News Category
From Date
To Date
Maximum Number of Result

බැසිල් ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො ටික’ මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පැනලා – විමල් වීරවංශ (වීඩියෝ)

Aug 7, 2024 at 08:25 AM
|

තමන්ට ද එක් එක් “අප්පොච්චිලා” “ඇමතිකම්-තාන්නමාන්න” සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් “තනතුරු පොදියට- ධන කුට්ටියට” රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ‘සිටියදීත්- ඉන්පසුවත්’ යුද ජයග්‍රහණයට ‘පෙරත්-ඉන්පසුවත්’ ‘එදත්-අදත්’ තමන් ‘එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්’ වෙනුවෙන් පෙනී සිටි බව වැඩිදුරටත් පැවසූ ඒ මහතා, තමන් දිගු කලක් තිස්සේ නියෝජනය කළ දෑහිතකාමී, දේශහිතෛෂී, ජාතිකවාදී, වාම-ප්‍රගතිශීලි ප්‍රතිපත්ති සමග ඉතාම සමානව ගමන් කළ හැකි අයකු ලෙස විශ්වාස කරන දිලිත් ජයවීර මැතිතුමන් තම කඳවුර මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළේය.

අද(05) බොරැල්ල පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘සර්වජන අපේක්ෂාව’

ඊයේ(04) අපේ නියෝජිත සමුළුව අතිසාර්ථක අන්දමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ බව ඔබ දන්නවා. එහිදී අපගේ සාමාජික පක්ෂ සහ ජාතික සංවිධානවල නියෝජිතයන් දහදහස් ගණනකගේ උද්වේගකර ප්‍රතිචාර මැද්දේ අපට පුළුවන්කම ලැබුණා, ‘සර්වජන අපේක්ෂාව’ ජනගත කිරීමට. එහිදී අපි කවුරුත් ඒකමතිකව තීරණය කළා, මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය විධායක සභික, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මැතිතුමන් අපගේ අපේක්ෂකයා හැටියට එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට.

උපායමාර්ගික වැඩපිළිවෙළෙහි දෙවන කෙටුම්පත…

මේ රට හමුවී තිබෙන අභියෝග කන්දත් එක්ක බැලුවාම කිසිවකුටත් පොදු ජනතාව සමග සෙල්ලම් කිරීමට අයිතියක් නැහැ. ඒ නිසා අපි හිතනවා, මේ ජනාධිපතිවරණය තීරණාත්මක එකක්, කියලා. එම තීරණාත්මක ජනාධිපතිවරණයට, තීරණාත්මක අපේක්ෂකයෙකු සමග තීරණාත්මක වැඩපිළිවෙළක්(උපායමාර්ගික කෙටුම්පතක්) ඉදිරිපත් කිරීමට සර්වජන බලය දේශපාලන එකමුතුව කටයුතු කර තිබෙනවා. ඉහත කී උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත අපි පසුගියදා ජනගත කළා. ඒ පිළිබඳව රට පුරා සංවාදශීලී ජනහමු පැවැත්වූවා. එහිදී ඒ පිළිබඳව මහජනයාගේ අදහස් උදහස් එක්රැස් කර ගනු ලැබුවා. එම මහජන අදහස් යෝජනා ද ඇතුළත් කරමින් සැකැසූ සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි දෙවන කෙටුම්පත, එළඹෙන අගෝස්තු 11 වැනිදා කුරුණෑගලදී ජනගත කිරීමට අපි සූදානමින් ඉන්නවා. දෙවන කෙටුම්පත ජනගත කිරීමෙන් පසුව ද අපි ඒ පිළිබඳව රට පුරා සංවාදශීලී ජනහමු පවත්වලා ඊට මහජන අදහස් යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපි මෙවර ජනාධිපතිවරණය සඳහා අපගේ උපායමාර්ගික වැඩපිළිවෙළ රට හමුවේ තැබීමට සූදානම්.

