ඉන්දියාව අමතකකර අපිට ගමනක් යන්න බැහැ - නලින්ද ජයතිස්ස
දැන් ලෝකය අනූව දශකයේ ලෝකයට වඩා වෙනස් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ඔහු එසේ පැවැසුවේ තම දේශපාලන ව්‍යාපාරයේ විදෙස් ප්‍රතිපත්තිය වන්නේ එම ලෝක තත්ත්වය හා අවබෝධයෙන් යුතු බලකේන්ද්‍ර සමඟ විවෘතව ගනුදෙනු කළ හැකි විදෙස් ප්‍රතිපත්තියක් බවයි.
එහිදී නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවැසීය.
“අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳියි. අපි රටක් විදිහට අපේ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන යන ගමනක් තමයි අපේ විදේශ ප්‍රතිපත්තියේ පදනම.දැන් ලෝකයේ තත්ත්වය 90 දශකයට කලින් ලෝකය තිබූ තත්ත්වයට වඩා වෙනස්. ඒ වෙනස අපට වාසිදායකයි කියා අපි දකිනවා
ලෝකය බලගතු දේශපාලන කඳවුරු දෙකකට බෙදිලා තියෙද්දී අපි වගේ කුඩා රටකට ඒ කඳවුරු දෙකටම බර නොවී ඉන්නවා කියන එක එතරම් පහසු නෑ.
අපට මතක,අපි දන්නා නොබැඳි සමුළුව කියා කියන එකත් ඇත්තටම නොබැඳිම නෙමෙයි. ඒකට අයත් දේශපාලන කඳවුරක්,දේශපාලන අදහසක් තිබෙනවා.
අපි ජීවත් වෙන මේ යුගයේ ලෝකයට බලවතෙක් නැහැ. එක්සත් ජනපදය තමන් සතු බලය යම් පමණකට බිඳවට්ටගෙන යන්නේ. දැන් Dedollarisation ව්‍යාපෘතියක් ලෝකයේ ක්‍රියාත්මක වෙමින් යනවා.ඒකට එරෙහිව බලකඳවුරක් නෙමෙයි බලකේන්ද්‍ර කීහිපයක් නිර්මාණය වී තිබෙනවා. චීනය, රුසියාව එක පැත්තකින් ඉන්නවා. මැදපෙරදිග තිබූ අමෙරිකා එක්සත් ජනපද කඳවුර දැන් වෙනස් වී වෙනස් කඳවුරක් නිර්මාණය වෙමින් තිබෙනවා. මැදපෙරදිග ඇතැම් තැනක චීනය මැදිහත් වෙලා. ඊට අමතරව යුරෝපා සංගමය තිබෙනවා. මේ සියල්ලම පෙන්නුම් කරන්නේ තනි බල කඳවුරක් වෙනුවට මේ නිශ්චිත මොහොතේ ලෝකයේ බලකඳවුරු කිහිපයක් තිබෙන බව.
මේ කලාපවලට අමතරව අප්‍රිකානු සංගමය වෙනත් ගමනක් තෝරාගෙන තිබෙනවා. ඒ අය United State of Africa ලෙසින් අලුත් USA එකක පටන් අරගෙන. එතැන වෙනම මුදල් ඒකකයක් ගැන යෝජනා වෙනවා. මේ තමයි අපි ජීවත්වන ලෝකයේ අලුත් තත්ත්වය.
මේ තත්ත්වය බොහෝවිට කාලයක් පවතින එකක් නෑ. හැබැයි දැනට තිබෙන ලෝකය තමයි මේ.
මේ ලෝකය පවතින කාලය අපි වගේ රටවලට අතිශයින් වැදගත් ප්‍රයෝජනයක් ගන්න.
මේ ලෝක තත්ත්වය අනුව ජාතික ජන බලවේගය විදිහට අපේ ප්‍රතිපත්තිය බවට පත්වෙන්නේ මේ බලකඳවුරු වෙනුවට ගොඩනැඟිලා තිබෙන බල කේන්ද්‍ර කිහිපයත් එක්ක වැඩ කිරීම.එහෙම වැඩ කරන්න ඕනෑ. ඒ වගේම එහෙම වැඩ කරන්න පුළුවන්. දැන් ඉන්දියාව ඒ විදිහට වැඩ කරනවා. ඉන්දියාව BRICS එකෙත් ඉන්නවා. ඒ ගමන්ම G 20 එකෙත් ඉන්නවා.
අපේ විදේශ ප්‍රතිපත්තියේ මූලිකම දේ තමයි ඉන්දියාව අමතක නොකර සිටීම. ඉන්දියාව අමතක කර, ඉන්දියාව අතහැර අපට රටක් විදිහට යන්න බැහැ කියන කාරණය වැදගත්” යැයි පැවැසීය.
– කළුතර මධ්‍යම විශේෂ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්