මාලිමාවේ ප්‍රබල සාමාජික ශානි අබේසේකරට එරෙහිව පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරය ගැන නීතිමය කටයුතු කරන්නැයි ඉල්ලා සිටිය දී ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා දුවගෙන ගොස් මජර youtube කාරයන්ට ප්‍රකාශ ලබාදෙමින් එසේ ඉල්ලා සිටි පිරිසට මඩගසන බව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතා පවසයි.
ඊ නිව්ස් පවත්වාගෙන යන පුද්ගලයා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩකරමින් සිටි කාලයේ තමන්ගෙන් උදව් ඉල්ලූ බවත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් පවසන ඒ මහතා ඉන්පසු ශානි අබේසේකර ඔහුට උදව් කිරීමට පටන්ගත් බවත් පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ තොරතුරු තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා කටයුතු නොකළ බව කියමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස එම දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කරමිනි.
මෙම පැමිණිල්ලට අනුව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 06දා පැය 7ක් තිස්සේ ප්‍රකාශ ලබාගෙන තිබිණි.
පාස්කු ප්‍රහාරය එල්ල වන දිනය, එය එල්ල කිරීමට සූදානමින් සිටින පිරිස ඇතුළු වැදගත් තොරතුරු රැසක් එවකට පොලිස් බුද්ධි අංශ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබූ බව පාලිත සිරිවර්ධන කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
එසේ තොරතුරු ලබා දී තිබියදීත් ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන් කටයුතු නොකළ බවට මෙම පැමිණිල්ල මගින් චෝදනා එල්ල කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්