වඩ්ඩමාන පබ්බත විහාරයට ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නියෝග කරන ලෙස ඉල්ලා පැවරූ නඩුව සලකා බැලීම හෙට
වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කර්ණිහි පිහිටා ඇති ඓතිහාසික වඩ්ඩමාන පබ්බත විහාරයේ ආරක්ෂාව තොරතුරු දන්වා තිබියදීත් කඩකර, පුරාවිදයාත්මක වටිනාකමක් ඇති එම විහාරයට බලහත්කාරයෙන් ඇතුළුවී සිදුකළ විනාශය වැළැක්වීමට අපොහොසත් වීමෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නියෝගයක් කරන මෙන් ඉල්ලා පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුව (SC FR Application 133/23) සලකා බැලීමට 2024 අගෝස්තු 09 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විනිසුරු A.H.M.D නවාස්, A.L ශිරාන් ගුණරත්න හා විනිසුරු අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දී විභාගයට ගැනීමට නියමිත ය.
මෙහි පෙත්සම්කරුවන් වනුයේ පූජ්‍ය ගල්ගමුවේ ශාන්ත බෝධි හිමි, බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල ද සිල්වා මහතා, ශෙනාලි ඩී. වඩුගේ මහත්මිය, ඉස්ලාම් බැතිමතියක වන ජෙහාන් හමීඩ් මහත්මිය, කතෝලික බැතිමතෙකු වන ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා හා ජෙ. එම්. යූ. ජයසිංහ බණ්ඩාර වෙද මහතාය.
වගඋත්තරකරුවන් ලෙස විදුර වික්‍රමනායක අමාත්‍යවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අදාළ ප්‍රදේශයේ වගකිවයුතු පුරාවිද්‍යා නිලධාරින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ අදාළ ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරින්, වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ ප්‍රදේශයේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්, ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා, තොණ්ඩමන් අමාත්‍යවරයා, ඇතුළු 27 දෙනෙකු නම්කර ඇත.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ දර්ශන වේරදූවගේ මහතා ප්‍රමුඛ ධනුෂි කළුපහන මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටිති.
වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නවාවි මහතා, ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා සහ ජනාධිපති නිතිඥ කනිකේෂ්වරන් මහතා පෙනී සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්