News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති රනිල් ජනතාවගෙන් සමාව ඉල්ලයි... ජයම්පතිගෙන් අතපසුවීමක් වුනාලු

Jul 20, 2024 at 07:37 AM
|

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දෙන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බවත් ඒ අනුව එවැනි කටයුතු සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ යුක්තිය පසිඳලිමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1600 ක් වැය කරමින් ඉදිකෙරුණු මෙම නව අධිකරණ සංකීර්ණය සිවිල් අභියාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දිසාධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් , පරිවාස කාර්යාලයක් , ණය සහනදායි මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ගාල්ල නීතිඥ ප්‍රජාව විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

"මෙම අධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීම පිළිබඳ මාම විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. සංචාරක කලාපයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බැවින් පැවති අධිකරණ සංකිර්ණය හැකි ඉක්මණින් මෙතනින් ඉවත් කරන ලෙස මෙම දැනුම් දුන්නා. අද එම කටයුත්ත සිදු කර තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ගොඩනැඟීමේදී මෙම පළාතෙන් පිට විශාල හෝටල් ඉදිකිරීම සඳහා අප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ගමනාගමන මණ්ඩලය, දැව සංස්ථාව සහ මහමෝදර රෝහලත් ඒ වගේම හෙද විදුහල, බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයත් නගර මධ්‍යයට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම හික්කඩුව ප්‍රදේශයේත් මෙවැනි අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ගාල්ල දිසා අධිකරණ සංකීර්ණය මේ රටේ ඉතිහාසයේ කොටසක් බව කිව යුතුයි. ඕලන්ද පාලනයෙන් පසු බතාවියානු ප්‍රකාශය මඟින් ලංකාවේ රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කළා. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන විට මේ ගාල්ල ප්‍රදේශය අධිකරණ බල ප්‍රදේශයක් බවට පත් වුණා. මෙහි අධිකරණ මණ්ඩලයක් සහ සිවිල් මණ්ඩලය හා ඉඩම් මණ්ඩලයක්ද පත් කළා. අපේ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණේ මේ ආකාරයටයි. ඒ අනුව ගාල්ල අධිකරණ ප්‍රදේශය මාතර දිසාව, ගාල්ල වශයෙන් කොටස් දෙකක් ලෙස පැවතුණා. කෙසේ වුවත් අධිකරණ කලාපයක් ලෙස තවමත් ඒ අයුරින් ක්‍රියාත්මක වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය පමණයි.

මේ අතර ඉඩම් මණ්ඩලයේ බහුතරයක් සිටියේ ඕලන්ද ජාතිකයන්. ඉතිරි සුළුතරය රුහුණේ සිටි ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් නීතිය ඉගෙන ගත්තේ එතනින්. පසුව ඉංග්‍රීසි සමයේදී මෙම පිරිස නීතිඥවරුන් ලෙස ඉදිරියට පැමිණියා.

එතැන් සිට ලාංකිකයන් බොහෝ පිරිසක් නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කළා. ඒ වගේම නීතියේ සිට ව්‍යවස්ථාදායක සභාවට පැමිණියා. ඒ අනුව ව්‍යවස්ථාදායක ක්‍රමයේ පදනම බවට පත් වූණේ නීතිඥයන්. ඉන්පසුව සර්වබල ඡන්ද බලය හිමි වූ නිසා ඩොනමෝර් ක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සේවය කළා. ඉන්පසුව සෝල්බරි ව්‍යවස්ථාව මඟින් ඉංග්‍රීසි ක්‍රමය ඇති වුණා. ඉන්දියාව වෙනම ජනරජ ව්‍යවස්ථාවක් ගෙන එන විට අප ඉංග්‍රීසි ක්‍රමය ලබා ගත්තා.

ඉන්පසුව කොල්වින් ආර්. ද සිල්වා යටතේ පළමු ජන රජ ව්‍යවස්ථාව හදුන්වාදුන් අතර, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දෙවන ජන රජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. අපට ව්‍යවස්ථා ඉතිහාසයක් තිබෙන අතර නීතිය සමඟ බැඳීමක් සහ ගරු කිරීමක් ද තිබෙනවා.

