රනිල් වික්‍රමසිංහ පසුගිය කාලෙදී සිදු කළේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පිරිමියෙක් ගැහැනියෙක් කරන හෝමෝන එන්නත් කිරීමයි... දැන් පොහොට්ටුවේ බහුතරය ඔහු අතේ - විමල් කියයි (වීඩියෝ)
රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට තමන්ට දැන් සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැන්වීම සඳහා බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක සංවාදයකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ ආර්ථික අර්බුදය නැමති බෝම්බයේ නූල පත්තු කළේ රනිල් බවත්, ඩොලර් බිලියන 12.5ක ණය සියයට 6ක 7ක පොලියට එක රැයකින් ඔහු ලබාගනිමින් මෙම අර්බුදය ඇති කළ බවත් ය.
රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන තොත්ත බබෙක් නොවන බවද, මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් වැඩි බහුතරය ඔහු තමන්ට වාසි සහගත ලෙස තමන්ගේ පැත්තට නතුකර ගෙන ඇති බවද විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලෙදි සිදුකළේ පොහොට්ටුවේ 69 ලක්ෂයේ ජනවරම ලබා පත් වූ මන්ත්‍රීවරුන්ට දෙමාපිය අවසරයකින් තොරව, නැතහොත් බැසිල් රාජපක්ෂගේ හෝ මහින්ද රාජපක්ෂගේ අවසරයකින් තොරව පිරිමියෙක් ගැහැනියෙකු බවට පත්කරන හෝමෝන එන්නත් කිරීම බව විමල් වීරවංශ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්