අසිරිමත් ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.
ඒවා අතර බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහි ගෙය හැර මහණදම් පිරීම සඳහා පිටත් වීම, සිදුහත් කුමරුගේ පුතණුවන් වන රාහුල කුමාරයා ඉපදීම ආදිය වේ
වෙසක් පුර පසළොස්වක පෝය දින යේදී ලොව්තුරා බුද්ධත්වය ලැබූ ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කරන ලැබුවේද ඇසළ පුරපෝය දිනයේදීය ඇසළ මාසය උදාවන විට පෙර වස් විසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර තිබේ. ඒ අනුව ඇසළ පොහෝදා පදනම් කරගෙන පෙර වස් විසීමද ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.
බුදුරජාණන් වහන්සේ එවකට භාරතයේ විසූ මානාධික තීර්ථකයින්ගේ මානය බිඳ හෙළීමද සිදු කර ඇත්තේ මෙම පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමා මහ පෙළහර පා ඔවුන්ගේ මානය බිඳ දමා තිබේ.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ලංකාවේ කිත්සිරි මෙවන් රජදවස කලිඟු රට සිට හේම මාලා කුමරිය සහ දන්ත කුමරුන් ලක්දිවට උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමද සිදුකර ඇත්තේ මෙම පෝය දිනයේදීය එතැන් පටන් ඇසළ පෝය මුල් කරගෙන ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමද චාරිත්‍රානුකූලව සිදු කෙරේ.
බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මුල්ගල තබා ඇත්තේ ද අද වැනි දිනකය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්