ජාතික ව්‍යාපාරය සමග පෙරටම…

ඒ වගේම උපායමාර්ගික වැඩපිළිවෙළ කෙටුම්පත් කිරීමට සමගාමීව අපි මේ රටේ ජාතික ව්‍යාපාරය සමඟ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. ජාතික ව්‍යාපාරය මේ වන විටත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත ඔවුන්ගේ ස්ථාවරය විමසමින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳව ජාතික ව්‍යාපාරය සමග ඉදිරියේදී කඩිනමින් සාකච්ඡා කොට අවසන් එකඟතාවකට පැමිණ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

මහින්ද අප්පොච්චිගේ හිස් වන ඔඩොක්කුව

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවූවාට පසුව දැන් ග්‍රහ මාරුවීම් සිදුවෙමින් තිබෙනවා. පොහොට්ටුව දෙස බලන්න. අද එතැන මොකද වෙන්නේ? බැසිල් රාජපක්ෂලා පොහොට්ටුව ගැන හිතලා ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො ටික’ මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා දැන් රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පනිමින් සිටිනවා. බැසිල් රාජපක්ෂ කිරි පොවපු රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන වැනි මහ පැටව් පවා දැන් අනෙක් පැත්තට පැනලා තිබෙනවා.

තවත් ග්‍රහ මාරු කීපයක්ම…

මේ විදියට බැසිල් රාජපක්ෂලා කිරි පොවලා හදපු පොහොට්ටු පැටව් ටික මහින්ද අප්පොච්චිව සම්පූර්ණයෙන් අතහැරලා දාලා රනිල් අප්පොච්චි ළඟට යෑම නිසා අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණයි නාමල් රාජපක්ෂ සමඟ ඉතිරි වී සිටින්නේ. එයින් පස්දෙනෙකුම රාජපක්ෂලා. ඒ වගේම රාජපක්ෂ පවුලේ එක් ප්‍රධාන ජ්‍යෙෂ්ඨයෙක් අහනවා, ‘රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන්න මම එන්න ද?’ කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කියනවා, ‘ඔබ ආවොත් අපේ පාර්ශ්වයට ආයෙත් රාජපක්ෂලා ගෑවුණා වගේ වෙයි. ඒ නිසා ඔබ මධ්‍යස්ථව සිටින බව පෙන්වන්න.’ කියලා. ඒ කවුදැයි මාධ්‍යවේදී ඔබ සොයාගත යුතුයි. දැන් එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනට සූදානම් වෙන්නේ රාජපක්ෂලා නැතිවයි. අපට මතකයි විපක්ෂයේ ඇතැමුන් කීවා, ‘ඔය රාජපක්ෂලා සමඟ මධුසමය ගතකරන තෙක් අපි ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නැහැ’ කියලා. දැන් ඒ අයට තිබුණු බාධාව ඉවත්ව තිබෙන බව පෙනෙනවා. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ තවත් ග්‍රහ මාරු කීපයක්ම සිදුවීමට නියමිතව තිබෙනවා.

‘එකම ප්‍රතිපත්තියක්! – එකම අරමුණක්!’

මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? මේ රටේ දේශපාලනය ඉතාමත් තක්කඩි මට්ටමකට ඇදවැටී ඇති බවයි. ඔබ දන්නවා, මම ජනතා විමුක්ති පෙරමුණේ ‘සිටියදීත් ඉන් පසුවත්’ යුද ජයග්‍රහණයට ‘පෙරත් ඉන් පසුවත්’ ‘එදත් අදත්’ ‘එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්’ වෙනුවෙන් පෙනී සිටි බව, කටයුතු කළ බව. අපටත් ඔය එක එක අප්පොච්චිලා ඇමතිකම්, තාන්නමාන්න වෙනුවෙන් එක එක ආරාධනා පත්‍ර එවලා තිබෙනවා. නමුත් අපි කිසිවිටෙකත් ඔවුන්ගෙන් ලැබෙන’ තනතුරු පොදියට-ධන කුට්ටියට’ රහ වැටිලා අපේ ප්‍රතිපත්ති-අරමුණු පාවා දීලා නැහැ. ඒ අනුව තමයි අපි අද අපේ දෑහිතකාමී- දේශහිතෛෂී, ජාතිකවාදී, වාම-ප්‍රගතිශීලි ප්‍රතිපත්ති සමඟ ඉතාමත් සමානව ගමන් කළ හැකි අයෙකු ලෙස විශ්වාස කරන දිලිත් ජයවීර මැතිතුමන් අපේ කඳවුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගනු ලැබුවේ. ඔහුත් සමඟ දෑහිතකාමී-දේශහිතෛෂී බලවේගවල සටන, ජාතිකත්ව කඳවුරෙහි සටන, ප්‍රගතිශීලී-වාම කඳවුරෙහි සටන, නිමා නොවූ ඒ ජයග්‍රහණ ලබා ගැනීමට තිබෙන සටන ඉදිරියට ගෙනයන්න තමයි අපි කැපවී සිටින්නේ.

