පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ලැබෙනකල් බලාගෙන ඉන්නවා - ධම්මික පෙරේරා
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බව ව්‍යාපාරික, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඊයේ (05දා) පැවැසීය.
ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීයවේදීන්ගේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිණි. එම කාර්යාලය ඊයේ (05දා) දිනයේදී එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙන්ම වෘත්තීයවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා මෙසේද පැවැසීය.
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන ලොකුම පක්‍ෂයයි. දැන් මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද කියන එක. රටක ආර්ථික දියුණුව ඒකපුද්ගල ආදායමෙන් තමයි මනින්නේ. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගන්න කොට ඒකපුද්ගල ආදායම ඩොලර් 1250යි. 2005 දී ආරම්භ කළ මහින්ද චින්තන හා බැඳුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ නිසා 2014 දී මහින්ද රාපක්‍ෂ මහතා යළි රට භාර දෙන කොට ඒකපුද්ගල ආදායම 3850 දක්වා වැඩිවී තිබුණා. එදා සිට අද වනවිට වසර 10ක් ගත වී තිබෙනවා. දැන් ඒකපුද්ගල ආදායම 3830යි. ඒ කියන්නේ 2014ට වඩා ඩොලර් 20ක් පිටුපසින් සිටින්නේ. පසුගිය වසර 10ක කාලය තුළ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක තමයි ඔබලාට දැනෙන ප්‍රශ්නය. මේ රටේ ජනතාවගෙන් 40%ක් තවම තීරණය කරලා නැහැ කාටද ඡන්දය දෙන්නේ කියලා. තව දවස් 90න් මැතිවරණය තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම දෙයක්ම නිවැරදි වෙලාවෙ දි තීරණය කරලා තිබෙනවා. රටේ ආර්ථිකය නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මම සකස් කරලා තිබෙනවා. මට අපේක්ෂකත්වය දෙනකොට ඒ පිළිබඳව විමසාවි කියලා මම සිතනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්