සමාජය බිඳවට්ටවා රාජ්‍ය අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුම ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
සමාජය බිඳවට්ටවා රාජ්‍ය අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මෙරට තුළ සිදුවූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීන දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.
මෙරට සිටින අමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය පසුගිය දිනෙක මෙරට මැතිවරණ කොමිසමට ගොස් රටේ මැතිවරණ සිදුකරන ආකාරය පිළිබඳ සොයාබලා ඇති බවත්, අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිටින මෙරට තානාපති මහින්ද සමරසිංහට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ මැතිවරණ බලධාරීන්ගේ ආයතනයකට ගොස් එසේ සොයාබැලීම් කිරීමට හැකියාවක් පවතිනවාදැයි මොහාන් සමරනායක මහතා ප්‍රශ්න කරයි.
2024 නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකාවේ ජනාධිපතිවරණය හරියට කෙරෙනවාදැයි සොයා බැලීමට ඔහුට හැකිදැයි ප්‍රශ්න කරන ඒ මහතා, එය කිසිසේත් කළ නොහැකි දෙයක් බව පෙන්වා දෙයි.
අමෙරිකාවේ පමණක් නොව ඉන්දියාව හෝ චීනය මෙන්ම රුසියාවේත් මෙය සිදුකළ නොහැකි නමුත් මේ රටේ එලෙස හැකියාවක් ඇතිවී තිබෙන බවත් මොහාන් සමරනායක මහතා සඳහන් කරයි.
2022 අවුරුද්දේ මෙරට සිදුවූ අරගලය නමින් හැඳින්වූ ක්‍රියාදාමය තමන් හඳුන්වන්නේ අරගලයක් ලෙස නොව රාජ්‍ය පෙරළා දැමීමේ වර්ණ විප්ලවයක් ලෙස බවද, මෙය රටවල් බිඳවැට්ටවීම සඳහා භාවිතා කරනු ලබන මෙවලම්වලින් එකක් බවද ඒ මහතා සඳහන් කරයි.
මෙහිදී මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා පළායන අතර, පසුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරාගැනීමේ ඡන්දය පැවැත්වෙන දිනට පෙරදින කොළඹ සිටින බටහිර රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු කතානායක හමුවී මේ කාර්ය සිදුකෙරෙන්නේ කෙසේ දැයි සාකච්ඡා කරන බවත්, එය බලපෑම් කිරීමක් බවත්, ඒ රටවල මෙසේ තානාපතිවරුන්ට හෝ රාජ්‍ය නායකයන්ටවත් බලපෑම් කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්