සැඟවී සිටින පාතාලයන් 164කට ඉන්ටපෝල් රතු වරෙන්තු
මෙරට අපරාධවල නිරත වෙමින් විවිධ රටවල සැඟවී සිටින පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 164 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙසේ රතු වරෙන්තු ලබාගෙන ඇති අපරාධකරුවන් අතර කාන්තාවන් සිව් දෙනකු ද සිටින බව එම ආරංචි මාර්ග කියා සිටියි.
මෙම අපරාධකරුවන්ගෙන් වැඩි දෙනකු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර සෙසු අපරාධකරුවන් ඉන්දියාව, ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය ඇතුළු තවත් රටවල් කීපයක සැඟවී සිටින බව වාර්තා වෙයි.
ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් ප්‍රංශයේ සැඟවී සිටින අතර රත්මලානේ කුඩු අංජු ද ඔහු සමග සිටින බව හෙළිවී ඇත. මොවුන් දෙදෙනාටම එරෙහිව ද මේ වනවිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන තිබේ.
මේ අතර මෙරට ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කරුවන් බව කියන අන්නාසි මොරිල්, සිද්ධික් සහ ප්‍රධාන පෙළේ පාතාල නායකයන් බව කියන කොස්ගොඩ සුජී, කරන්දෙණියේ සුද්දා, ලොකු පැටී, පොඩි පැටී, අහුංගල්ලේ සංජීව, ඌරගුණේ වික්ටර් ඇතුළු තවත් අපරාධකරුවන් රැසක් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර ඉන්දියාවේ සැඟවී සිටින කිඹුලා ඇලේ ගුණා, පුකූුඩුකන්නා, බුම්මා ඇතුළු තවත් අපරාධකරුවන් රැසකට එරෙහිව ද රතු වරෙන්තු නිකුත් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්