News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් රාජධානියේ සිවිල් යුද්ධයක් ඇති වීම වැලැක්විය නොහැකියි -එලොන් මස්ක්

Aug 7, 2024 at 10:56 AM
|

එක්සත් රාජධානිය සිවිල් යුද්ධයකට තල්ලුවීමේ අවදානමකට ලක්ව ඇති බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කරන්නේ රට තුළ පවතින සංක්‍රමණ විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී බවට පත්ව ඇති බව පෙන්වා දෙමිනි.

එංගලන්තයේ සවුත්පෝර්ට් හිදි පිහි ප්‍රහාරයකින් ළමයින් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් පසු ලිවර්පූල්, නොටින්හැම්, ලීඩ්ස්, බෙල්ෆාස්ට්, ස්ටෝක්-ඔන්-ට්‍රෙන්ට්, බ්ලැක්පූල් සහ හල් ඇතුළු එක්සත් රාජධානියේ නගර කිහිපයක් තුළ ගැටුම්කාරි තත්වයන් වර්ධනය විය. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුවන්ඩාවේ දෙමාපියන්ට දාව බ්‍රිතාන්‍යයේ උපන් 17 හැවිරිදි ඇක්සෙල් රුදකුබානා නම් තරුණයෙකු විසිනි. සිද්ධියෙන් පසු අපරාධකරු බෝට්ටුවෙන් බ්‍රිතාන්‍යයට පලා ගිය සිරියානු සංක්‍රමණිකයෙකු බවට අන්තර්ජාලය පුරා ව්‍යාජ තොරතුරු පැතිර යමින් තිබේ.

මෙම ඛේදවාචකය නොයෙකුත් විරෝධතාවලට තුඩු දී ඇති අතර, විරෝධතා සියල්ලම ප්‍රචණ්ඩකාරී නොවූවද, මෝටර් රථ පුළුස්සා දැමීම් ,ගොඩනැගිලිවලට හානි සිදු කිරීම් ආදිය දක්නට ලැබුණි. පෙලපාලිකරුවන් සංක්‍රමණ විරෝධී සහ ඉස්ලාම් විරෝධී සටන් පාඨ කියමින්, ගිනි තැබීම් සහ රතිඤ්ඤා පත්තු කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලය පුරා සංසරණය විය. සමහර ක්‍රියාකාරීන් පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සියගණනක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සහ නිතිය බලාත්මක කරන නිලධාරීන් තුවාල ලබා ඇත.

එක්සත් රාජධානියට විශාල ප්‍රමාණයේ සංක්‍රමණ සහ විවෘත දේශසීමා ප්‍රතිපත්තිය අනුගමනය කිරීම  නිසා අවුල් සහගත තත්වයක් ඇතිව තිබෙන බව අදහස් දැක්වූ  සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් මුදා හරින ලද නොසන්සුන්තාව පෙන්නුම් කරන X (කලින් ට්විටර්) හි වීඩියෝවක් පිළිබඳව අදහස් දක්වමින් එංගලන්තයේ “සිවිල් යුද්ධය වැළැක්විය නොහැකිය” මස්ක් පැවසුවේය. 

ස්වදේශ ලේකම් ‍Yvette Cooper අනතුරු ඇඟවූයේ "අපේ වීදිවල සාපරාධී ව්‍යාකූලත්වයට සහ ප්‍රචණ්ඩ මැරකම්වලට සම්බන්ධ අයට මිල ගෙවීමට සිදුවනු ඇති "අතර" හැකි ප්‍රබලම දඬුවම්වලට" මුහුණ දීමට සිදුවනු ඇති බවයි. මීට මාසයකට අඩු කාලයකට පෙර තනතුර භාරගත් අගමැති කීර් ස්ටාර්මර්ගේ කාර්යාලය පැවසුවේ එක්සත් රාජධානියේ රජය “අපගේ වීදි ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට සහාය දෙන” බවයි.

