදා ගොඩනැගීම්, ආර්ථික සම්බාධක, නාවික යෙදවීම්, වෙළඳ යුද්ධ, හදිසි සන්ධාන ගොඩනැගීම්, සතුරන් සහ ශිෂ්ටාචාර ගැටුම් පිළිබඳ උද්දච්ඡ කතා ඒවා අතර තිබෙන බව ඔබට මේ වන විට පෙනී යනු ඇත. මෙම තත්වය අහඹුවක් නොවේ. එනම් පෙර සූදානම් වීමකි.

බියකරු සත්‍ය නම්, සාමාන්‍ය ජනතාව මේවා හුදකලා සිදුවීම් බවත් ඒවා හුදු යුද්ධයකට හෝ වෙළෙඳ ආරවුලකට ලඝු කිරීමට තවමත් කටයුතු කරමින් සිටිති. නමුත් යථාර්ථයේදී, ඒවා සියල්ලම ත්වරණය වන එක් යෝධ භූ දේශපාලනික පරිවර්තනයක නූල් පටවල් වේ.

ලේඛනය අපට පැවසුවේ කුමක් සිදුවේද යන්නයි. සිතියම අපට පැවසුවේ කොහේද යන්නයි. ආර්ථිකය අපට පැවසුවේ ඇයි ද යන්නයි. එහෙත් ඉතිරිව ඇති එකම ප්‍රශ්නය නම්, මෙම තීරණ ගන්නා නායකයින්ට පද්ධතිය ආපසු හැරවිය නොහැකි තැනකට ළඟා වීමට පෙර ගැටුමට එළඹීමේ ඉමේ සිට ආපසු හැරීමට තරම් විනය සහ ප්‍රඥාව තිබේද යන්නයි.

අවාසනාවකට මෙන්, එම කාරණය සම්බන්ධයෙන් ඉතිහාසය අපට ශුභවාදී වීමට තරම් හේතු ලබා සපයන්නේ නැත.

මහාචාර්ය  Jiang Xueqin යනු චීන-කැනේඩියානු ඉතිහාසඥයෙකු, භූදේශපාලන විශ්ලේෂකයෙකු සහ අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කරන්නෙකි. ඔහු වර්තමානයේ වඩාත්ම කතාබහට ලක්වන භූදේශපාලන විශ්ලේෂක්යෙකුගෙන් කෙනෙකු වන අතර, ඔහු කළ නිවැරදි අනාවැකි හේතුවෙන් මාධ්‍ය විසින් ඔහුව "චීනයේ නොස්ට්රඩාමුස්" ලෙස හඳුන්වයි .

මහාචාර්ය   Jiang Xueqin යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර "Predictive History" නම් YouTube නාලිකාවේ නිර්මාතෘ සහ සත්කාරකයා ලෙස කටයුතු කරයි. ඔහුගේ භූදේශපාලන විශ්ලේෂණ Substack ඔස්සේ ද ප්‍රකාශයට පත් කරනු ලබන අතර "The Diary of A CEO", "Breaking Points"  වැනි ජනප්‍රිය පොඩ්කාස්ට් සහ සාකච්ඡා වැඩසටහන් වලට නිතර ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වේ.මහාචාර්ය ජියැන්ග් සාම්ප්‍රදායික අනාවැකිකරුවෙකු නොවේ. 2024 මැයි මාසයේදී ට්‍රම්ප් නැවත එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වන බව පුරෝකථනය කළ අතර එම අනාවැකිය 2025 දී සැබෑ විය.ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේදී ඉරානය සමඟ මහා පරිමාණ ගැටුමක් ඇති කරන බවට ඔහු අනාවැකි පල කළ අතර 2026 මුල් භාගයේදී එ.ජ. සහ ඉරානය අතර සන්නද්ධ ගැටුම් ඇති විය. ඔහු කළ අනාවැකි සැබෑ වීමත් සමඟ, ඔහුගේ තෙවන අනාවැකිය වන "දිගු යුද්ධයකදී එක්සත් ජනපදය පරාජයට පත්වීම"—දැනට ලොව පුරා දැඩි අවධානයට ලක්ව ඇත .

ඉහත පලවන්නේ "America’s Biggest Geopolitical Gamble Has Started | America Made Most Dangerous Move"  නම් ප්‍රසිද්ධ දේශනය මත පදනම් වූ විශේෂාංග ලිපියයි. සැකසුම ජීවන්ත ජයතිස්ස


සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.