News Category
From Date
To Date
Maximum Number of Result

වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳවට්ටා, රටේ සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදා කළ යුතුයි - විමල් යාපනයේ දී කියයි

Aug 18, 2024 at 06:05 PM
|

වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳ දමා, සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදාකර ගතයුතු බවත් ඒ සඳහා සිංහල, දමිළ, මුස්ලිම් සැබෑ සමගිය වෙනුවෙන් කැපවුණු ලකුණ ‘තරුව’, මෙවර ජනාධිපතිවරණයේදී අප කාගේත් ලකුණ බවට පත්කර ගනිමින් ඊට මුල පිරිය යුතු බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් ඉදිරිපත්ව සිටින සර්වජන බලය අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය පිණිස යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේදී පැවති ජනරැලිය අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මෙම මහජන රැලිය අමතා සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අපේ ලකුණ ජනතාවට මග පෙන්වපු ලකුණක්. ඉදිරියේදී උතුර, දකුණ, නැඟෙනහිර, වතුකරය ඇතුළු මේ රටේ සෑම තැනකම සිංහල, දමිළ, මුස්ලිම් සකල ජනීජනයාට මඟ පෙන්වන ලකුණ වන්නේ ද ‘තරුව’යි. ඒ වගේම දිලිත් ජයවීර සහෝදරයා ජනාධිපතිවරයා බවට පත්කරන ජයග්‍රහණය අප ලබන්නේ ද තරු ලකුණෙනුයි.

ළං වෙන්න බැරි මන්ත්‍රීවරු වෙනුවට…

දැන් පාර්ලිමේන්තුවේ සිටින, ඔබ පත් කරලා යවපු මහජන නියෝජිතයන් යාපනයේදී හමුවෙලා ඔබගේ ප්‍රශ්නයක් කතා කිරීමට පුළුවන්ද? ඔවුන් ඔබට මඟතොටේදී දැකගන්න පුළුවන්ද? අපි දකුණේ මහජන නියෝජිතයන් විදිහට අවම වශයෙන් මසකට වතාවක්වත් මහජන හමුවීම් පැවැත්විය යුතුයි. මහජනයා ඒවාට පැමිණ ඔවුන්ගේ දුක්ගැනවිල්ල අපට කියනවා. අපි ඒවාට ඇහුම්කන් දීලා විසඳිය හැකි සියල්ල විසඳනවා. එහෙම නොවන දකුණේ මහජන නියෝජිතයන්ට කවර පක්ෂයේ වුවත් ඊළඟ වතාවේ ගෙදර යන්න වෙනවා. ඒත් ‘සිංහල – දමිළ ජනතාව ඇනකොටා ගත යුතුයි’ කියා හැමදාම පවසන සුමන්තිරන් ඇතුළු ලේ පිපාසිත පිරිස ඡන්දයෙන් පසුව ඔබව හමුවීමට එනවාද? ඔබට ඔවුන් හමුවීමට පුළුවන්ද? විග්නේෂ්වරන් මහත්තයා ගැන මීට කලිනුත් අදහස් දැක්වූ අය කතා කළා. දශක ගණනාවක් තිස්සේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබපු, විශ්‍රාම වැටුප් ලබපු විග්නේෂ්වරන් මහත්තයෝ ඔබ මේ කතා කරන්නේ කවර ‘ස්වයං පාලනයක්’ ගැනද?

