චම්පිකගේ ලැජ්ජා නහරය ගිය සතියේ සැත්කමකින් ඉවත් කරලා... ලැජ්ජා නැතිකම චම්පිකටත් වඩා උසයි - උදය ගම්මන්පිල
සජිත් ප්‍රේමදාසට ඡන්දය නොදිය යුත්තේ ඇයි දැයි දැනගන්න අවශ්‍ය නම් රටේ ජනතාව කළ යුත්තේ පාඨලී චම්පික රණවක පසුගිය වසර දෙක තුල කී කතා ඇසීම බවත්, චමිපිකට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියා දැන ගන්න අවශ්‍ය නම් කල යුත්තේ ඉදිරි මාස එකහමාරේදී චම්පික සජිත් ගැන කියන කතා ඇසීම බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී පැවති සර්වජන බලය මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පල කලේය.
"සර්වජන අපේකෂක ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීර මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි ලෙස උදය ගම්මන්පිල වන මාව පත් කර තිබෙනවා. ඒ වගේම මාධ්‍ය ප්‍රධානි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ මැතිතුමාවත් මාධ්‍ය ප්‍රකාශක ලෙස තරුණ මාධ්‍යවේදියෙකු වන දනිඳු විතානවසම් මහතාවත් පත් කර තිබෙනවා.
දිලිත් ජයවීර මැතිතුමාගේ ජය සහතික කරන ප්‍රචාරක රැළි මාලාවේ මංගල රැළිය අගෝස්තු 17 වන සෙනසුරාදා යාපනයේ රක්කා පාර පිට්ටනියේ පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා. ජාතික මට්ටමේ දේශපාලන සංධානයක් යාපනයෙන් සිය ජනපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. අපි යාපනයට යන්නේ ජාත්‍යන්තර බලවේග වලට උවමනාවට සිංහල දෙමළ ජනතාව අතර භේදය වෛරය වපුරලා මේ රට දෙපළු කරලා යාපනය වෙනත් රටක ප්‍රධාන නගරය කරන්න දරපු උත්සාහය පරාජය කරන්න අපි දායක වුණු නිසා. මේ රට අත්හැර ගිය පිරිසකගේ මුදල් වලින් ජාත්‍යන්තර බලවේග වල මුදල් වලින් හැමදාමත් ජාතිවාදය වපුරලා පාර්ලිමේන්තු එන දෙමළ ජාතික සංධානයේ ජාතිවාදි දේශපාලනය පරාජය කිරීම අවශ්‍ය නිසා.
ඉදිරියේ දී රට පුරා පැවැත්වෙන රැළි වල දී දිලිත් ජයවීර මැතිතුමා අනෙකුත් අපේක්ෂකයින්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දිලිත්ගේ මැතිවරණ ප්‍රකාශනය වෙනස්. ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ වගවීම වෙනස්. තමන් දුන් පොරොන්දු ඉටු නොකලොත් නඩු පවරන්න අවස්ථාව ජනතාවට ලබා දෙන බව කියන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ රට හදන දැක්ම වෙනස්. භෞතික සංවර්ධනයෙන් නොනැවති මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති සතුටු දැයක් හදන බව කියන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ උපාය වෙනස්. ව්‍යවසායක රාජ්‍යයක් හරහා රට හදන බව කියන්නේ දිලිත් විතරයි. කෙටියෙන් කිව්වොත් අනිත් අපේක්ෂකයින්ට සාපේක්ෂව දිලිත්ගේ හැමදේම වෙනස්.
ගෙඹි ලෝක වාර්තාව චම්පික අළුත් කරයි. ලැජ්ජා නැති කම චම්පිකටත් වඩා උසලු
ලෝක ශූරයින්ගේ වැදගත් චරිත ලක්ෂණයක් තමයි තමන්ගේ වාර්තා වෙන කෙනෙකුට බිඳින්න ඉඩ නොතබා තමන්ම අළුත් කරන එක. අන්න ඒ වගේ ලෝක ශූරයෙක් තමයි චම්පික රණවක මැතිතුමා. එතුමාට හිමි ලෝක වාර්තාව වැඩිම වතාවක් පිලෙන් පිලට පැනීමේ ගෙඹි ලෝක වාර්තාව. 1987 දී ජනතා විමුක්ති පෙරමුණ අත්හැර චින්තන පර්ෂදයට පැනීමේ සිට මේ දක්වා 17 වතාවක් පිල් පැනලා තිබුණා. නැවත සමගි ජන සංධානයට එකතු වීම 18 වන වතාවට පිල් පැනලා තමන්ගේම වාර්තාව අළුත් කිරීමක්. මේ වාර්තාව නැවත කඩනවා නම් කඩන්න පුළුවන් චම්පිකට විතරයි. මේ තරම් දක්ෂ පිල් පැනීමේ ශූරයෙක් සමස්ත ලෝකයේම බිහි වෙලාත් නෑ. බිහි වෙන්නෙත් නෑ.
