බලය බෙදන්නේ කවුද?,... අපේ සහයෝගය එයාට - TNA තීන්දුවක් ගනී
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ බලය බෙදීමේ කාර්ය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පිළිගන්නා ජනාධිපති අපෙක්ෂකයාට සිය පක්ෂයේ සහය ලබාදීමට සලකා බැලිය හැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා සිටියේය.
මන්ත්‍රීවරය මේ බවසා සිටයේ වවුනියාව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවස සිටියේ,
‘අපි අද පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රැස්වුනා. එහිදී අපි ප්‍රධාන කාරනා දෙකක් සකච්ඡා කරා එකක් තමයි අපේ පක්ෂයට එරෙහිව ත්‍රීකුණාමලය දිස අධිකරණයේ පැවත්වෙන නඩුව සම්බන්ධයෙන්
අනිත් කාරණව තමයි මෙවර ජනාධිපතිවරණයේදී අපි කාටද සහය දක්වන්නේ කියන කාරණව ගැන. මේ වෙනකොට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකින් අරියනේද්‍රන් මහතා පොදු අපෙක්ෂකය වශයෙන් ඉදිරිපත් කරලා තියෙනව. අපි ඒ ගැනත් සකච්ඡා කලා.
නමුත් දෙමළ ජනතාවගේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය වන අපේ පක්ෂය විසින් එකතුවෙලා තියෙන උතුරු නැගෙනහිර පලාතේ බලය බෙදාහරින්න ඔින කියන එක තමයි අපි නිතරම කියලා තියෙන්නේ. මේක අපි අද හැම ජනාධිපති අපෙක්ෂකයෙකුටද දැනුම් දෙනවා.ඊට පස්සේ අපි ඒ අයගේ පිළිතුරු මොනාද කියල බලන් ඉන්නවා. ඒ වගගේම අපි දැන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකියන් තුන් දෙනත් සමග සාකච්ඡා කරලා තියෙන්නේ. අපි ඒ අයට මේ ගැන කියලා තියනවා.
ඉතිං අපි අපේ ස්ථාවරය කියලා තියෙන්නේ. අපේ ස්ථාවරයට කව්රු හරි ඒකඟ වෙනවනම් ඒ කෙනාට අපි සහය දෙන ක්‍රියාවලියට සලකා බලන්න සූදානම්.
ඒ වගේම පොදු අපෙක්ෂකය වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අරියනේන්ද්‍රන් මහතා අපට නොකියා ඉදිරිපත් වීම ගැන ඒතුමන්ගෙනුත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අපි සතියක කාලයක් එතුමට ලබාදෙනවා’ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්