දරුවන්ගේ සතුට අධ්‍යාපන තොත්තකරණය සහ කෝවිල් හිඟන්නාගේ ප්‍රාග්ධනය
👉 මේක එක්තරා දෙමළ චිත්‍රපටයක තිබුණු අපූරු සිදුවීමක්.
👉 එක් තරුණයෙක් රස්සාවක් හොයාගෙන යනවා. යන කොට කෝවිලක් ගාව හිඟා කන හිඟන්නෙක් ඔහුට මුණ ගැහෙනවා.
👉 මම කැමති නම් තමුසෙට රස්සාවක් දෙන්නම්. හැබැයි වේල් තුනටම කෑම විතරයි. පඩියක් ලැබෙන්නේ නැහැ. හිඟන්නා තරුණයාට එහෙම කියනවා. හිඟන්නා කියන විදිහට තරුණයාගේ රස්සාව මෙන්න මේකයි.
👉 හැමදාම උදේට, දවල්ට සහ රෑට නොමිලේ කෑම දෙන කෝවිල්වල නම් ටික හිඟන්නා තරුණයාට කියනවා. තරුණයාට තියෙන්නේ ගිහින් කෑම දෙකක් අරන් ඇවිත් එකක් කාලා අනික හිඟන්නාට දෙන්න විතරයි.
👉 ඉතින් ඔය රස්සාව ඔයා යටතේ කරන්නේ මොකටද? ඕක මට තනියමත් කරන්න පුළුවන්නේ. තරුණයා අහනවා. එතකොට හිඟන්නා ඉතාම ආඩම්බරයෙන් අපූරු උත්තරයක් දෙනවා.
👉 ඔයාට මේක කවදාවත් තනියම කරන්න බෑ. ඔයා මේ පළාතට අමුත්තෙක්. මෙහේ කෝවිල්වල කෑම දෙන වෙලාවල් ඔයා දන්නේ නැහැ. ඒ තොරතුරු තියෙන්නේ මම ගාව. ඉන්ෆොමේෂන් තමයි මගේ ප්‍රාග්ධනය. මම ඒක ආයෝජනය කරලා කෝවිල් ගාණේ රස්තියාදු වෙන කාලයත් ඉතුරු කරගන්නවා. ඉතුරු කරගෙන ඒ වෙලාවත් මෙතෙන්ට වෙලා පාඩුවේ කාලා බුදිය ගන්නවා.
👉 මේක ෆිල්ම් එකක තිබුණු සරල විහිළු කතාවක් වුණාට මේක ඇතුළේ අපූරු දේවල් ටිකක් තියනවා.
👉 දැන් මේ හිඟන්නාට ඕන කෑම එකක් ගන්න ඇවිදගෙන යන එක පවා නොකර නිකම් ඉන්න. ඒ වෙලාවත් කාලා නිදාගන්න. ඔහු ඒක තමයි මහා ජයග්‍රහණයක් විදිහට සලකන්නේ. ඒක තමයි ඔහුගේ එකම සතුට. ජීවිතයේ එකම අරමුණ.
👉 එහෙම මිනිස්සුත් ඉතාම සුළු පිරිසක් ලෝකේ ඇති. හැබැයි පොදුවේ ගත්තාම සාමාන්‍යයෙන් මිනිස්සු කියලා කියන්නේ ඒ විදිහට දෙන දේ කාලා වෙන දේ බලාගෙන පාඩුවේ ඉන්න ජාතියක් නෙමෙයි.
👉 හොඳට කාලා බීලා කරදරයක් නැතුව ඉන්න පුළුවන් වුණත්, මිනිස්සු කියන්නේ කූඩුවක දාලා හදන සතෙක් වගේ කාලා බීලා ඔහේ ඉන්න කැමති ජාතියක් නෙමෙයි.
👉 මිනිසුන්ගේ අරමුණු, ආශාවන්, රුචිකත්වයන් අතිශය විවිධයි. විෂමයි. සංකීර්ණයි. ඒවා හිතාගන්න බැරි තරම් පුළුල් පරාසයක පැතිරිලා තියනවා.
