25 පොහොට්ටු අපේක්ෂකයා නම්කරන්න එපා... තවත් ටික දවසක් දෙන්න - රාජපක්ෂලාගෙන් රනිල් ඉල්ලීමක් කරලා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සදහා සජබ මන්ත්‍රීවරුන් 18 දෙනකු සහාය දැක්වීමට සූදානමින් සිටින බවත්, එතෙක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබද කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පොහොට්ටුව වෙත දැනුම් දීමක් කොට ඇති බව ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා පසුගිය කාලයේ දිගින් දිගටම සජබයෙන් මන්ත්‍රීවරුන් 25ක කණ්ඩායමක් ආණ්ඩුවට එක් වන බව ප්‍රකාශ කර තිබීම හේතුවෙන් එම කණ්ඩායම ආණ්ඩුවට එක්කරගෙන පෙක්වන ලෙස පොහොට්ටුවෙන් ජනාධිපතිවයාට දින වකවානු ලබා දී තිබූ අතර, පළමුව එසේ ලබා දී තිබූ දිනය වූයේ ජුනි 15 වන දිනය.
පසුව ජනාධිපතිවරයා තවත් මාසයක කාලයක් ඒ සදහා ලබා ගැනීම හේතුවෙන් එය ජුලි 15 දක්වා කල් ගියේය.
නමුත් එම දිනටද සජබ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවට එක් කර ගැනීමට නොහැකි වීම නිසා ජනාධිපතිවරයා පෞද්ගලිකවම මහින්ද රාජපක්ෂ මහතා හමුවී තවත් සති 2ක් ඒ සදහා ලබා ගෙන තිබිණ.
එම දිනය ජුලි 25 වැනි දින අවසන් වීමට නියමිත නිසා ලබන 25 වැනිදාට ප්‍රථම එම කණ්ඩායම එක්කොටගෙන පෙන්වන ලෙසට පොහොට්ටුව මීට පෙර දැනුම් දීමක් කොට තිබිණ.
එසේ නොවුණහොත් ලබන 25 වැනි දින පොහොට්ටුවේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවද රාජපක්ෂවරුන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙත දැනුම් දී තිබිණ.
නමුත් මේ වනවිට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ ආර්ථික පරිවර්තන පනත සම්මත කරගැනීම සදහා සහාය දැක්වීමට සජබයෙන් 18ක කණ්ඩායමක් සූදානමින් සිටින නිසා ඊට ප්‍රථම පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කිරීමෙන් වැළකී සිටින ලෙසය.
මෙම කෙටුම්පත 26 වැනිදා සම්මත කරගැනීමට නියමිතය.
- මව්රට -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්