වඩ්ඩමාන පබ්බත විහාරය සම්බන්ධ නඩුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුව
අද දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වඩ්ඩමාන පබ්බත විහාරය සම්බන්ධව වූ SCFR 133 / 23 නඩුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගරු ඒ එම් ඩී නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දී, ඉන් අනතුරුව පහත සඳහන් කොන්දේසිවලට යටත්ව නඩුව සමථයකට පත් කරන ලදී.
ඉන් කිහිපයක් වන්නේ, වඩ්ඩමාන පබ්බත විහාරය සහිත භූමි ප්‍රදේශය, පුරාවිද්‍යා භූමියක් ලෙස එහි කිසිදු වෙනස් කිරීමක්, විනාශයක්, සිදු නොකොට පවත්වාගත යුතු බවත්; ඉහත කොන්දේසියට යටත්ව සියලු ආගමික වැසියන්ට ආගමික නිදහස සුරක්ෂිත විය යුතු බවත්; වඩ්ඩමාන පබ්බත විහාරයට අදාළ සියලුම මහේස්ත්‍රාත් නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා සොයා බලා කඩිනමින් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාදීමටත්, ඊට අදාල අනෙකුත් පියවර ගැනීමටත්; මෙම කොන්දේසි යම් පාර්ශ්වයක් කඩකලහොත් දැඩි නීතිමය පියවර නීතිපතිවරයා පියවර ගතයුතු බවටත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ධනූෂි කළුපාන සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන වේරදුවගේ මහතා පෙනී සිටි අතර, ගරු නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නවාවි මහතා පෙනී සිටිය අතර, 22 හා 23 වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනගීෂ්වරන් මහතාත්, ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ මදුමාලි අල්විස් මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත සිරිවර්ධන මහතාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වෙනුවෙන් නීතිඥ රාජා ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතාත් පෙනී සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්