බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයෙන් ආචාරය පුදකරයි
බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ජනාධිපති Luis Arce, හිටපු ජනාධිපති Evo Morales සහ බොලිවියානු ජනතාවට ආචාර පුදකර සිටින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.
එම සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා විසින් නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන අධිරාජ්‍යවාදීන් විසින් බොලිවියාවේ සිදුකල හමුදා කුමන්ත්‍රණය, දකුණ අස්ථාවර කිරීමේ තවත් උත්සාහයක් බවත්, ජනාධිපති ලුයිස් ආර්ස් මේ සඳහා කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් එම කුමන්ත්‍රණය අසාර්ථක වූ බවත් ය.
අදාළ නිවේදය පහළින්...
බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කළ ජනාධිපති ලුයිස් ආක්, හිටපු ජනපති ඉවෝ මොරලෙස් සහ බොලිවියානු ජනයාට අපගේ ගෞරවණීය උත්තමචාරය!
මූලිකවම වෙනිසියුලානු ජාතික මානව හිතවාදී අසාහය නායකයා වන සයිමන් බොලිවාර් සම්බන්ධයෙන් හදාරද්දී බොලිවියාව යන රට ශ්‍රී ලංකාවේ අපට හමුවේ. ඉන් නොනැවතී අද්වීතීය විප්ලවාදියෙකු මෙන්ම අධිරාජ්‍යය විරෝධී ලෝක නායකයෙකු වන චේ ගවේරා සහෝදරයා ගේ ජීවිත කතාව හදාරද්දී ශ්‍රී ලංකාවේ අපට බොලිවියාව හමුවේ. ඉන් පසුව අපගේ දේශපාලන හැදෑරීම තුළ බොලිවියාව අපට හමුවන්නේ බොලිවියාවේ දැවැන්ත අධිරාජ්‍ය විරෝධී දේශපාලන භූමිකාවක් ඉටු කරමින් සිටින ඉවෝ මොරලෙස් සම්බන්ධයෙන් හදාරද්දීය.
අප ඉහතින් විස්තර කළ අපගේ ගෞරව ආදරයට ලක්වූ බොලිවියාව සම්බන්ධයෙන් අසන්නට ලැබුණු හමුදා කුමන්ත්‍රණ ප්‍රවෘත්තිය මගින් දකුණු අමෙරිකාව අස්ථාවර කර තම දඩ බිම් ශක්තිමත් කිරීමට කැස කවන අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට බොලිවියාව තුළ ජයග්‍රහණයක් අත්වූවාදැයි යන කණගාටුව අප තුළ ඇති විය. එහෙත් ඉතාමත් කෙටි කාලයක් තුළ ජනාධිපති ලුයිස් ආර්ස් ගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයට සහභාගි වූ ඉහළ හමුදා නිලධාරියා අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම අධිරාජ්‍ය විරෝධී කඳවුරේ සිටින අපගේ සතුටට හේතු විය.
බොලිවියාවේ අනාගතය සුරැකිමට බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කරවීමට හිටපු ජනාධිපති ඉවෝ මොරලෙස් සිය සාමාජිකයා මෙහෙය වූ ආකාරය දෙස බලන විට ඔහු කියුබාවේ අසාහය නායකයා වූ ෆිදෙල් ක්‍රස්තෝගෙන් නිවැරදිව ඉගෙන ගෙන ඇති බව පෙනී යයි.
එලෙසම බොලිවියානු ජනයා තම මව්බිම පළමුකොට තබා බොලිවියානු ජනාධිපතිවරයා මුහුණ දුන් අසීරු දේශපාලන මංසන්ධිය පසුකර යාමට දැක්වූ කැපවීම ලොව සියළුම රටවල අධිරාජ්‍ය විරෝධී ජනයාගේ චිත්ත ධෛර්ය වඩවන බව කිව යුතුමය.
එලෙසම බොලිවියානු ජනයා මුහුණ දුන් අසීරුසහගත මොහොත පසුකර යාමට අමෙරිකානු රාජ්‍ය සංවිධානය ( Organization of American States) අතුළු සංවිධාන මෙන්ම, කියුබාවේ, චිලියේ, වෙනිසියුලාවේ සහ දකුණු අමෙරිකානු කළාපයේ රාජ්‍ය නායකයන් දැක්වූ දායකත්වය දකුණු අමෙරිකානු කළාපයට සැතපුම් දහස් ගණනක් දුරින් සිටින අධිරාජ්‍ය විරෝධී අපගේ චිත්ත ප්‍රිතියට හේතුවිය. කෙසේ වුවද කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ 637 වතාවක් ඝාතනය කිරීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ගනු ලැබූ නිහීන උත්සහායන් සළකා බැලීමේදී බොලිවියාට එරෙහි ඔවුන්ගේ මැදිහත් වීම මෙතැනින් අවසන් වන්නේ නැති බව අපගේ විශ්වාසයයි.
2019 දී ඉවෝ මොරලෙස් මහතා වෙත තනතුරු හැරයාමට සැලැස්වූ මත භේදයට තුඩු දුන් බොලිවියානු ජානාධිපතිවරණයෙන් බලයට පත්වූ හිටපු අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් නැවත පාලනයට ගෙන ඒමට එළි දැක්වූ කුමන්ත්‍රණයට ආශීර්වාද කළ සමහර රාජ්‍ය කිහිපයක් සිටින බව මාධ්‍ය මගින් අප දුටුවෙමු. කුමන හේතුවකට හෝ කිසියම් අයෙකු අමෙරිකානු අධිරාජ්‍යවාදීන් මෙහෙයවන කුමන්ත්‍රණ වලට සහයෝගය දෙන්නේ නම් අද යුක්‍රේනයට අත්වී ඇති ඉරණම හැදෑරිය යුතු යැයි අපි අවධාරණය කරමු. අධිරාජ්‍යවාදීන් තමනට සහයෝගය දෙන කුමන මට්ටමේ රටක් හෝ ජාතියක් විනාශ මුඛයට ඊළඟ මොහොතේ ඇදගෙන යනු බව නැවත සිහිපත් කරමු. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදයට රුසියාව සහ චීනය එකව එල්ල කරන ප්‍රහාරයෙන් ඇද වැටෙන ගෝලිය උතුරේ අනිවාර්ය දඩ බිම් ලතින් අමෙරිකාව, අප්‍රිකාව, ආසියාව සහ යුරෝපයේ ස්වාධීන රාජ්‍යද එකතු වන බව අද වන විට තහවුරු වී තිබේ. ඒ අනුව අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට ඉතාම සමීපයෙන් සිටිමින් කියුබානු ජනයා තම විප්ලවය සහ තම මව්බිම රැක ගැනීමට ගන්න ධෛර්ය ආදර්ශයට ගැනීම ලතින් අමෙරිකානු රටවලට පාඩු නොවන බව අපගේ හැඟීමයි.
අප වැනි ආසියානු රටවල අධිරාජ්‍ය විරෝධී ජනයාට බොලිවියානු ජන නායකයන් මෙන්ම බොලිවියානු ජනයා තමන් මුහුණ දෙන තීරණාත්මක දේශපාලන අභියෝගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට කටයුතු කිරීම මගින් ලබා දුන් ආදර්ශය අපව අතිශයින් ධෛර්යමත් කළ බව සඳහන් කරමු.
අධිරාජ්‍ය විරෝධී ලෝක පරිමාන සටනට ජයවේවා.
Jeewantha Jayatissa,
Bolivarian Solidarity of Sri Lanka

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්