මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් ඉන්දීය සහ රුසියානු සමාගම්වලට ලබාදී ලංකාවට ආදායම් ලැබෙන්නේ අවුරුදු 3කට පස්සෙලු
චීනයේ ඩොලර් මිලියන 209ක අරමුදල් සහිතව ඉදිකරන ලද මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා වසර 30කට කොන්ත්‍රාත් දීම වෙනුවෙන් ඉන්දියාවේ Shaurya Aeronautics Pvt Ltd සහ රුසියාවේ Airports of Regions Management Company of Russia යන සමාගම්වලට පැවරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී.
මෙසේ මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් ඉන්දීය සහ රුසියානු සමාගම් අතර එකමුතුවකට භාරදීමෙන් පසු ශ්‍රී ලංකාවට ආදායමක් ලැබෙනුයේ වසර තුනකට පසුව බවයි වාර්තා වන්නේ.
එය භාරදීමේදී ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව සහ සම්බන්ධ ප්‍රධාන ඒකක පමණක් තමන් යටතේ පවත්වා ගෙන යනු ඇති බව ද වාර්තා වේ.
එම ගුවන් තොටුපළ වරක් ‘ලෝකයේ හිස්ම ගුවන් තොටුපළ’ ලෙස හඳුන්වනු ලැබුවේ ගුවන් ගමන් නොමැතිකම නිසාය.
2010-2015 සිය දෙවන ධුර කාලය තුළ පශ්චාත් යුද යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් ණය ගත් හිටපු නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 දී ආරම්භ කරන ලද මෙම ගුවන් තොටුපළ වාර්ෂිකව රුපියල් බිලියන 3ක (ඇමරිකානු ඩොලර් මිලියන 10ක) පාඩුවක් ලබා ඇත.
ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු – රුසියානු ඒකාබද්ධ සම්මුතිය තෝරාගෙන ඇත්තේ රුසියානු සමාගමේ ප්‍රධාන පාර්ශ්වකරුට එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවීම පිළිබඳ එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට දන්වා තිබියදීය.
රජයට අයත් Airport & Aviation Services Sri Lanka Private Ltdහි සභාපති අතුල කල්ගැටිය ඊයේ ප්‍රකාශ කළේ තාක්ෂණික කරුණු කිහිපයක් ඉවත් කිරීමට බලා සිටින අතර ඉතා ඉක්මනින් ගුවන් තොටුපළ ඔවුන්ට භාර දීමට සූදානම් බවයි.
මෙම ගනුදෙනුව මගින් ගුවන් තොටුපළ සඳහා වන සියලුම වියදම් ඉන්දියානු – රුසියානු සමුහය විසින් දරනු ඇති බවත් ශ්‍රී ලංකා රජය පළමු වසර තුන සඳහා කිසිදු මුදලක් අය නොකරන බවත් ඔහු පැවසීය.
හතරවන වසරේදී මගීන් 400,000කට සේවා සැපයීම දක්වා (වසරකට) ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට මෙම සමුහය අපේක්ෂා කෙරේ.
“වසර තුනකට පසු, අපට ආදායම් කොටසක් ලැබෙනවා, එය යෝජනාවේ දක්වා තිබෙනවා. ඔවුන් වසර 30ක් ගුවන් තොටුපළ හසුරුවන්න නියමිතයි ,” යනුවෙන් ද අතුල කල්ගැටිය පැවසීය.
ශ්‍රී ලංකාව මත්තල ගුවන් තොටුපළ භාවිත කළේ කොවිඩ් වසංගතය හමුවේ රට වසා දැමීමෙන් පසු වැඩි වශයෙන් රුසියානු සහ යුක්රේන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටය.
පසුගිය රජය යටතේ මෙම ගුවන් තොටුපළ ඉන්දියාවට ලබා දීමට සාකච්ඡා කෙරුණේ ඉන්දියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඉහළ නැංවීමේ අරමුණිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්