ඉරානය ඉතිහාසයේ දරුණුතම රාජ්‍යතාන්ත්‍රික හුදකලා වීමකට මුහුණ දෙයිද?
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ගල්ෆ් කලාපයට සහ ජෝර්දානයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්වන ලෙස මෙයින් ඉරානයට නියෝග කර ඇත.
ලෝක ඉතිහාසයේ ආරක්ෂක මණ්ඩල යෝජනාවක් සඳහා රටවල් 135ක් වැනි විශාල සංඛ්‍යාවක් සම-අනුග්‍රාහකත්වය දැක්වූ පළමු අවස්ථාව මෙයයි. මෙහිදී ආරක්ෂක මණ්ඩලයේ රටවල් 13ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර කිසිදු රටක් විරුද්ධ නොවීය.
ඉරානයේ සමීපතම මිතුරන් වන චීනය සහ රුසියාව පවා මෙහිදී ඉරානය බේරා ගැනීමට තම නිශේධ බලය භාවිතා නොකිරීම විශේෂත්වයකි.
එය ඉරානයේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාවම එක හඬින් දක්වන දැඩි අප්‍රසාදයේ සංඥාවක් බවයි දේශපාලන විචාරකයන් මත පළ කරන්නේ.
විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ සිවිල් වැසියන්ට සහ බලශක්ති පද්ධතිවලට එල්ල වන ප්‍රහාර තවදුරටත් ඉවසා සිටීමට ලෝකය සූදානම් නැති බව මෙයින් පැහැදිලි වන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) බලවත්ම අංශය වන්නේ ආරක්ෂක මණ්ඩලයයි (Security Council). ලෝකයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ මෙයටයි. මෙහි ස්ථිර සාමාජිකයින් පස්දෙනා වන ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ චීනය යන රටවලට ඕනෑම තීරණයක් තනිවම නතර කිරීමේ 'නිශේධ බලය' (Veto Power) පවතී. සාමාන්‍යයෙන් ඉරානයට හිතවත් රුසියාව සහ චීනය ඔවුන්ට එරෙහිව එන යෝජනා නතර කරන නමුත්, මෙවර ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ලෝකයම පුදුමයට පත් කර ඇත.
කෙසේ වුවද ආරක්ෂක මණ්ඩල යෝජනාවෙන් පසු ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් සටන් විරාමයකට (Ceasefire) එළඹීම සඳහා කොන්දේසි 3ක් ඉදිරිපත් කරන ලදී. එහෙත් වත්මන් යුධ වාතාවරණය හමුවේ මේවා අතිශය ප්‍රායෝගික නොවන (Impractical) ඉල්ලීම් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
ඒවා නම්,
1. ඉරානයේ "නීත්‍යානුකූල අයිතිවාසිකම්" පිළිගැනීම: තම න්‍යෂ්ටික වැඩපිළිවෙල ඇතුළු ආරක්ෂක කටයුතු සඳහා පූර්ණ ජාත්‍යන්තර අනුමැතිය ඉල්ලා සිටීම.
2. යුධ වන්දි ගෙවීම (Reparations):ඇමරිකාව සහ ඉස්රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ හානියට විශාල මුදලක් ඉල්ලා සිටීම.
3. ජාත්‍යන්තර සහතික (Guarantees): අනාගතයේදී කිසිම දිනක ඇමරිකාව හෝ ඉස්රායලය තමන්ට පහර නොදෙන බවට ස්ථිර ජාත්‍යන්තර බන්ධනීය පොරොන්දුවක් ඉල්ලා සිටීම.
ඉරානය දැන් සිටින්නේ අතිශය තීරණාත්මක මංසන්ධියකය. තම දීර්ගකාලීන මිතුරන් පවා දැන් ඇතියයි පවසන මොහොතක, ඔවුන්ට තවදුරටත් මෙම දැඩි කොන්දේසි මත රැඳී සිටිය නොහැකි බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. ඉදිරියේදී ඉරානය තම ස්ථාවරය ලිහිල් කර ලෝකයට පිළිගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලකට පැමිණීමට සිදුවනු ඇති බවත් එසේ නොවුවහොත්, ඔවුන් තවදුරටත් ජාත්‍යන්තරව හුදකලා වීමත්, රට අභ්‍යන්තරයේ විශාල දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දීමත් වැළැක්විය නොහැකි වනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
මූලාශ්‍රය: BBC, Reuters, Iran International, AL Jazeera
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්