රනිල්ගේ වැල්පාලම දිව්‍යලෝකයට ද? අපායට ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්පාලමෙන් එගොඩකර රට දිව්‍යලෝකයට ගෙන යන බව පවසන බවත්, ඔහු රට ගෙන යන්නේ දිව්‍යලෝකයට ද?, අපායට ද? යන්න විමසා බැලීමේ දී මේ තුළ ඉතා භයංකාර තත්ත්වයක් බවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
1977 සිට රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලනය තුළ රැඳී සිටින බවද, 1977 දී ඔහු නියෝජනය කළ පක්ෂය අනුගමනය කළ පරාධීන ආර්ථික මොඩලය තුළ මෙරට අපනයන ආදායම් අඩුවී, ආනයන වියදම් වැඩි වූ බවද පෙන්වාදෙන වසන්ත බණ්ඩාර මහතා, මෙරට ප්‍රධාන ආර්බුදය නිර්මාණය වන්නේ එතැන් සිට බව සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ඇමැතිව සිටිය දී ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වියදම්කර තැනූ අග්නිදිග ආසියාවේ විශාලම යූරියා කර්මාන්ත ශාලාව තමන්ගේ හෙංචයියන් යොදා වසාදමන තත්ත්වයට පත්කර පසුව පරණ යකඩවලට විකුණා දැමූ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
ජනාධිපතිවරයාට අද වන තෙක්ම පැමිණි ආර්ථික මොඩලය පිළිබඳව කිසිඳු විවේචනයක් නොමැති බවත්, මෙම ආර්ථික මොඩලයම පවත්වාගෙන යමින් 2015 - 2019 කාලය තුළ ලංකා ඉතිහාසය තුළ වැඩිම පොළියට අරගත් ඇමරිකානු ඩොලර් බිලියන 12ක වැඩිම වාණිජ ණය තොගය අරගත් බවත් ඒ මහතා පවසයි.
සාමාන්‍යයෙන් ද්වී පාර්ශ්වික, බහු පාර්ශ්වික ණය 2%ක පමණ ප්‍රමාණයෙන් ලබාගත්ත ද මෙම වාණිජ ණය තොගය ගැනීම සිදු වූයේ පොලිය 6.8% - 7.5% වැනි ප්‍රමාණයේ විශාල පොලියකට බවද, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ගෙවාගැනීමට නොහැකි වී හිර වන්නේ ද මෙම අධික පොළියකට ලබාගත් කෙටි කාලීන ණය බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
රට ණය උගුලේ හිරකරන ලද්දේ ද වර්තමාන ජනාධිපතිවරයා බවත්, ඔහු කිසිවිටක දී මෙම ආර්ථික මොඩලය වැරැදි යැයි පිළිනොගන්නා බව හා ඔහු විසින් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද මෙම වැරදි ආර්ථික මොඩලයම බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ උත්සාහ දරන්නේ දේශීය කර්මාන්ත පද්ධතිය ගොඩගැනීමට ද, නැතිනම් හිතාමතාම වැට්ටීමට දැයි වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.
දේශීය නිෂ්පාදකයාට වැට් බද්ද 10%ක් ගසා ආනයනකරුවා වැට් බද්දෙන් නිදහස් කර ඇති බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙහිදී පොල්තෙල් ආනයනකරුවන් අඩු මිලට පොල්තෙල් ගෙනවිත් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවා වැට්ටවීමට ක්‍රියාකරන බවත්, තේ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ නිපදවන ලද යන වාක්‍ය ඛණ්ඩය ඉවත්කර ශ්‍රී ලංකාවේ අසුරන ලද යන වාක්‍ය ඛණ්ඩය ඉතුරුකර සිංහයා ලකුණ සහිත සන්නාමය නිකුත් කරන බවත් පවසයි.
මෙහිදී ඉන්දියාවේ තේ වෙළෙන්දන්ට ඉන්දියාවේ තේ ශ්‍රී ලංකාවේ අසුරා යවා මෙරට වෙළඳපොළ අත්පත්කර ගැනීමට හැකි බවත්, මෙවැනි තීන්දු ලංකාවේ කර්මාන්තකරුවන් වැට්ටවීමට මිස ගොඩගැනීමට ගෙන ආ තීන්දු නොවන බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වාදෙන ලදී.