සවුත්පෝට් ප්‍රහාරයේ අපරාධකරු සංක්‍රමණිකයෙකු බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් රුසියාව විරෝධතාවලට ඉන්ධන සැපයීමට උත්සාහ කරන බවට MI6 ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා වන Richard Dearlove සාක්ෂි නොමැතිව කියා සිටියේය. රුසියාවට සම්බන්ධ බව කියන Channel3 Now වෙබ් අඩවිය මගින් මෙම අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවද ඔහු පැවසීය. X හි Channel3 Now පිටුවට අනුගාමිකයින් 3,000ක් පමණ ඇත.

ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එම ප්‍රකාශයන් “අපයෝජකයා තම ගොදුරේ මනස තුළ ස්වයං සැකය සහ ව්‍යාකූලත්වය වැපිරීමට උත්සාහ කරන මානසික අපයෝජන හෝ උපාමාරු ආකාරයක්” ලෙස ප්‍රතික්ෂේප කළේය. “පෙර නොවූ විරූ සරණාගත ප්‍රවාහයන් ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවල් සහ කලාප” අස්ථාවර කිරීමට උදව් කළ අය අතර Richard Dearlove ද සිටින බවද  පැවසීය.

Channel3 Now පුවත් වෙබ් අඩවිය සිද්ධියට සම්බන්ධ සැකකරු පසුගිය වසරේ බෝට්ටුවකින් එක්සත් රාජධානියට පැමිණි බව කියන සරණාගතයෙකු වන අලි-අල්-ෂකාටි ලෙස නම් කර තිබුණි. ඔහු "MI6 නිරීක්ෂණ ලැයිස්තුවේ සිටි අතර ලිවර්පූල් මානසික සෞඛ්‍ය සේවාව වෙත යොමු කළ අයෙකු බවද වාර්තාවේ. විශේෂයෙන්ම ඇමරිකාවේ වෙඩි තැබීම් සම්බන්ධයෙන් ආවරණය කිරීම සඳහා විශේෂඥයෙකු ලෙස පෙනී සිටින Channel3 Now - පසුව ඒවා මකා දැමීමට කටයුතු කරණු ලබයි. වෙබ් අඩවිය බොහෝ විට ව්‍යාජ තොරතුරු වෛරල් කිරීමට කරන ව්‍යාජ වෙබ් අඩවියක්  ලෙස පෙනී යයි.

Channel3 Now 2023 දී ලිතුවේනියානු වෙබ් අඩවියක් යටතේ ලියාපදිංචි වී ඇති අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එයට “ජේම්ස් ලෝලි නම් තනි නම් කර්තෘවරයෙක් සිටින බවත්, ඔහුගේ ළින්කෙඩෛන් ගිණුමේ සඳහන් වන්නේ ඔහුට කැනඩාවේ Nova Scotia හි ගෙවතු වගා සමාගමක් අයත්ව තිබෙන බවයි. වෙබ් අඩවියේ හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු නිර්නාමිකව තිබෙන අතර මැසචුසෙට්ස් පදනම් කරගත් පුවත් සේවාවක් හරහා මෙහෙයවනු ලැබේ.

යුරෝපා සංගමය මෙන්ම, බ්‍රිතාන්‍යය ද වසර කිහිපයක් තිස්සේ සංක්‍රමණිකයන් ගලා ඒම සමඟ පිළිබඳව අරගල කරමින් සිටී. 2023 ජූනි මස වන විට,ඊට පෙර මාස 12 තුළ බ්‍රිතාන්‍ය වෙත ශුද්ධ සංක්‍රමණිකයන් ගණන නිල සංඛ්‍යා ලේඛන අනුව 685,000 ක් වූ අතර, යුරෝපා සංගම් නොවන ජාතිකයන් පස්දෙනා ඉන්දියානු (253,000), නයිජීරියානු (141,000), චීන (89,000), පකිස්ථානු (55,000) සහ යුක්රේනියානු (35,000) ජාතිකයන් ලෙස එම ගණන බෙදී යයි.

UK civil war ‘inevitable’ – Musk


සම්බන්ධිත පුවත් | Related News

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.