ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (12)පැවති සාකච්ඡාවෙන් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවත්, එම සාකච්ඡාවෙන් පසු තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.
තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංගමසේ සභාපතිවරයා,
"අපේ ස්ථාවරය ගැන ජනාධිපතිතුමාට කතා කළා. පළමු වතාවට අපි ජනාධිපතිතුමාව මේ සම්බන්ධයෙන් හමුවුණේ. අපි කාලෙකට ඉස්සෙල්ලා සාකච්ඡාවක් ඉල්ලලා තිබුණා.
අපි පැහැදිලි කරලා දුන්නා වෘත්තිය විනිසුරුතුමන්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ඇයි කියලා. මේ සාකච්ඡාවට අපේ විසි ගානක් හිටියා. ජනාධිපති නීතිඥවරු, නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු, මහාචාර්යවරු.
අපි එතුමාට පැහැදිලි කරා අපේ ස්ථාවරය. එතුමත් එතුමාගේ අදහස අපට කිව්වා. අපි අන්තිමට ඉල්ලීමක් කරා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුත්තේ කියලා.
මේක කවුරුත් කාටවත් විරුද්ධ සටනක් නෙමෙයි. අදහස් පැති දෙකකින් ඉදිරිපත් වුණා. නීතිඥ සංගමයයි, නීතිඥ වෘත්තියේ මතයත්. අනිත් පැත්තෙන් ජනාධිපති ජනාධිපතිතුමාගේ අදහසත්.
අපි බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක්. නීතිඥ සංගමය විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා. මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා. වෙන වෙන වාර්තා අපි ඉදිරිපත් කරලත් තියෙනවා. ඒවා හදපු අයත් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාගේම අදහස් අරන් මේ තීරණය ගැන නැවත හිතලා බලලා, හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා.
අද හොඳ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් අපි බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තියෙනවා. ඒකට විරුද්ධ වෙලා ඒක වැරදියි කියන එක අපේ අයිතිවාසිකම."
මූලාශ්‍රය - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා