ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
නොවැම්බර් මස අගදී මෙහෙයුම ආරම්භ කළ USS Abraham Lincoln නෞකාවේ රාජකාරියේ නිරත නාවිකයන්ගේ ජීවන තත්ත්වය සහ මානසික සෞඛ්‍යය පිළිබඳව එම නාවිකයන්ගේ පවුල් වල සාමාජිකයන් දැඩි කනස්සල්ල පළ කර තිබේ. නෞකාවේ මෙහෙයුම් කටයුතු මැයි මාසයේදී අවසන් කිරීමට අපේක්ෂා කර තිබුණද, මේ වන විට නිශ්චිත අවසන් දිනයක් නොමැතිව මෙහෙයුම් කාලය දීර්ඝ කර තිබේ. නැවත සැපයුම් ලබා ගැනීම, නඩත්තු කටයුතු සහ විවේකය සඳහා නෞකාව දිගු කාලයක් සාමාන්‍ය වරාය සංචාරවලින් තොරව ක්‍රියාත්මක වී ඇති බවද වාර්තා වේ.
අඟහරුවාදා Military Times වෙත අදහස් දක්වමින් ඇනබෙල් ලෝමා පැවසුවේ, තම සැමියා නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව නෞකාවේ ඔම්බුඩ්ස්මන්වරයා තමන්ට දැනුම් දුන් බවයි.
“ඔහු සිතන්නේ තමන්ට අගෞරවනීය ලෙස සේවයෙන් පහ කිරීමක් සිදුවනු ඇති බවයි. ඒත් ඔහු එසේ කළේ සම්පූර්ණයෙන්ම වෙහෙසට පත්ව සිටි නිසා,” යැයි ඇය පැවසුවාය.
තවත් නාවිකයෙකුගේ බිරිඳk වන මාරියා රොඩ්රිගස් පැවසුවේ, වෙනම සිදුවීමකදී තම සැමියා මැදිහත් වී, තම සගයකු නෞකාවෙන් මුහුදට පැනීම වැළැක්වූ බවයි.
Stars and Stripes වාර්තාවකට අනුව, සක්‍රීය සේවයේ නිරත නාවිකයන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් නෞකාව තුළ පැවති අඳුරු වාතාවරණයක් පිළිබඳව විස්තර කර තිබේ. සියදිවි නසා ගැනීමේ සිතුවිලි පිළිබඳ වාර්තා මෙන්ම, අවම වශයෙන් එක් කාර්ය මණ්ඩල සාමාජිකයකු නෞකාවෙන් මුහුදට පැනීමෙන් වළක්වාගත් සිද්ධියක්ද ඔවුන් සඳහන් කර තිබේ.
“අපි මෙහෙයුම ආරම්භ කළ දා සිටම නිරන්තරයෙන් ගමන් කරමින්, විවේකයක් නොමැතිව වැඩ කරමින් සිටියා,” යැයි එක් නාවිකයෙකු එම මාධ්‍යයට පවසා තිබේ. මෙහෙයුම ආරම්භයේදී ඉහළ මට්ටමක පැවති නාවිකයන්ගේ මානසික උද්යෝගය මේ වන විට පහත වැටී ඇති බවද ඔහු සඳහන් කළේය.
MS NOW පසුගිය සතියේ වාර්තා කළේ, පවුල් සාමාජිකයන්ට අනුව කාර්ය මණ්ඩලය ආහාර හිඟයකට මුහුණ දී ඇති බවත්, නෞකාවේ වෙළඳසැලේ දන්තාලේප, සබන් සහ ඩියෝඩරන්ට් වැනි මූලික භාණ්ඩ පවා නිතර හිඟ වී ඇති බවත්ය.
ඇමරිකානු නාවික හමුදාව සඳුදා නිකුත් කළ නිවේදනයක සඳහන් කළේ, “සෑම නාවිකයෙකුගේම මානසික සූදානම අඛණ්ඩව අධීක්ෂණය කර පවත්වාගෙන යාම සඳහා නිරන්තර ඇගයීම් සිදු කරන” බවයි.
වැඩබලන නාවික හමුදා ලේකම් හන්ග් කාඕ පැවසුවේ, USS Theodore Roosevelt ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායම Lincoln නෞකාව වෙනුවට රාජකාරි භාර ගැනීමට සූදානම් වෙමින් සිටින බවයි. කෙසේ වෙතත්, මෙහෙයුම් ආරක්ෂාව හේතුවෙන් ඒ සඳහා නිශ්චිත කාලසටහනක් ඔහු හෙළි නොකළේය.
ඇමරිකාව සහ ඊශ්‍රායලය පෙබරවාරි 28 වැනිදා ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළේ ගුවන් ප්‍රහාර රැල්ලක් එල්ල කරමිනි. කෙසේ වෙතත්, ඉරානය එම දැඩි ප්‍රහාරවලට ඔරොත්තු දී ඇති අතර, අත්‍යවශ්‍ය හෝමුස් සමුද්‍ර සන්ධිය බොහෝ නාවික ගමනාගමනය සඳහා තවමත් වසා තිබීමත් සමඟ සාම සාකච්ඡා ද බොහෝ දුරට ඇණහිට තිබේ.
මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද්ධය ඇමරිකානුවන් අතර අඛණ්ඩව ජනප්‍රිය නොවූ බවයි. අඟහරුවාදා නිකුත් කළ Economist/YouGov සමීක්ෂණයකට අනුව, ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කිරීමේ ප්‍රතිශතය සියයට 33 දක්වා පහත වැටී තිබේ. එය 2025දී නැවත ධුරයට පත්වීමෙන් පසු YouGov විසින් වාර්තා කළ ඔහුගේ ක්‍රියාකලාපය අනුමත කිරීමේ අඩුම මට්ටම බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..