News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරය : ඊබ්‍රාහිම්ට අධි චෝදනා බාර දෙයි..

Jul 19, 2024 at 07:32 AM
|

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට දායක වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන කෝට්පති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍රය (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කියවා භාර දෙන ලදී.

නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදා හැර සිටි පළමු විත්තිකාර මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිමි රෝද පුටුවක ආධාරයෙන් අධිකරණයට පැමිණ සිටි අතර සෙසු විත්තිකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබුහිමි ඉස්මයිල් අහමඩ් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

අධිකරණයේ භාෂා පරිවර්තක විත්තික රුවන්ට එරෙහි චෝදනා දෙමළ භාෂාවෙන් කියවා දීමෙන් පසු තමන්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති චෝදනාවන්ට නිවැරදිකරුවන් බව කියා සිටින ලදී.

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව තොරතුරු දැනගෙන ඒ පිළිබඳ පොලිසියට තොරතුරු වසන් කළේ යැයි චෝදනා කොට දෙමටගොඩ, මහවල උද්‍යා නයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2.1(අ),3(අ), 5(අ) හා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම හඩුව ගොනුකර තිබේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළ මුල් දිනයේදීම කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් පබ්‍රාහිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ පුතුන් වන මොහොමඩ් ඉල්හාමි සහ මොහොමඩ් ඉන්සාෆ් සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැන්ගිලා යන හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතකයන් බවට විමර්ශකයන් හඳුනා ගන්නා ලදී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.

“පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ස්ථානයක් ලෙස දෙමටගොඩ මහවිල උදනයේ පිහිටි නිවෙස හඳුනා ගැනීමෙන් පසු පොලිස් යම් සමග මා එතැනට ගියා. ප්‍රහාරයෙන් පසු ඇදිරි නීතිය පනවා තිබුණ නිසා විනාඩි 15ක් ඇතුළත අපට එතැනට යන්න පුළුවන් වුණා. මහවේල උද්‍යානයට අප සමීප වනවාත් සමඟ අපට ඉදිරියෙන් කොළඹ අපරාධ කොට්ඨා සයේ වාහනයක් ගමන් කළා. එහි නිලධාරීන් සිව්දෙනකු පමණ සිටියා. විත්තිකරුවන් සිටි නිවෙස තට්ටු 3ක විශාල සුඛෝපභෝගී නිවේ සක්. නිවෙස විවෘත කරවාගෙන ඇතුළට අප ගියා. එවිට මොහොමඩ් ඊබ්‍රාහිම් සාලයේ වාඩිව සිටියා. මා ඔහුගෙන් ප්‍රශ්න කිර්ම ආරම්භ කළා. අපරාධ කොට්ඨාසයේ නිලධාරින් නිවෙසේ ඉහළ මහලට ගියා.

විනාඩි 5කින් පමණ පළමු මහලේ විශාල පිපිරීමක් වුණා. ඉහළ මහලේ කොන්ක්‍රීට් කැබලි පහළට කඩා වැටුණා. අප එළියට දිව ගියා.මා එළියේ නවතා ඇති වාහනයකට මුවාවී ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටියා. විනාඩි 15ක් පමණ එසේ සිටින විට නිවසේ උදවිය එළියට ආවා. ඔවුන් සමග අපරාධ කොට්ඨා සයේ නිලධාරීන් පිටතට ආවේ නැහැ. ඔවුන්ට කරදරයක් බව මට තේරුණා.

මම අසල සිටිය කොස්තාපල් කරුණාසේනගේ ටී 56 ගිනි අව්‍ය රැගෙන එය සූදානම් කරගෙන ඉහළ මහලට ගියා. අනෙක් කණ්ඩාධාරීන්ද මා සමඟ ආවා. විශාල ගින්නක් හා දුමාරයක් තිබුණා. කිසිවෙක් පේන්න හිටියේ නැහැ. මම නැවත පහළ මහලට ඇවිත් ප්‍රධාන විදුලි සැපයුම අක්‍රිය කරන්න උත්සාහ කළා. ඊබ්‍රාහිම් මේනුව තිබෙන තැන පෙන්නුවා. ඒ සමඟම තවත් පිපිරීමක් වුණා. පළමු බෝම්බය පුපුරා ගියේ ප.ව. 2.25ට, දෙවැනි බෝම්බය පිරුණේ ප.ව. 2.40ට. මා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ලෙස කටයුතු කර තිබෙන නිසා එල්ටීටීඊ ත්‍රස්තවාදී මෙහෙයුම් වලටද සම්බන්ධව තිඛෙනවා. නමුත් ඔවුන් බෝම්බ ප්‍රහාර සිදු කළ කිසි අවස්ථාවක දෙවැනි ප්‍රහාරයක් සිදුකර නැහැ. මෙම ප්‍රහාරය සැලසුම් කළ අය දෙවැනි ප්‍රහාරයක් ද සැලසුම්කර තිබුණා. එය කාල බෝම්බයක්. එහි අරමුණ පළමු ප්‍රහාරයෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම්වලට පැමිණෙන පිරිස් ඝාතනය කිරීමයි. මේ ප්‍රහාරයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු මිය ගියා."

රිබ්‍රාහිම් ප්‍රසිද්ධ කුළුබඩු අපනයනකරුවකු වන අතර ඔහුට පුතුන් 6 දෙනකු සහ දියණියන් තිදෙනකු සිටියා.

වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි විත්තිකරුවන්ට සුවිශේෂී කරුණු මත ඇප නියමව තිබේ.

විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක් පනවා තිබෙන අතර අධිකරණයේ නියෝග අනුව මාස 3කට වරක් අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු වේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිර්හාගම මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරුවන් වෙනුවෙග් අනුජ ප්‍රේමරත්න, නලින්ද ඉන්ද්‍රතිස්ස යන ජනාධිපති නීතිඥවරු සමග නීතිඥ නිරෝෂන් සිරිවර්ධන පෙනී සිටියහ.

- චන්දන ජයවීර
Dinamina

සම්බන්ධිත පුවත් | Related News

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.