👉 මූලික මිනිස් අවශ්‍යතා විදිහට අපි දකින කෑම, බීම, බේත්, ඇඳුම් පැළඳුම් වගේ මූලික දේවල්වලින් හිතාගන්න බැරි තරම් එහාට යන භෞතික, මානසික අවශ්‍යතා කන්දරාවක් නූතන සමාජයේ ජීවත් වන සංස්කෘතික මිනිස්සු තුළ තිබෙනවා.
👉 සාමාන්‍ය මිනිස් ස්වභාවය තුළ මිනිස්සු කැමතියි නිතරම අලුත් අලුත් දේවල් හොයන්න. අලුත් අලුත් ජයග්‍රහණ ලබාගන්න. අලුත් ප්‍රශ්න අභියෝග එක්ක ගැටෙන්න.
👉 මිනිස්සු තමන්ට ලැබෙන හුඟක් දේවලින් සතුටු වෙන්නේ නෑ. එක දෙයක් ලැබුණාට පස්සේ ඊට වඩා දෙයක් හොයනවා. ඒක ලැබුණාට පස්සේ ඊට වඩා දෙයක් යනවා. ඒකේ හොඳ නරක දෙකම තිබුණත් මේ ගමනේ කෙළවරක් නෑ.
👉 ඒ නිසා අභියෝග, කරදර, දුෂ්කරතා කියන්නේ මිනිස්සුන්ට එක් පැත්තකින් ආශීර්වාදයක්. කරදර, බාධා, අභියෝග නැති ජීවිතය නීරසයි. කම්මැලියි. මෙලෝ රහක් නෑ.
👉 ඒ නිසා මිනිස්සු තමන්ට ගැටෙන්න ප්‍රශ්නයක් නැත්නම් අලුතින් නැති ප්‍රශ්නයක් හරි හොයාගන්නවා. හොයාගෙන ඒකත් එක්ක පොර බදනවා.
👉 පොර බදලා හැම විටම දිනන්නේ නෑ. පරදිනවා. සමහර විට මහා කැපකිරීම් කරනවා. ජීවිත පවා නැති කරගන්නවා. හැබැයි ඒ අනවරත සටනේ ප්‍රතිඵලයක් විදිහට මානවයා සමාජයක් විදිහට ඉස්සරහට යනවා.
👉 ඒක විදිහට තමයි අද මානව ශිෂ්ටාචාරයේ මිනිස්සු ලබාගත්ත හුඟක් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ.
👉 මිනිස්සු කියන්නේ අර ෆිල්ම් එකේ ඉන්න හිඟන්නා වගේ කාලා පාඩුවේ නිදාගන්න එකෙන් විතරක් සතුටු වෙන ජාතියක් වුණා නම් අද ලෝකය මීට වඩා හුඟක් වෙනස් වෙන්න ඉඩ තිබුණා.
👉 අද හුඟක් අය දරුවන්ගේ සතුට ගැන කතා කරනවා. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන තේමාවක් වෙලා තියෙන්නේ දරුවන්ගේ සතුට.
👉 මිනිසුන්ගේ වගේම දරුවන්ගේ සතුටත් විවිධාකාරයි. ඒ අතරේ අභියෝග එක්ක හැප්පිලා ජයග්‍රහණ ලබන එකත් දරුවන්ගේ සතුටේ වැදගත් කොටසක් බව අප අමතක කළ යුතු නෑ.
👉 මම කියන්නේ ළමයි පැය විසි හතරේම අභියෝග එක්ක තරඟ දුවන්න, හටන් කරන්න ඕන කියන එක නෙමෙයි.
👉 සරල, පුංචි, තර්කානුකූල නොවන දේවලින් ලබන සතුටත් දරුවන්ට සහ මිනිස්සුන්ට ඉතාම වැදගත්. මම කාලෙක ඉඳලා කියන විදිහට මිනිස්සු වුණාම නාස්ති කරන්නත් කාලයක් තියෙන්න ඕන.
👉 හැබැයි ඒ කම්මැලි කමේ සරල සතුට දරුවන්ගේ සතුටේ එකම නිර්ණායකය කරගෙන අපි වැඩ කරන්න ගියොත් ඒක බරපතළ ගැටලුවක්.