ලංකාවේ තේ වලින් 10% පමණ ප්‍රතිශතයක් අපනයනය කරන්නේ රුසියාවට බව ද, රුසියාවට සම්බාධක පනවා ඇති හෙයින් එම අපනයන ආදායම් රට තුළට ගෙන ඒමට හැකියාවක් නොමැති වී ඇති බවත් පවසන ඒ මහතා, මෙරට මහ බැංකු අධිපතිවරයාට අපනයනකරුවන් විසින් දිගින් දිගටම මේ පිළිබඳව දැනුම් දුන්නද ඔහු බීරි අලියකු ලෙස සිටින බවත්, එමගින් අපනයන ආදායම් රට තුළට ගෙන ඒමට නොහැකි වී ඇති බවත් සඳහන් කරයි.
රටේ ආර්ථිකය බිඳ දමා වැල්පාලමෙන් දිව්‍යලෝකයට යන වැඩ මේවාදැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
මෙවැනි ආර්ථික ඝාතක තීන්දු රාශියක් ක්‍රියාත්මක කරමින් වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවත්, ඉඩම් අයිතිය ඇති පුද්ගලයන්ට ඉඩම් අයිතිය දෙන බව පවසමින් ලබා දෙන්නේ ඉඩම් අයිතිය නොව ඉඩම් විකිණීමේ අයිතිය බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
කොළඹ තට්ටු නිවාසවල ඒවායේ මුල් අයිතිකරුවන් දැනට 10%ක්වත් නැති බවද, මෙම ඔප්පු ලබාදුන් පසු ඔවුන් එම නිවාස විකුණා දමා යන බවද, ගොවියා කුඹුර විකුණා කොළඹට පැමැණ වෙනත් රැකියාවක් කිරීමට පටන්ගන්නා බවද, අවසානයේ සිදුවන්නේ මෙම කුඩා ඉඩම් මහා ඉඩම් බවට පත්කරන තැරැව්කාර සමාගම් ඒවා බහුජාතික සමාගම්වලට අත්පත්කර ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
ඉඩම් විකුණා දමා ඉඩම් අහිමි කිරීමේ MCC ගිවිසුමේ කූඨ සැලසුම මෙම ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වන බව පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙය ආර්ථිකය ගොඩ ගැනීමේ සැලසුමක් නොව ඡන්ද ගුණ්ඩුවක් පමණක් බවද සඳහන් කරයි.
මැඩගස්කරය තුළ අද මෙම ක්‍රියාවලිය සිදුවීමෙන් 70%ක ජනතාවට අද ඉඩම් අහිමිවී ඇති බවත්, සියලු ඉඩම් මහා සමාගම් විසින් අත්පත්කරගෙන ඇති බවත් වැල්පාලමෙන් එගොඩකර මෙරට ජනයා ගෙනයාමට සූදානම් වන්නේ දිව්‍යලෝකයටද?, අපායටද? යන්න මෙහිදී ප්‍රශ්නයක් මතුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සියල්ල කල් දමා ජනමත විචාරණයක් පවත්වනවා යැයි දින නියම කරමින්, මහා භාණ්ඩාගාරයේ මුදල් නැති බව පවසා මෙම කටයුතු ටිකෙන් ටික පස්සට දමා දුරාචාර ප්‍රවර්ධන පනත් ටික, රණවිරුවන් දංගෙඩියට ගෙන යන පනත් ටික, ඉඩම් ටික විකුණා ආර්ථිකය පරිවර්තනය නමින් ගෙන ආ පනත වැනි පනත් සම්මත කර, එට්කා ගිවිසුම අත්සන් කර, සෝෆා ගිවිසුමට YES කියූ ලියුම යවා, වැල්පාලමෙන් ගොඩබහින රටේ නමත් වෙනස්කර, ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය හා ආමෙරිකාවේ වහල් කඳවුරක් බවට රට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටන බවට ද ඒ මහතා මෙහිදී චෝදනා නැගීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්