උතුරේ පාසල් ගිනි තැබූ ‘වෙල්ලාල බලය’

උතුරේ ජනතාවට නිදහස් අධ්‍යාපන අයිතිය දුන්නේ කවුද? දකුණට වගේම උතුරටත් නිදහස් අධ්‍යාපන අයිතිය දුන්නේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා. කන්නංගර මැතිතුමා ගෙනාපු නිදහස් අධ්‍යාපන පනත අනුව රට පුරා අලුත් පාසල් හැදුවා. එදා යාපනයේ කුලහීන පිරිස් වෙසෙන ප්‍රදේශවල එහෙම හදපු පාසල් ගිනි තැබුවා. ‘කුලහීනයන්ගේ ළමයින්ට උගන්වන්න දෙන්න බැහැ’ කියමින් ඒ පාසල් ගිනි තැබුවේ කවුද? ‘කුලහීනයා ඉන්න ඕනේ බලවතාගේ සපත්තු ලෙව කාගෙන’ කියන මතය තවමත් ඔළුවේ තියාගෙන උතුරේ ජනතාව පාගාගෙන ඉන්නේ කවුද? ඒ තත්ත්වය අපි වහාම වෙනස් කරන්න ඕනේ. එය සදහටම අතීතය බවට පත්කරන්න ඕනේ.

දිලිත් ජයවීර ජයග්‍රහණය කරවනවා වගේම මේ අරුන් සිද්ධාර්ත් වැනි පීඩාවට පත් වූ ජනයාගේ දරුවන් වැඩිවැඩියෙන් පාර්ලිමේන්තුවට එවන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරයා, සහෝදරිය, අපි වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳවට්ටලා මේ රටේ සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදා කරන්න ඕනේ. සාමාන්‍ය දෙමළ මිනිහාට සිංහල මිනිහාගේ හමෙන් සපත්තු මහන්න හිතුනේ නැහැ. වෙල්ලාල කුලයේ ප්‍රභූ මහත්වරුන්ගේ නෝනලාට නම් එදා ‘සිංහලයාගේ හමෙන් සපත්තු මහන්න’ හිතුණා.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,)

මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

මහ භාණ්ඩාගරයෙන් අතුරුදන්වූ ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධව මේ වන විට මාස 8කට වැඩි කාලයක් ගතවි ඇතත් ඒ පිළිබඳව කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව Free Lawyers සංවිධානය පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) වන විට අතිශය අන්තරායකර තත්ත්වයකට පත්ව ඇත.
පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.
‘නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු‘ යන සිරස්තලයෙන් යුතුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ඔන්ඩෙන්සෙට්‍රෝන් ඇතුළු ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ කාණ්ඩ දහයකට ආසන්න ප්‍රමාණයක් භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර වසරකට ආසන්න කාලයක් ගත වුවද, මේ දක්වා එම ඖෂධ සම්බන්ධ ප්‍රමිති සහතික නිකුත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපතිවරයා අපොහොසත් වී ඇති බව ජාතික සිවිල් පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා රජය වෙන් කරන ලද ප්‍රතිපාදන ජුනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ජනක රාජකරුණා මහතා අනාවරණය කරයි.
මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී ඇතැම් පාර්ශවයන් විසින් විවිධ බාධා කිරීම් සිදුකළ ද, ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය.

ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..

ඊශ්‍රායලයේ සිට මෙරට ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් අප්‍රේල් මාසයේ සිට එක් ආයතනයක සිරවී ඇති බවත්, වැඩිම විදේශ ප්‍රේෂන ප්‍රමාණයක් මෙරටට එවනු ලබන්නේ ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.

සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අවස්ථාවක් උදාවී ඇතැයි තමන් දන්නා පරිදි වාර්තා වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පළමු වරට අනාවරණය කර තිබෙනවා.

ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහරදීමත් සමග අස්ථාවර වූ ලෝක ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්නොවී ඇති පසුබිමක ලෝකයම මේ වන විට බලශක්ති අර්බුදයක සිරවී සිටින බවත්, අමෙරිකාව සහ චීනය අතර ඇති වී තිබෙන බල ඝට්ටනයද ලෝකයේ අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි

සුරේෂ් සලේ යනු අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙකු බවත්, එනිසාම ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් කිසිඳු ගාස්තුවක් අය නොකර ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි

රජයේ භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකීම දැරිය යුතු බවට මහා භාණ්ඩාගාරය සකස් කළ වාර්තාවක දක්වා ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇත.

සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ බවත්, එහෙත් ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.