SI මරන්න දුන් කොන්ත්‍රාත්තුවට PHI මරාදැමුවා ද? - PHI ඝාතනයේ තොරතුරු රැසක් එළියට
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට යොදාගත් බවට සැලකෙන එම්.එම්. වර්ගයේ පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් ද සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.
පොලිස් නිලධාරියකු වෙනුවට වැරදීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු ඔහු ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල ප්‍රදේශයේ නිවසක දින විස්සක කාලයක් තිස්සේ නවාතැන් පහසුකම් සැපයූ බව කියන අඹු සැමි යුවළක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පාතාල වෙඩික්කරුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව එම ප්‍රදේශයේම කැලෑවක සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත එම්.එම්. 8 වර්ගයේ ගිනි අවියක්ද, යතුරුපැදියක්ද, කළු පැහැති ජැකට් එකක් ද පාතාල වෙඩික්කරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත සොයාගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200 සමග සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු කැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පාතාල ලෝකයේ වෙඩික්කරුවකු බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවැසීය.
මොහුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම්වල දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සුල මුල අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි
අත්අඩංගුවට ගත් මෙම පාතාල වෙඩික්කරු 51 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයාට ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන සමන් කොල්ලා නමැත්තකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවෙස පිහිටි ප්‍රදේශයේ පදිංචිව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමට සඳහා යැයි කියමින් රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි දැන ගැනීමට ඇත.
එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූපය වෙඩික්කරු අතට පත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින සමන් කොල්ලා නමැති පාතාල නායකයා එම පාතාල වෙඩික්කරුට කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති පුද්ගලයා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු යැයි කියා බව පැවසේ.
ඔහු විශ්‍රාම ගිය පොලිස් පරීක්ෂකවරයකු නොව දැනටත් රාජකාරියේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය සඳහන් කරයි.
ඩුබායි රටේ සැඟව සිටින සමන් කොල්ලා නැමැත්තාට අයත් බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පාතාලයා එම පොලිස් නිලධාරියා සමග වෛරයකින් පසු වීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්