ඉන්දීය අක්ෂි දියර වර්ග එකොළහක් භාවිතයෙන් ඉවතට..
ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
ඉන්දියාවේ අක්ෂි වෛද්‍යවරුන් 27,000කට අධික පිරිසක් නියෝජනය කරන 'සමස්ත ඉන්දියානු අක්ෂි වෛද්‍ය සංගමය' (AIOS) මගින් සිදුකළ පරීක්ෂණවලදී, අදාළ ඖෂධ කාණ්ඩ තුළ 'සියුඩොමොනාස්' (Pseudomonas) නමැති බැක්ටීරියාව අඩංගු බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත. මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් හෝ ඇසට ඇතුළු වීමෙන් බරපතළ අක්ෂි ආසාදන මෙන්ම පෙනීම අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ඒ අනුව සමාගම විසින් බෙදාහරින්නන් වෙත නිවේදනය කර ඇත්තේ Depopred 2ML, Brinolar (BKC FREE), Brinzotim Eye Drops 5ML BKC FREE, Lotepred-5ML, Lotepred 1%, Lotepred LS 0.2%, Lotepred T, Nepalact OD Eye Drops 3ML, Nepalact-Z, Toba-F සහ Nepalact E/D 5ML යන අක්ෂි දියර වර්ග අලෙවිය වහාම අත්හිටුවා නැවත භාරදෙන ලෙසයි.
කෙසේ වෙතත්, මෙම ඖෂධ බොහොමයක් ග්ලුකෝමා තත්ත්වයන් සහ අක්ෂි සැත්කම්වලින් පසු භාවිතයට නියම කරන ඒවා බැවින්, දැනට මෙම අක්ෂි දියර භාවිතා කරන රෝගීන් එකවරම භාවිතය නතර නොකර වහාම තම අක්ෂි වෛද්‍යවරයා හමුවී විකල්ප ඖෂධ ලබාගත යුතු බව විශේෂඥ වෛද්‍යවරු උපදෙස් දෙති.
මෙම ඖෂධ වර්ග කිහිපයක් ශ්‍රී ලංකාවේ රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද බහුලව භාවිත වන බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ පිළිබඳව වහාම පරීක්ෂා කර අදාළ ඖෂධ කාණ්ඩ මෙරට වෙළඳපොළේ පවතින්නේ නම් ඒවා ඉවත් කිරීමට කඩිනම් පියවර ගත යුතු බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අදහස් දක්වමින් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන