වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය ආචාරය පුදකරයි
වෙනිසියුලානු ජනයා විසින් 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ තුන්වෙනි වරටත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පත් කරන්නේ ඔහු ජනතා විශ්වාසය උපරිමයෙන් රැක ගෙන සිටින හෙයින් බවත්, වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට තම ආචාරය පුදකර සිටින බවත් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා පවසන්නේ සාමකාමී මැතිවරණයකින් ජය හිමිකරගත් නිකොලස් මදුරෝ පලවා හැරීමට වෙනිසියුලාවේ වෙසෙන අධිරාජ්‍යවාදී බළල් අත් පරාජයට පත් කිරීමට වෙනිසියුලානු සාමාන්‍ය ජනයා දැක්වූ දායකත්වය මෙන්ම වෙනිසියුලානු නීතිය බලාත්මක කිරීමේ අංශ ගනු ලැබූ ක්‍රියා මාර්ග අධිරාජ්‍ය විරෝධී කඳවුර නියෝජනය කරන ආසියාකරයේ වෙසෙන ජනයාටද මහත්වූ ආදර්ශයක් ගෙන දුන් බවයි.
අදාළ නිවේදනය පහළින්...
වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට අපගේ උත්තමචාරය
ලතින් අමෙරිකානු විමුක්තිකාමියෙකු වූ සයිමොන් බොලිවාර්ගේ අප්‍රතිහත ධෛර්ය මත ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගෙන් නිදහස ලැබූ වෙනිසියුලාව දැවැන්ත ස්වාභාවික සම්පත් ගහන රටක් බව අපි දනිමු. ඒ නිසාම වෙනිසියුලාව ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගේ යකඩ සපත්තුවටද නව ලෝකයේ කපටි අධිරාජ්‍යයා වූ අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සෘජු බලහත්කාරකම් වලට යටවූ රටකි. හියුගෝ චාවෙස් නම් බලවත් අධිරාජ්‍ය විරෝධී නායකයා විසින් දනින් වැටී සිටි වෙනිසියුලාව දෙපයින් පිහිට වූ නමුදු ඔහුගේ අකල් මරණය අධිරාජ්‍ය විරෝධී ජාත්‍යයන්තර සටන්කාමීන්ට ශෝකය දැන වූ කාරණයක් විය. කෙසේ වුවද චාවෙස්ගෙන් ගිලිහුණු අධිරාජ්‍ය විරෝධී ධජය ශක්තිමත්ව සෘජුව වෙනිසියුලානු භූමිය තුළ සිටවීමට වත්මන් වෙනිසියුලානු ජනපති නිකොලස් මදුරෝ දැවැන්ත සටනක් දෙමින් සිටී. ඔහුගේ එම නිර්භීත සටන සමස්ත ලතින් අමෙරිකානු කළාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් මහා ද්වීප වල ජීවත් වන අධිරාජ්‍යය විරෝධී ජනයාට දැවැන්ත උත්තේජනයක් සපයන්නේය. කරුණු එසේ තිබියදී වෙනිසියුලානු ජනයා 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ තුන්වෙනි වරටත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පත් කරන්නේ ඔහු ජනතා විශ්වාසය උපරිමයෙන් රැක ගෙන සිටින බැවිනි.
කෙසේ වුවද වෙනිසියුලානු ජනයා ප්‍රමුඛ ලතින් අමෙරිකානු කළාපයේ ජනයා මෙන්ම සමස්ථ ලෝකවාසී අධිරාජ්‍යය විරෝධී ජනයා තේරුම්ගත යුත්තේ කියුබාව මෙන්ම වෙනිසියුලාවද අධිරාජ්‍යවාදීන්ගේ දඩබිම් ලැයිස්තුවේ අංක එකට වැජඹෙන රාජ්‍යයන් දෙකක් බවයි. එම රාජ්‍යයන් දෙක විනාශකරලීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට හැකියාවක් ලැබෙන්නේ නම් ඔවුන් ලතින් අමෙරිකානු භුමියේ ලබන විශාල ජයග්‍රහනයක් බවද මෙහිලා අවධාරණය කරමු. ඒ අනුව පසුගිය දිනවල බොලිවියාව තුළ ගැටුම් ඇති කරලීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ගත් උත්සාහය මිනිස් පලිහක් මගින් වැලැක්වීමට ඉවෝ මොරලෙස් ක්ෂණිකව මැදිහත් වූ ආකාරය වැදගත් ප්‍රායෝගික දේශපාලන පාඩමක් ලෙස සලකා ලතින් අමෙරිකානු කළාපයේ ජනයා ගැඹුරින් කියවාගත යුතුය. කෙසේ වුවද වෙනිසියුලාව පුරා පශ්චාත් ජනාධිපතිවරණ සමයේ මතුවූ අධිරාජ්‍යවාදී අමෙරිකාවේ බළල් අත මෙහෙය වූ කැරැල්ල සාර්ථකව මැඩ පැවැත්වීම්ට වෙනිසියුලානු නීතිය බලාත්මක කරන ආයතන සහ වෙනිසියුලානු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී ජනයා සාර්ථක උත්සාහයක් ගෙන තිබුණි. ඒ අනුව වෙනිසියුලානුවෝ ජාතියක් වශයෙන් බොලිවියාවේ ඉවෝ මොරලෙස් ඉගැන්වූ දේශපාලන පාඩම ගැඹුරින් කියවා ගෙන ඇති බව පෙනේ.
