ඡන්ද අපේක්ෂකයන්ට බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයෙන් යෝජනා 7ක්
ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ඉටුකළ යුතු බව සඳහන් කරුණු 7කින් යුත් යෝජනාවලියක් බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය විසින් ඊයේ (16දා) ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එහි සම ලේකම්වරුන් වූ ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන්, ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන්, දිවියගහ විපස්සී නාහිමියන් ඇතුළු එම කාර්යසාධක මණ්ඩලයේ සාමාජික ගිහි පැවිදි පිරිස ඊට අත්සන් තබා ඇත.
එහි පහත යෝජනා ද ඇතුළත්වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන පරිච්ඡේදයේ සඳහන් පරිදි, “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ජේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය” යන්න අර්ථානුරූපව ක්‍රියාත්මක කිරීමට වගකීම දැරීම,
වසර 2500කට අධික කාලයක අභිමානවත් ඉතිහාසය පිළිබිඹු කරන රට පුරා ඇති පුරාවස්තු ආරක්ෂා කිරීම හා අනාගත පරපුරට සංරක්ෂණය කිරීම ක්‍රියාත්මක කිරීමට වගකීම දැරීම,
ශ්‍රී ලංකා භූමිය හා භෞමික සමුද්‍ර තීරය තුළ ඇති සියලු භූගත හා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම හා එම සම්පත් ජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවීමත් කිසි විටක ඒවායේ උපයෝජනය විදේශීය රජයකට හෝ ව්‍යවසායකට හෝ නොදීමට වගකීම දැරීම හා දැනට ජනතාව සතු වූ ද රටේ සුරක්ෂිත භාවයට හා ආරක්ෂාවට බලපාන්නාවූ ද ව්‍යවසායන් විදේශීය සමාගම් සතු නොකිරීමට වගකීම දැරීම,
2022 වසරේ දී රජයට පිළිගන්වන ලද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද කමිටුවේ නිර්දේශ පදනම් කර ගනිමින්, රටේ ඒකීය භාවය තහවුරු වන පරිදි නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත ස්ථාපිත කිරීමට වගකීම දැරීම හා ලොව පිළිගත් අධ්‍යාපනඥයන්ගේ හා මනෝවිද්‍යාඥයන්ගේ මතයට සැලකිලිමත් වෙමින් ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම මවුබසින් විය යුතු බවට වගකීම දැරීම.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්