News Category
From Date
To Date
Maximum Number of Result

e-Visa වංචාවෙන් දවසකට කෝටි පහක් ඉන්දියාවේ පෙට්ටි කඩයකට යනවා - පාඨලී හෙළිකරයි

Aug 5, 2024 at 06:54 AM
|

ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන e – Visa වංචාව හරහා දිනකට මෙරටින් කෝටි 5 කට ආසන්න මුදලක් ඉන්දියාවේ පෙට්ටි කඩයකට ගමන් කරන බවත් ඊට එරෙහිව නගන ලඳ පෙත්සම් නිසාවෙන් අධිකරණයෙන් ලබාදුන් තහනම නිසා මීට සම්බන්ධ පුද්ගලයන් මේ වනවිට මාධ්‍ය ක්‍රියාවලියට බලපෑම් කරමින් සංචාරක කර්මාන්තයට මේ හේතුවෙන් බලපෑමක් වී ඇති බවට කතාවක් සමාජගත කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

e – Visa ක්‍රමයට එරෙහිව පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සුමන්දිරන් යන මහත්වරුන් විසින් ගොනුකරන ලද පෙත්සම් වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

පාඨලී චම්පික රණවක මහතා මේ පිළිබඳව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පැවති ජන හමුවකට සම්බන්ධ වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“මේ රටේ ඉතිහාසයේ සිදු වෙච්ච විශාලම වංචාව නතර කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීලා තියෙනවා. රටේ දූෂණය ගැන කතා කර කර, ෆයිල් පෙන්න පෙන්න ඉන්න අයට මේ ප්‍රශ්නේ පෙනුනේ නැහැ. නමුත් අපි පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් හැටියට මමත්, රවුෆ් හකීම් මහතාත්, සුමන්දිරන් මහතාත් මේ දූෂණය වැළැක්වීමේ අරමුණින් ඉදිරිපත් වුණා. රටක පළවෙනි ආරක්ෂක වළල්ල අපේ රටේ දේශසීමාව. ඒ දේශසීමාව මුර කරන්න ඉන්නේ ආගමන, විගමන දෙපාර්තමේන්තුව. ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වගකීමක් පුද්ගලික අංශයට, එහෙමත් නැත්නම් විදේශිකයන්ට පවරලා දීලා නැහැ ලෝකෙ කවුරුවත්. ඒක නිසා තමයි පසුගිය මැයි මාසේ දවසක තරුණයෙක් තමන්ගේ පවුලත් එක්ක මේ රටට එන කොට ඉන්දියන් ජාතිකයෝ රටේ වීසා නිකුත් කරනවා කියන එක මේ රටට ගෞරවනීය විදිහට හෙළි කළේ. නමුත් මේ රටේ මහජන ආරක්ෂක ඇමති සහ පොලිසිය කළේ මොකක්ද? තමන්ගේ බලය යොදවලා ඒ අයුක්ති සහගත දේශද්‍රෝහී වැඩේ හෙළි කරපු පුද්ගලයාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

ඇත්තටම දේශ සීමා පාලනය විදේශිකයන්ට පවරා දීම තරම් දේශද්‍රෝහිත්වයක් තවත් නෑ. අපි පුදුම වෙන්නෑ මේ අය ගැන. මොකද මේ සමහර අය කොටි සංවිධානය බලවත් වෙලා හිටපු කාලේ ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරපු අය. ඉතින් වරක් දේශද්‍රෝහියෝ සදහටම දේශද්‍රෝහියෝ බව නැවත වතාවක් ඔප්පු වෙලා තියෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ජාතික සම්පත, ජාතියේ ආරක්ෂාව, දේශමාමකත්වය ගැන කතා කරන බොහෝ දෙනෙක් රටේ දේශසීමා ඉන්දියාවේ පෙට්ටි කඩයකට පවරා දීම ගැන දක්වන නිහඬතාවය. රටක ජාතික සම්පත්, රාජ්‍ය මූල්‍ය ජනතාව දේශපාලඥයින්ට සහ රජයේ නිලධාරීන්ට පවරන්නේ එය ඔවුන් ඉතා කාර්යක්ෂමව පාලනය කරලා නැවත ජනතාවට ලබා දෙයි කියන පරමාර්ථයෙන්. පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රට බංකොලොත් කිරීමට එරෙහිව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වරදකාරයෝ කළේ. ඔවුන් ඔවුන්ට භාර දීපු, මේ භාරය නිසි ආකාරයෙන් කළමනාකරණය කළේ නැහැ කියන පදනම මත. එම පදනම මත තමයි අපිත් මේ නඩු පවරලා තියෙන්නේ.

ටෙලිකොම් ආයතනය 50% කට අධික කොටස් ප්‍රමාණයක් තියෙන රජය සතු ආයතනයක්. 2012 ඉඳන් ඉතාම වැදගත් විදියට මේ වැඩ කටයුත්ත කළා. අපි ඒකේ ගෞරවය කිසි පැකිලීමකින් තොරව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ දෙපළට දෙනවා. මොකද රටේ දේශසීමාව පිළිබඳ ප්‍රශ්නයේදී ටෙලිකොම් ආයතනය මේ සඳහා තෝරා ගැනීම ගැන. ඒ වගේම ඒ කාලයේ ආපු මේ electronic travel authorization එහෙම නැත්නම් ETA ක්‍රමය ලෝකේ බොහෝ තැන්වල දේශද්‍රෝහී වුණේ නෑ. මේ කලාපයේ කොහොමවත් තිබුනේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සම්මානයක් පවා හිමි වුණා මොබිටෙල් එකට. මොබිටෙල් ආයතනය දිගින් දිගටම මේ ක්‍රියාවලිය කරමින් ආවා. 2020 දී මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මගින් ඔවුන්ට බලතල ලබා දුන්නා. මොබිටෙල් ආයතනය තමන්ගේ අතින් 50% කට වඩා වියදම් කරලා තියෙනකොට ඒ වැඩ කොටස් නතර කරලා මේ ක්‍රියාවලිය පසුගිය අප්‍රේල් 17 වෙනිදා භාර දුන්නා මේ විදේශීය සමාගමකට. ETA වෙනුවට, e – Visa කියලා එකක් හදන්න යනවා කියලා. අද අපිට පේනවා නිකං හාහූවක් හදන්න යනවා සංචාරකයින්ට දැන් එන්න විදිහක් නෑ ආදී වශයෙන් කියලා. මතක තියාගන්න දෙසැම්බර් මාසේ පැය 08 යි කල් දුන්නේ මොබිටෙල් එකට ඉවත් වෙලා මේ ඉන්දියන් සමාගමට භාරදෙන්න කියලා.

