ඉරානය ළඟදීම බ්‍රික්ස් (BRICS) නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින්..
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
මෙම සාමාජිකත්වය හිමිවීමත් සමඟ බ්‍රික්ස් කලාපීය රටවල් අතර මූල්‍ය සහයෝගීතාව තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, ඇමෙරිකානු ඩොලරය වෙනුවට ජාතික මුදල් ඒකක භාවිතයෙන් ගනුදෙනු පියවීමේ ක්‍රමවේදය වර්ධනය කිරීමටත් ඉරානය බලාපොරොත්තු වේ.
බ්‍රික්ස් සාමාජික රටවල නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, බ්‍රික්ස් සංවිධානයේ වැදගත්ම සහ සාර්ථකම ප්‍රතිඵලය වන්නේ මෙම නව සංවර්ධන බැංකුව පිහිටුවීම බවයි.
"මුදල්, බැංකු සහ ඩිජිටල් ආර්ථික ක්ෂේත්‍රවල බ්‍රික්ස් සාමාජික රටවල් අතර සාර්ථක සහයෝගීතාවයක් මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. නුදුරු අනාගතයේ දීම අපගේ රටද එහි සාමාජිකයෙකු බවට පත්වීමට නියමිතයි," යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව, මුදල් හා බැංකු ක්ෂේත්‍රයේ වඩාත්ම සක්‍රීය හුවමාරුවක් පවත්වාගෙන යන රටවල නියෝජිතයින් හමු වී සාකච්ඡා කිරීමට ලැබෙන ප්‍රධාන අවස්ථාවක් බව පෙන්වා දුන් ඉරාන මහ බැංකු අධිපතිවරයා, මෙම සබඳතා හරහා කලාපීය මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?