22ට සහාය නොලැබුනොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්! - ගාමිණී වලේබොඩගෙන් විශේෂ අනාවරණයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියළ කර අතේ අතේ තබාගෙන සිටින බවත්, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අනාවරණය කරයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය,
”අද විශේෂ හෙළිදරව්වක් කරන්න තිබෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණය මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා වර්ෂ හය කියලා ව්‍යවස්ථාවේ සඳහන් වන හෑම ස්ථානයකම පහ සඳහන් කරමින් ඕනි කරන සංශෝධන ටික ආණ්ඩුක්ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත වෙන්න අවශ්‍යයයි. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන නියෝගය අනුව ඉතුරු ටික ක්‍රියාත්මක වීමට නියමිතයි. දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරගැනීම අද වෙනකොට මේ කටයුත්තට ප්‍රවේශ වෙලා ඉන්න ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමින් වර්තමාන ජනාධිපති තුමාට ඔවුන් පත්කරගත්ත ජනාධිපතිතුමාට ඔවුන්ම අභියෝග කරමින් ඉන්නවා. ඒ නිසා මේ නිර්මාණය වෙලා තියෙන අවිනිශ්චිතතාවය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපතිතුමාට පැවරිලා තියෙන විශේෂ බලතලයක් වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමු කරන්න එතුමාට සිද්ධ වෙලා තිබෙන බව පේන්න තිබෙනවා. ඊයේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙනවා ඒ වගේම අපෙන් විමසීම් කරනවා ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියෙල කරලා අතේ තියාගෙන ඉන්නේ විසිදෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදැක්වූවොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට.
මෙවැනි තත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ මේ තත්වයේ ප්‍රතිඵලය ඇතැම්විට ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් කැඳවීම දක්වා රටේ දේශපාලන වාතාවරණය වෙනස් වෙන තීරණයක් වීමේ හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මේ සියලු බලතල මේ වෙනකොට ජනාධිපතිතුමාට ඇවිල්ලා තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට හිමි වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔහුට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි දෙදාස් විසි දෙකේ අර්බුදයෙන් පස්සේ වර්තමාන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි ඡන්දයෙන් පත්කරගන්නා අවස්ථාවේදී දෙපාර්ශවය අතර තිබිච්ච එකඟතාවය තමයි රජය කරගෙන යාමට එතුමාට සහය දැක්වීම සහ එතුමා පොරොන්දු වුණා වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය, නියමිත නිල කාලය නිමාවන තෙක් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නෑ හැබැයි පොදුජන පෙරමුණේ සහයෝගය අවශ්‍යයි කියන එක ආණ්ඩුව කරගෙන යාම සඳහා. දැන් අද පොදුජන පෙරමුණ ඒ සහයෝගය දෙන්නේ නැතුව ඔහුගේ ජනාධිපතිකමට අභියෝග එල්ල කරන තැනකට පත්වෙලා තිබෙනවා. ඔවුන් පත්කරපු ජනාධිපතිවරයාට ඔවුන්ව අභියෝග එල්ල කරමින් ඉන්නවා. ඉතින් එතකොට මේ ගිවිසුම කඩාගෙන වැටීමක් පේන්න තිබෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ඍජුවම ජනාධිපතිවරයාට සහය දක්වන්න පටන් අරගෙන තිබෙනවා. ඒකේ යම් කණ්ඩායම වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඊළඟ මහ මැතිවරණයේදී විපක්ෂ නායකකම අරගෙන විපක්ෂයේ වාඩිවෙන්න සූදානමින් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ කියන තත්වයක් තුළ සමස්තය නිරූපණය වෙන්නේ අපිට මේ දෙපාර්තමේන්තුව අතර තියෙන නොඑකඟතාවය, ගැටීම, එහෙම නැත්නම් බෙදීම. එහි ප්‍රතිඵලය තමයි මේ විසි දෙවෙනි ආණ්ඩුක් රම ව් යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ගේමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදක්වන තත්වෙකට යෑමේ ඉඩක් තියෙනවා කණ්ඩායම්. එහෙම වුනොතින් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිතුමා සූදානම්. ඒ සඳහා ගැසට් එක පිළියෙල කරලා තියෙනවා කියන ආරංචිය තමයි අපිට ලැබෙන්න පටන් අරගෙන තිබෙන්නේ.
ඒ වගේම තමයි විසි දෙක ගැසට් කළාට පස්සේ ජනාධිපති මේ විසිදෙක සම්මත කරගන්න තුනෙන් දෙකෙන් සම්මත වුණොත් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍යය වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරුහරි ගියොත් එතනින් ජනමත විචාරණයක අවශ්‍යතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයට පත්කරෝතින් තුනෙන් දෙකෙන් සම්මත වුණත්, ඊළඟට ජනාධිපතිවරණයට යන්න වෙනවා. මේ ජනාධිපතිවරණයේ වාසිය තිබෙන්නෙත් ඇත්තටම වර්තමාන රජයට. මොකද ජනාධිපතිවරණය ජනමත විචාරණය පරාජය වීමේ හැකියාවක් නෑ.
ජනමත විචාරණයෙන් විමසන්නේ අවුරුදු හය, අවුරුදු පහ කරන්නද? අවුරුදු හය විදියටම තියන්නද කියලා. එතකොට අවුරුදු පහට අඩු කරන්න කියලා තමයි ජනතාවට දෙන්න වෙන්නේ. එහෙම වුනොත් ජනමත විචාරණය ඉවර වෙලා තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ. එතකොට ජනාධිපතිවරණය තව මාස හතරකින්, පහකින් කල් යන එක වළක්වන්න බෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්