විමල්ගෙන් සහතිකයක්!

දැන් සමහර දේශපාලන පක්ෂ මීටර් 100 දුවන්න තිබුණු තරඟයට මීටර් 2000ක් විතර දුවලා හති වැටිලා ඉන්නවා. ඔවුන් ඒ මීටර් 2000ක් දුවනකොට කියපු කතා දැන් ‘අතේ පත්තු වෙලා’ තිබෙනවා. ඔවුන් ‘මොකක්ද මේ සිදුවෙන්නේ?’ කියා අද සිතමින් ඉන්නවා. නමුත් අපි මේ රටට පැහැදිලිව සහතිකයක් දෙනවා, ‘අපි නියෝජනය කළ දේශපාලන ගමනක් ජයග්‍රහණයෙන් තොරව කෙළවර කරලා නැහැ. දිලිත් ජයවීර, සර්වජන බලය, එමගින් මේ රටේ ජාතිකත්ව කඳවුර, වාම-ප්‍රගතිශීලී කඳවුර ජයග්‍රහණය කරවන්න අපි දිවිහිමියෙන් කැපවෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම්ව සිටින්න’ කියලා.

බුදු වදන් අරුත් ගන්වමින්…

ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනයේ පිරිහීම පිළිබඳවත් රාජ්‍ය පාලනය පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳවත් දේශනා කොට තිබෙනවා, කියා. බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ, කූටදත්ත සූත්‍රය දේශනා කරමින් දෙසා වදාළ පාලකයකු සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ තුනක් තිබෙනවා. පළමුවැන්න, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, දෙවැන්න ප්‍රඥාවන්ත බව, තෙවැන්න උගත් බව. මේ රටේ පාලකයන් ‘බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව’ පෙන්නුවාට ඔවුන්ට තිබෙන්නේ ‘තමන්ගේ වැඩේ කර ගැනීමේ ඇසූ පිරූ තැන්’ මිසක ‘රටේ ජනතාවට අවශ්‍ය දේ ඉටු කර දීමේ ඇසූ පිරූ තැන්’ නොවෙයි. ප්‍රඥාවන්තයි කියලා පෙන්නුවාට මේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී ඇති ‘කසාය වට්ටෝරුවෙන්’ මුදා ගැනීමේ වැඩපිළිවෙළක් හැදීමේ ප්‍රඥාවන්ත බවක් මේ අයට නැහැ. ඒ වගේම ඔවුන් සැබෑ වියතුන් බවක් ප්‍රකට වන්නෙත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ, කූටදත්ත සූත්‍රයෙන් දෙසා වදාළ ඒ ලක්ෂණ ත්‍රිත්වයම සහිත අපේක්ෂකයෙකු අප ඉදිරිපත් කරනු ලැබුවේ. එතුමන් දේශපාලනයට ආගන්තුකයකු නොවෙයි; ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සටන් තුළ ක්‍රියාත්මක වෙමින් ද දේශපාලන වේදිකාවේ තිරය පිටුපස සිටිමින් සක්‍රියව සන්නාම නිර්මාණය කරමින් ද පුළුල් භූමිකාවක් ඉටු කළ අයෙක්. තම සියලු අත්දැකීම් උපයෝගී කරගනිමින් ඔහු මෙරට ජාතිකත්ව කඳවුරෙහි ජයග්‍රහණයට උරදේවි, කියා අපි විශ්වාස කරනවා.

කවුරුන් හෝ සිතාගෙන සිටියා නම්, ‘කොඳු බිඳලා-හතරගාතෙන් ඇදවට්ටලා තිබෙන මේ රටේ ජාතිකවාදී, ප්‍රගතිශීලී වාම කඳවුර යළි නැගිටින්නේ නැහැ, ගොඩගන්න බැහැ, ඔවුන්ගේ කාලය අවසන්’ කියලා ඒක වැරදීමක්. අපි ඔවුන්ට කියනවා, ‘නැහැ මහත්වරුනි, කාලය අවසන් නැහැ, දැන් සුදුසු කාලය එළඹ තිබෙනවා.’ කියා”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,

සම්බන්ධිත පුවත් | Related News

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.