👉 දරුවෝ කියන්නේ සරල, නොවැදගත්, අතාර්කික පුංචි පුංචි දේවල්වල සතුට ගැන සංවේදී මනසක් ඇති අය විය යුතුයි වගේම අභියෝග, දුෂ්කරතා, පීඩාවන්, ආතතීන් දරා ගැනීමේ සතුටද හඳුනන පිරිසක් විය යුතුයි.
👉 මේ දෙවැනි කාරණය තමයි රටකට, ජාතියකට, පොදුවේ මානව ප්‍රජාවක ජයග්‍රහණවලට විතරක් නෙමෙයි පුද්ගලික ජීවිතේ ජයග්‍රහණවලටත් වඩා වැඩි බලපෑමක් කරන්නේ. මොකද ලෝකය කියන්නේම පීඩාවන්, වේදනාවන් ගොඩක එකතුවක් මිස මල් යහනාවක් නෙමෙයි.
👉 හැබැයි අද බොහෝ අය කතා කරන්නේ දරුවන් පාඩුවේ, විවේකයෙන්, කම්මැලි කමේ ඉඳගෙන, කිසිම පීඩාවක් නැතුව ජීවිතේ විඳින එකේ අසිරිය, දරුවන්ගේ අයිතිය, නිදහස වගේ අන්තවාදී ලිබරල් සටන් පාඨ ගැන පමණයි.
👉 අද අපේ රටේ අධ්‍යාපනය ගැන කරන සංවාද ඇතුළේ මේ කම්මැලිකමේ සරල සතුට දරුවන්ගේ සතුටේ එකම සීමාව විදිහට ආයතන ගත කරමින් අධ්‍යාපනය තොත්තකරණය කරන්න සමහරු සැරසෙනවා.
👉 මේ තත්ත්වය තුළ තමයි පොත් බෑගයේ බර වැනි ඉතා සරල කාරණා පවා රටක අධ්‍යාපනයට අදාළ ජාතික සටන් පාඨ බවට පත්වෙන්නේ.
👉 අධ්‍යාපනයෙන් කළ යුත්තේ අර කෝවිල් හිඟන්නා වගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ජීවිතේ විඳින මිනිස්සු හදන එකද? එහෙම නැත්නම් හිඟන්නෝ විදිහට ඉපදුණත් ඒ ඉරණම වෙනස් කරලා ජයග්‍රහණ කරා යන මිනිස්සු හදන එකද? කියන එක අපි මෙතෙන්දි ගැඹුරින් සලකා බැලිය යුතුයි.
👉 ඉගෙන ගන්න එක නෙමෙයි දරුවෙකුට කෑම ටික, බේත් ටික දෙන එකවත් පීඩාවකින් තොරව කරන්න බෑ. ළමයෙකුට පෝෂ්‍යදායක දෙයක් කවන්න පවා අම්මලාට සෑහෙන මහන්සි වෙන්න වෙනවා.
👉 එතෙන්දි දරුවන්ගේ සතුට ගැන හිතලා දරුවෝ කැමැත්තෙන් කන දේවල් විතරක් දරුවන්ට කන්න දුන්නොත් කොහොම තියෙයිද? ළමයෙක් බේත් බොන්න බෑ තිත්තයි කියලා අඬන කොට දරුවාගේ සතුට කියලා බේත් නොදී හිටියොත් මොනවා වෙයිද? අධ්‍යාපන ප්‍රතිපත්ති හදද්දී දරුවාගේ සතුට ගැන විතරක් හිතන එකත් ඒ වගේම භයානක දෙයක්.
👉 ලෝකය කියන්නේම සතුටුදායක දේවල්වලට වඩා දුක්ඛදායක, පීඩාකාරී දේවල් වැඩි තැනක්. සතුට කියන්නේ ඒ පීඩාවන්, වේදනාවන් ඇතුළේ ඒවත් එක්ක එකට තියන දෙයක් මිසක් වෙන් කරලා අරගෙන රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි.
👉 මේ ඇත්ත අමතක කරලා කාටවත් දරුවන්ගේ සතුට ගැන වෙනම කතා කරන්න බෑ. ඒ නිසා එහෙම හිතාගෙන අධ්‍යාපනය තොත්තකරණය කරන්න ගියොත් ඒක කෙළවර වෙන්නේ ලොකු විනාශයකින්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්