News Category
From Date
To Date
Maximum Number of Result

චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය මිලියන 100 ආසන්නයටම

Jul 1, 2024 at 02:04 PM
|

A group of the Communist Party of China (CPC) members review the Party oath at the Red Detachment of Women Memorial Park in Qionghai, South China's Hainan Province, on June 30, 2024, a day before the CPC celebrates its 103rd founding anniversary on July 1. Photo: VCG

 වසර 103ක් පැරණි චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) ලෝකයේ තිබෙන සමෘද්ධිමත් සංවිධානයක් ලෙසත් ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව ඇති සංවිධානයක් ලෙසත් පෙරට විත් තිබේ. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 99.185 අගයට ළඟා වි තිබෙන බව ජුනි 30  ඉදිරිපත් වූ නවතම දත්ත මගින් පෙන්නුම් කරයි. ඒ අනුව අදට(01) යේදී තිබෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වන සංවත්සරය ලෝකයේ තිබෙන දැවැන්තම දේශපාලන පක්ෂ සංවිධානය ලෙස සමරණු ලබන්නේය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වයේ වර්ධන වේගය 1.2ක් බව එම පක්ෂයේ සංඛ්‍යාලේඛන වාර්තාවකට අනුව අනාවරණය වේ. 2023 වර්ෂයේ නව සාමාජිකයින් මිලියන 2.408 ක් චීන කොමියුනිස්ට් පක්ෂයට එක්වූ අතර සමස්ථ සාමාජිකය්න්ගෙන් සියයට 53ක් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ උපාධියක් ලබා ඇති අතර සියයට 82.4ක් වයස අවුරුදු 35 හෝ ඊට අඩු අය වෙති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක අවධියේදී පක්ෂය සතුව සිටියේ සාමාජිකයින් 50කට වඩා වැඩි සංඛ්‍යාවක් පමණි. වසර 103ක කාලය තුළ එම සංඛ්‍යාව මිලියන 99.185 දක්වා වැඩි වීම සමෘද්ධිමත් සංවිධානයක් ලෙස එහි ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරන බව චීන කොමියුනිස්ට් පක්ෂය පාසලේ මහාචාර්ය Zhang Xixian මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

චීනයේ සංවර්ධනයේ ඉල්ලීම් සමඟ පෙළගැස්වීම සහ මාක්ස්වාදී න්‍යායේ මූලික මූලධර්ම එහි මූර්තිමත් කිරීම සඳහා වැඩි වැඩියෙන් ශක්තිමත් සංවිධානාත්මක වර්ධනය අවශ්‍ය බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

චීන කොමියුනිස්ට් පක්ෂය ශක්තියෙන් ශක්තියට වර්ධනය වීමටත්, ජනතා සහයෝගය දිනා ගැනීමටත්, විවිධ අවදානම් සහ පරීක්ෂණ ජයගෙන ජයග්‍රහණ පිට ජයග්‍රහණය ලබා ගැනීමටත් හේතුව චීන කොමියුනිස්ට් පක්ෂය කරනු ලබන දියුණු දේශපාලනය බව Zhang Xixian තවදුරටත් පැවසීය. 

ඉදිරිපත් වී ඇති නවතම දත්ත ද මෙම කරුණ සනාථ කරයි. 2023 පුරාවට, නව පක්ෂ සාමාජිකයින් මිලියන 2.408 ක් බඳවා ගත් අතර, එයින් මිලියන 1.276 ක් ඉදිරිගාමී  පක්ෂ සාමාජිකයන් වන අතර, ඔවුන්ගේ අගය ප්‍රතිශතාත්මකව සියයට 53 කි.

නව සාමාජිකයින් අතර, සියයට 53 ක් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති අතර එය, මිලියන 1.28 ක් වේ. සමස්ථ සාමාජිකයන්ගෙන් සියයට 82.4 ක් වයස අවුරුදු 35 හෝ ඊට අඩු අය වන අතර, එය මිලියන 1.983 ක සාමාජිකයන් සංඛ්‍යාවකට වග කියනු ලබයි.

සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් මිලියන 99.185 න් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ උපාධියක් ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 55.786 ක් වේ.එය පෙර වසරට වඩා සියයට 1.5 ක වැඩිවීමකි. කම්කරුවන් සහ ගොවීන් පක්ෂයේ ප්‍රධාන සාමාජිකත්වය දරණ කොටස වන අතර , ඔවුහු සමස්තයෙන් සියයට 33ක් නියෝජනය කරති.

පක්‍ෂයේ ව්‍යුහය තවදුරටත් ප්‍රශස්ත මට්ටමක පවතින අතර, පක්‍ෂ සාමාජිකයින්ගෙන් අඩකට වඩා කනිෂ්ඨ විද්‍යාල අධ්‍යාපනය හෝ ඊට වැඩි අධ්‍යාපනයක් ලබා ඇත. ප්‍රශස්ත ව්‍යුහය පක්ෂ සංවිධානයට එහි ජීව ශක්තිය පවත්වා ගැනීමට සහ එම කාලයේ සංවර්ධන කාර්යයන්ට වඩා හොඳින් අනුගත වීමට බලය ලබා දෙන බව පීකිං විශ්ව විද්‍යාලයේ රාජ්‍ය අඛණ්ඩතාව ගොඩනැගීමේ පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhuang Deshui මාධ්‍ය වෙත පැවසීය.

ප්‍රාථමික මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂ සංවිධාන 2023 දී අඛණ්ඩව වර්ධනය විය. වසර අවසානයේදී, චීනයේ ප්‍රාථමික මට්ටමින් පක්ෂ කමිටු 298,000ක්, සාමාන්‍ය පක්ෂ ශාඛා 325,000ක් සහ පක්ෂ ශාඛා මිලියන 4.6ක් පමණ තිබූ බව වාර්තාව පෙන්වා දෙයි.

සංවිධානයේ දියුණු ස්වභාවයක් පවත්වා ගැනීම සඳහා බිම් මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂ සංවිධාන හරහා ජනතාව සමඟ සමීප බැඳීමක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වන බවත් එය ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු විසඳන අතර මිනිසුන්ගේ සතුට අඛණ්ඩව වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කරන බව ෂුවාං පැවසීය.

CPC members reach 99.185 million

සම්බන්ධිත පුවත් | Related News

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.
දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.
දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව අද (09) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාලව ඇති ඊනියා චෝදනා විභාග කිරීම කරගෙන යන ලෙසත් එයට විරුද්ධ නොවන බවත්, එය සාමාන්‍ය නීතිය යටතේ කරන ලෙසත් විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
කෘත්‍රිමව රුපියලේ අගය පාලනය කිරීම සම්බන්ධයෙන් අතීතයේ සිටම පාඩම් ඉගෙනගෙන ඇති බවත්, ඩොලර් මිලියන 225ක් වික්කා කියා රුපියල අවමප්‍රමාණය වීම නතර නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන පුවත්

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.