අදානිගේ සුළංබල ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා කඩිනමින් ලබාදෙන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි
සීමාසහිත Adani Green Energy සමාගමේ සුළං බල ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳ අවසන් වාර්තා කඩිනමින් ලබාදෙන බවට මධ්‍යම පරිසර අධිකාරිය සහතික වී ඇති බව වාර්තා වේ.
මන්නාරම සහ පුනරීන් හි Adani Green Energy Limited හි සුළං බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් වන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම ප්‍රමාද වීම පිළිබඳ පරිසරවේදීන් විසින් විවිධ චෝදනා ද මතුකර තිබිණි.
ඉන්දියාවේ Adani Green Energy Limited සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 442ක ව්‍යාපෘතියක් මෙම වසර මුලදී ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මන්නාරම ව්‍යාපෘතිය මෙගාවොට් 250ක ධාරිතාවකින් යුක්ත වීමට නියමිතය.
කෙසේවෙතත්, පාරිසරික බලපෑම් තක්සේරුවේ සොයාගැනීම් මත පදනම්ව සංක්‍රමණික පක්ෂීන්ට ඇති විය හැකි බලපෑම පිළිබඳ පරිසරවේදීන් බරපතළ කණස්සල්ලක් මතුකර තිබිණි.
මෙම පාරිසරික ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබිණි.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට වාර්තාවේ තාක්ෂණික ඇගයීම් කටයුතු සිදු කරමින් පවතින බවත්, ඉන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය එහි අවසන් තීරණය ලබා දෙන බවත්ය.
මහජන අදහස් විමසීමේ සැසිවාරය අවසන් කර ඇති නමුත් පක්ෂීන්ගේ සංචරණ සම්බන්ධයෙන් විශේෂඥයන් විසින් මතු කරන ලද ඇතැම් කරුණු තවදුරටත් පැහැදිලි කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්