මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් නැවත පදිංචි කිරීමේ දී පමණක් බාධා ඇයි? - ජාතික සිංහල ගෝලීය සංසදයෙන් මන්නාරම් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිපියක්
යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වල පදිංචිය අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු මේවන විට සිදුවන නමුත් මන්නාරම් දිස්ත්‍රික්කය තුල අදාල නීත්‍යානුකූල ක්‍රමවෙිදයට අනුගතව සිංහල පවුල් පදිංචි කිරීමේදී ඊට බාධක සහ විටෙක තහනම් කිරීම්ද සිදුවෙමින් පවතින බව පෙන්වා දෙමින් ජාතික සිංහල ගෝලීය සංසදය විසින් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.
අදාළ ලිපිය පහළින්...
දිස්ත්‍රික් ලේකම්,
මන්නාරම දිස්ත්‍රික්කය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මන්නාරම
ගරු දිස්ත්‍රික් ලේකම් තුමා,
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට නීත්‍යානුකූලව මේ භූමිය තුල කවර තැනක වුවද පදිංචි වීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමකි.
ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14 (1)ඌ හි සඳහන් පරිද්දෙන් ශ්‍රී ලංකාව තුල යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහය යන ව්‍යවස්ථාව කෙරෙහි ඔබගේ අවධානය පළමුව යොමු කරවමි.
පැවැති යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වල පදිංචිය අහිමි වූ මිනිසුන් වෙනුවෙන් දැනට රජය විසින් නැවත පදිංචි කිරීමෙි ප්‍රතිපත්තිය සහ සීමා නිර්ණය කිරීමේ ක්‍රමවේදයට අනුගතව උතුරු සහ නැගෙහිර පලාත් වල මෙන්ම මන්නාරම් දිස්ත්‍රික්කයේ ද සිංහල ගම්මාන වල මිනිසුන් මෙි වන විට පදිංචි කරවීමේ නීත්‍යානුකූල කටයුතු සිදු කෙරෙමින් තිබේ.
එහෙත් ඔබ තුමාගේ රාජකාරි දිස්ත්‍රික්කය වන මන්නාරම් දිස්ත්‍රික්කය තුල සිංහල පවුල් සඳහා අදාල නීත්‍යානුකූල ක්‍රමවෙිදයට අනුගතව සිංහල පවුල් පදිංචි කිරීමේදී ඊට බාධක සහ විටෙක තහනම් කිරීම්ද සිදුවෙමින් පවතින බව කණගාටුවෙන් වුවද දන්වනු කැමැත්තෙමි
රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව කවර හෝ ජාතියක් උදෙසා නීතිය වෙනස් ලෙස ක්‍රියාත්මක නොවිය යුතු නමුත් සිංහල පවුල් සඳහා වෙනස් ලෙසින් කටයුතු සිදුවන බවක් සහ එකම රටක එකම ප්‍රදේශයක නීතීය ක්‍රියාත්මක වීමේදී වෙනස් ලෙස නීතිය ක්‍රියාවේ යෙදවෙන තත්වයක් ද උද්ගතව පවතී.
මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කරවීමේ වැඩ සටහනේදී අදාල ග්‍රාම නිළධාරීන් විසින් එකී නීත්‍යානුකූල පදිංචි කරවීමට බාධා කරනු ලබන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වල විෂය භාර නිලධාරීන් සහ ග්‍රාම නිළධාරීන් ඔබ තුමා විසින් දී ඇති උපදෙස් අනුව පමණක් කටයුතු සිදු කරන බව ඔවුන් අප වෙත වාචිකව පවසා සිටිනු ලැබේ.
එසේ හෙයින් දැනට මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් කිහිපයක් සඳහා සියළු සුදුසුකම් සපුරා ඇතත් ඊට අදාල කටයුතු පමා කරමින් තිබේ.
ඒ සඳහා ඔබ තුමාගේ අපක්ෂපාතී මැදිහත්වීම සිදු කර මෙම සිංහල පවුල් සඳහා අදාල පදිංචි කරවීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
කේ.කේ.සුනිල් කුමාර
ජාතික සිංහල ගෝලීය සංසදය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්