1931 වසරේදී ආසියාවේ සහ අප්‍රිකාවේ පළමු වරට සර්ව ජන ඡන්ද බලය ලැබුණේ ශ්‍රී ලංකාවටයි. වෙන කිසිඳු රටකට එය හිමි වුණේ නැහැ. ඇමරිකාවේත් ඇතැම් ප්‍රාන්තවල කළු ජාතිකයන්ට ඡන්දය තිබුණේ නැහැ. එය ලබාගැනීමෙන් පසු අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. අප මේ පිළිබඳ ආඩම්බර විය යුතුයි.

යුද්ධ තිබුණත්, කැරළි තිබුණත් 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ආසියාවේ සහ අප්‍රිකාවේ එකම රට ශ්‍රී ලංකාවයි. අප කොතරම් වාද කළත්, ප්‍රජාතන්ත්‍රවාදය කැඩෙන්න ඉඩ දුන්නේ නැහැ.

මැතිවරණයකින් පරාජය වූ පසු ගැටුමකින් තොරව බලය මාරු කර ගන්නේ ලංකාවේ පමණයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා. වාද විවාද ඇති වුණත්, කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්නේ නැහැ.

ඇතැම් ප්‍රශ්න මතු වූ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බව සමහරු කියනවා. අපේ ව්‍යවස්ථායකය, අධිකරණය සහ දේශපාලන ක්‍රමය කෙසේ හෝ මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලොකුම තර්ජනය එල්ල වුණේ 2022 වසරේ. නමුත් අප එකඟත්වයෙන් ඉදිරියට යනවා.

අපට පාර්ලිමේන්තුවේ වාද කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. දැන් ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙනවා. අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ඡන්දය මෙම කලාසීමාවේදී පැවැත්විය යුතුයි කියලා. අපත් ඊට එකඟයි.

2015 වසරේ අප අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. මම මෙවැනි කටයුතු සාමාන්‍යයෙන් භාර දෙන්නේ කේ. එන් චොක්සි නීතිඥතුමාටයි. නමුත් ඒ වන විට ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්න නීතිඥතුමාට එම කටයුත්ත භාර දුන්නා. එතුමාට එක වාක්‍යයක් ඉවත් කිරීමට නොහැකි වුණා. එපමණයි සිදුව තිබෙන්නේ. මේ කෑ ගහන්නේ ඒකට. එය එතුමාගෙන් සිදු වූ අතපසුවිමක්. එම අතපසුවීම ගැන රටේ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ඒ ගැන තවත් ප්‍රකාශ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳ බය වෙන්න එපා. අපේ රට 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා.

ඒ වගේම මෙම ගාලු ඉතිහාසයේ උරුමය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට කටයුතු කරනවා නම් ආණ්ඩුවෙන් ඒ සඳහා මුදල් ලබා දෙන බවද ප්‍රකාශ කරනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා

රුහුණේ පුරවැසියෙක් ලෙස අද මටත් ඉතා සතුටුදායක දිනයක් බව කිව යුතුයි. නවීන පන්නයේ අධිකරණ සංකීර්ණයක් අද දකුණු පළාතට හිමිව තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන්ට සිය කටයුතු කරගෙන යාමේ දී අඩු පාඩු රැසකට මුහුණ දීමට සිදුව තිබුණා. මේ අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන් කිරීමට වසර 12ක් පමණ ගත වුණා. ඒ වගේම මෙහි වැඩ කටයුතු කරගෙන යාමේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමටත් සිදු වුණා. ජනාධිපතිතුමාගේ මැදිත්විම නිසා අද මෙම සුන්දර ගොඩනැඟිල්ල ඉදිකිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

පසුගිය වසර දෙක තුළ රට අර්බුදකාරී තත්ත්වයකට පත්වුණද අධිකරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.

මෙම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමත් සමඟ ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරනවා. ඒ නිසා මෙම නව අධිකරණ සංකීර්ණය අප ඉදිකළේ දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට නොවන බව සඳහන් කළ යුතුයි. අධිකරණය තුළින් ජනතාවට සහනයක් ලබාදීම අපේ අරමුණයි. අධිකරණය ජනතාවගේ දේවාලයක් ලෙස අප සලකනු ලබනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.