එතුමා නිල වශයෙන් පැන්නේ නැතත් පසුගිය කාලයේ හිටියේ ආණ්ඩුවත් එක්ක. ආණ්ඩුවෙන් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ලෙස නම් කලේ ඒ නිසා. ආණ්ඩුවේ අනිත් මන්ත්‍රිවරුන්ට විමධ්‍යගත අරමුල් කෝටි 5ක් ලැබෙන කොට ජනාධිපතිගේ සුරතලෙක් විධියට මෙතුමාට කෝටි 11ක් ලැබුණා. ආණ්ඩුවෙන් ලාභ ප්‍රයෝජන ගත් විපක්ෂයේ පක්ෂ නායකයින් මැතිවරණය ප්‍රකාශයට පත් කළාම ජනාධිපතිවරයාට සහය පල කළා. අන්තිම මොහොත වන තුරුම ආණ්ඩුවෙන් ප්‍රයෝජන අරගෙන සජිත්ට සහය පල කලේ ප්‍රතිපත්තියක් ලැජ්ජාවක් කියන දෙකම නැති චම්පික විතරයි. ඒ නිසා කතා කරපු ගනුදෙනු වල ඉලක්කම් එහෙට මෙහෙට වෙන්න ඇති කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.
පසුගිය වසර දෙක තුලම චම්පික කලේ රනිල් වර්ණනා කරමින් සජිත්ට බැට දෙන එක. එතුමාගේ මුහුණු පොතෙන් මකා දාන්න කලින් අපි අපූරු පෝස්ට් සහිත වීඩියෝ කිහිපයක් පිටපත් කර ගත්තා. “බාල ටිං ටිං උත්තර දෙන නායකයින්ට අහු වෙන්න එපා. පාඨලීගෙන් සජිත්ට කනේ පහරක්”. “සමගි ජන බලවේගය ගැන බලාපොරොත්තු තියා ගන්න බෑ. රනිල් වික්‍රමසිංහට අපි අවස්ථාවක් දෙනවා”. “සංකීර්ණ ප්‍රශ්න වලට සජිත් දෙන ටිං ටිං උත්තර”. “අපේ කතා කැපුවේ වෙන කවුරුත් නොවෙයි සජිත්. සජිත් අපේ වෙලාවත් අරගෙන කතා කරනවා. සජිත් වගේ අය පස්සෙන් ගිහින් මට පුරුදු නෑ”. “තාත්තලා ගැන කියලා පුත්තු මනින්න එපා. පාඨලී සජිත්ගේ රෙදි ගලවයි”. මේ වෙන කවුරුවත් හදපුව නෙවෙයි. රණවකයානෝ විසින්ම සකසා රණවකයානෝගේම සමාජ මාධ්‍යවල දමා තිබූ වීඩියෝ පට. සජිත් ප්‍රේමදාසට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියලා දැනගන්න ඕනේ නම් රටේ ජනතාව රණවකයානෝ පසුගිය වසර දෙක තුල කී කතා ඇසීමයි. චමිපිකට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියලා දැන ගන්න ඒනේ නම් කල යුත්තේ ඉදිරි මාස එකහමාරේදී චම්පික සජිත් ගැන කියන කතා ඇසීමයි.
මෙහෙම කියපු චම්පික සජිත්ට එකතු වුණා කිව්වාම ජනතාවට හිතෙන්නේ. එක්කෝ සජිත් මැරිලා ඉපදිලා. නැතිනම් චම්පික මැරිලා ඉපදිලා. එහෙමත් නැතිනම් අපි මැරිලා ඉපදිලා. ඒ එකක්වත් නොවේ වෙලා තිබෙන්නේ. චම්පිකගේ ලැජ්ජා නහරය ගිය සතියේ සැත්කමකින් ඉවත් කරලා. ඔන්න ඕකට තමයි කියන්නේ ලැජ්ජා නැතිකම චම්පිකටත් වඩා උසයි කියලා."
පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ, දනිඳු විතානවසම් මහත්වරැන්ද මෙහිදී අදහස් දැක්වීය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්