රජයේ නඩු තීන්දුවකට එරෙහිව ආගමන විගමන පාලකවරයා යනවා නම් ඔහුට එරෙහිව ලබන සතියේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අපි සූදානම්. ඔහු බැඳිලා ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුව ක්‍රියාත්මක කරන්න. ඇත්තටම මේ මගින් සිද්ධ වුණේ මොකක්ද මේ රටට ඉදිරි අවුරුදු16 දී නැති වෙන්න ගිය ඩොලර් බිලියන 2.7 දැවැන්ත ධනය මේ රටට උරුම කරලා දෙන එක තමයි අපි කල පළවෙනිම මෙහෙවර. මතක තියාගන්න දවසකට කෝටි 5 කට ආසන්න මුදලක් මේ හරහා සංසරණය වෙනවා ඒ විදේශීය සමාගමකට. අන්න ඒක වැළැක්වීම සඳහා තමයි අපි ක්‍රියා කළේ.

මේ මගින් සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වැදිලා තියෙනවා. අද මේ රටට සංචාරකයෙක් එනවනම් ආණ්ඩුවට ඩොලර් 75 ක් ගෙවන්න ඕනේ. මේ විදේශ සමාගමට ඩොලර් 25 ශත 77 ක් ගෙවන්න ඕනේ. අපිත් එක්ක සංචාරක ව්‍යාපාරයේ තරඟ කරන අනෙක් රටවල් වල ඩොලර් ශත 50 එහෙම නැත්නම් කිසිම ඩොලරයක් නැතුව යන්න පුළුවන්. ඒ නිසා සංචාරක ව්‍යාපාරයට ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ඒකෙන් යැපෙන මිනිස්සුන්ට ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි සංචාරක ව්‍යාපාරයේ පිරිසුත් මේ නඩු වරයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.

මේ නඩු වරයට මමත්, අපේ සහෝදර මන්ත්‍රිතුමන්ලා දෙදෙනාත් කිසිම නීතිවේදියෙකුගේ සහයක් නැතුව අපේ පෙත්සම් වෙනුවෙන් අපි පෞද්ගලිකව පෙනී හිටියා. ඇත්තටම අද මොබිටෙල් ආයතනය විකුණන්න තීරණය කරලා තියෙනවා ටෙලිකොම් එකත් එක්ක. අද ආණ්ඩුවේ ඒ කොටස් ප්‍රමාණය අගය කරලා තියෙන්නේ ඩොලර් මිලියන 200 කට. මේ ව්‍යාපාරය තිබුණා නම් මේ වගේ නම ගුණයක් එම ආයතන වලට ලැබෙන්න නියමිතව තිබුණා. ඒ නිසා රට අඳුනාගත යුතුයි යම් යම් බලපෑම් කණ්ඩායම් මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍ය ක්‍රියාවලීන්ට බලපෑම් කරලා මේ ප්‍රශ්නයේ බරසාරභාවය යට ගහන්න උත්සාහ කරනවා කියලා අපිට පේනවා. හැබැයි අපි මේ අරගලය අතාරින්නෑ. මං නැවත මතක් කරනවා ආගමන විගමන පාලකතුමාට ඔබට මේ උසාවි නියෝගය ලැබිලා ඔබ ක්‍රියා නොකරනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳ ක්‍රියා මාර්ගයක් ගන්න.

මේ රටේ සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ත්‍රාඩ දේශපාලනය, ජාවාරම්කාර දේශපාලනය නිසා තමයි රට බංකොලොත් වුණේ. අම්මගේ මිනිය ගෙදර තියාගෙන බූරු ගහනවා වගේ වැඩ කරන මේ දේශපාලකයින්ට එරෙහිව නැගිටින්න. ඔබව මර්දන කිරීමට පොලීසිය අනෙකුත් ආයතන යොදාගෙන ගෙන ගිය කාලය දැන් ඉවරයි.

මේ අමාත්‍යාංශයේම දැන් සිදුවෙමින් යන ඊළඟ ක්‍රියාවලිය තමයි පාස්පෝට් ලක්ෂ 5 ක් මුද්‍රණය කිරීමට යන ක්‍රියාවලිය. ETA , e – VIsa කලා වගේ, e – passport නමින් ක්‍රියාවලියක් කරගෙන යනවා. ඒ සම්බන්ධයෙනුත් ඉදිරි කාලයේදී අපි සෘජුව ක්‍රියා කරනවා. ඒකට දායක වෙලා ඉන්න මේ පොලිස් ඇමති ඇතුළු සියලු දෙනාගේම තත්වය හෙළි කරලා, ඒ ක්‍රියාවලියේ යම් දූෂණයක් වෙත්නම්, එයට එරෙහිවත් ක්‍රියා කරන්න අපි කටයුතු කරනවා.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්


සම්බන්ධිත පුවත් | Related News

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.