වෙනිසියුලාව මුහුණ දුන් බැරෑරුම් අවස්ථාව පියමං කිරීමට ජාත්‍යන්තර තලයේ වේදිකාවල රුසියාව, චීනය සහ යුරෝපා සංගමය තුළ ගොනුවී සිටින හංගේරියාව ගත් ප්‍රවේශයද අතිශය ප්‍රශංසනීය බව මෙහිලා සිහිපත් කරමු.
අවසාන වශයෙන් වෙනිසියුලාවේ මදුරෝගේ ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කළ ප්‍රචන්ඩකාරීන් පුරුදු පුහුණු කිරීමට තම භූමිය තුළ ඉඩ දුන් කොලොම්බියා, පේරු සහ චිලී යන රටවල වෙසෙන අධිරාජ්‍ය විරෝධී ජනයා වෙනිසියුලානු, බොලිවියානු සහ කියුබානු නායකයන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගන්නා සාධානීය ක්‍රියා මාර්ග සමඟ එක පෙළට සිට ගත යුතු බව අවධාරණය කරමු. එලෙස ක්‍රියා කිරීමෙන් සමාකාමී සෞභාග්‍යයෙන් පිරුණු ලතින් අමෙරිකාවක් ලෝකයට දායාද කිරීමට ඔබලා මහඟු දායකත්වයක් ලබාදෙන බව අවධාරණය කරමු. අතිශය දුෂ්කර තත්වයන් යටතේ සාමකාමී මැතිවරණයකින් ජය හිමිකරගත් නිකොලස් මදුරෝ පලවා හැරීමට වෙනිසියුලාවේ වෙසෙන අධිරාජ්‍යවාදී බළල් අත් පරාජයට පත් කිරීමට වෙනිසියුලානු සාමාන්‍ය ජනයා දැක්වූ දායකත්වය මෙන්ම වෙනිසියුලානු නීතිය බලාත්මක කිරීමේ අංශ ගනු ලැබූ ක්‍රියා මාර්ග අධිරාජ්‍ය විරෝධී කඳවුර නියෝජනය කරන ආසියාකරයේ වෙසෙන අපටද මහත්වූ ආදර්ශයක් ගෙන දුන් බව සඳහන් කරමු. සමස්ථ ලතින් අමෙරිකානු ජනයා වෙනිසියුලාවේ නිකලස් මදුරෝගේ රජය ආරක්ෂා කිරීම තම පරම වගකීමක් ලෙස සැලකිය යුත්තේ අමෙරිකානු අධිරාජ්‍යවාදියාගේ තීරණාත්මක දඩබිම වන වෙනිසියුලාව ඔවුන්ට ගැති වූ පාලකයෙකු අතට පත් වුවහොත් ලතින් අමෙරිකාවේ අනෙකුත් රාජ්‍යයන්ට අත් වන්නේ ඉතා දුක්ඛිත ඉරණමක් බැවිනි. අවසාන වශයෙන් ලතින් අමෙරිකාව අමෙරිකානු අධිරාජ්‍යවාදී විය ගහෙන් මුදවා ගැනීමේ ශක්තිය එම කළාපයේ වෙසෙන් සියලු ජනයාට ලැබේවායි පතමු.
ජීවන්ත ජයතිස්ස
සම්බන්ධීකරණ ලේකම්
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්