News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රභාකරන්ගේ මනෝ විකාර රාජ්‍යය කුඩු කළ තමලනීගේ කතාව..

May 19, 2026 at 03:12 PM
|

වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.

ඇය නමින් සිවගාමි යාලිනී ය.

නමුත් ලෝකයම ඇයව හැඳින්වූයේ "තමලනී" නමිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දරුණුතම කාන්තා බලකායේ දේශපාලන නායිකාව වූ ඇය, පසුව සැබෑ ලෝකය දැක සත්‍යය වෙනුවෙන් පෑන අවි කළ නිර්භීත ගැහැනියක බවට පත් වූවාය.

1990 දශකයේ මුල් භාගයේදී, යාන්තම් වයස අවුරුදු 14 ක් වූ කුඩා තමලනීව කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යනු ලබන්නේ ඇගේ අධ්‍යාපන සිහින සියල්ල පොළොවට සමතලා කරමිනි.

පොත් බෑගය වෙනුවට ඇගේ කරට වැටුණේ සයනයිඩ් කරලකි, අතට පත්වුණේ ටී-56 ගිනි අවියකි.

ළමා සොල්දාදුවෙකු ලෙස බෞද්ධ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වූ හබරණ "යකා වංගුව" හමුදා කඳවුරට එල්ල වූ දරුණු ප්‍රහාරයට පවා ඇය නායකත්වය දුන්නාය.

ඇයට සහජයෙන්ම පිහිටි ලේඛන සහ පරිකල්පන හැකියාව හඳුනාගත් සංවිධානය, ඇයට "සුදන්දිර පරවෛහල්" (නිදහස් කුරුල්ලෝ) පුවත්පතේ ප්‍රධාන වගකීම පැවරීය.

එය නිදහස් කුරුල්ලන්ගේ පුවත්පතක් නොව, ප්‍රභාකරන්ගේ ලේ පිපාසිත මතවාදය වපුරන මෙවලමක් පමණක් බව ඇයට වැටහෙන්නට එවකට ප්‍රඥාවක් තිබුණේ නැත.

යුද්ධයේ සාපය තමලනීගේ පවුලම බිලිගත්තේය.

ඇගේ 16 හැවිරිදි නැඟණිය වූ "සන්ධ්‍යා" ද බලහත්කාරයෙන් "දිවි බිලි බලඇණියට" බඳවාගත් අතර, පසුව කිලිනොච්චි ගෝනවිල් ප්‍රදේශයේදී ඇය ඛේදජනක ලෙස මියගියාය.

2009 මැයි මාසයේදී මුලතිව් වන්නි වනාන්තරයේ අවසාන සටන නිමාවෙද්දී, තමලනී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූවාය.

එදා ඇය සිතුවේ ඒ ඇගේ ජීවිතයේ අවසාන දිනය කියාය.

නමුත්, ඇත්තෙන්ම ඇගේ සැබෑ මනුෂ්‍ය ජීවිතය ආරම්භ වූයේ එදවසය.

එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ඇයව ඉදිරිපත් කෙරුණු අතර, ඔහු ඇයව මරා දැමීමට හෝ සිරගත කිරීමට වෙනුවට යොමු කළේ පුනරුත්ථාපන කඳවුර වෙතය.

වවුනියාවේ "පුන්තෝට්ටම්" පුනරුත්ථාපන කඳවුරේදී ඇය නව ජීවිතයක් ලැබුවාය.

මේ අතරතුර, ලේ වැගිරීම් පෙන්වා සල්ලි හම්බකරන දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරය පුරා අසත්‍ය ප්‍රචාරයක් යැවීය.

ඔවුන් කීවේ ශ්‍රී ලංකා හමුදාවේ උසස් නිලධාරීන් විසින් තමලනීව සමූහ දූෂණයට ලක් කර මරා දමා ඇති බවයි.

නමුත් පුනරුත්ථාපනය වී සමාජයට පැමිණි තමලනී, මාධ්‍ය ඉදිරියට පැමිණ ඩයස්පෝරාවේ මූණට කෙළ ගසමින් කියා සිටියේ, "ඒක පට්ට පල් බොරුවක්! සිංහල හමුදාව මට සැලකුවේ තමන්ගේම සහෝදරියකට වගේ" කියාය.

ඩයස්පෝරාවේ කුප්‍රකට අවලාද හඳුනාගත්, කැනඩාවේ පදිංචිව සිටි එම්. ජයකුමාර් නම් දෙමළ ජාතිකයා තමලනීගේ මේ නිර්භීතකම දැක ඇයට ආදරය කළේය.

ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය.

ඒ අනුව 2013 වසරේදී ඇය පූර්ණ නිදහස ලබා සාමාන්‍ය සමාජයට පිවිසියාය.

පසුව ජයකුමාර් මාධ්‍ය වෙත මෙසේ පවසා තිබුණි:

"රජයේ ආරක්ෂක අංශ මගේ බිරිඳට ඉතාමත් යහපත් සහ නිවැරදි පුනරුත්ථාපනයක් ලබා දුන්නා. අවිහිංසාවේ සැබෑ අර්ථය ඇය වටහා ගත්තේ ඒ නිසයි. ඇය සැබෑ ලෝකය දැක්කේ සිංහල මිනිසුන් නිසා."

නිදහස් වූ තමලනී මහත් බලාපොරොත්තු ඇතිව තම උපන්ගම වූ පරන්තන් බලා ගියාය.

නමුත් එහිදී ඇයට උරුම වූයේ කටුක අත්දැකීමකි.

ගමේ ඇතැම් මිනිසුන් ඇයට ද්‍රෝහියෙකු ලෙස සැලකූහ. "උඹලා අපේ දරුවන්ව යුද්ධයට බිලි දීලා, දැන් උඹලා විතරක් හොඳින් ජීවත් වෙනවා" යැයි කියමින් ඔවුහු ඇයට නින්දා කළහ.

 කොටි මතවාදයෙන් තවමත් පීඩිතව සිටි තමන්ගේම මිනිසුන් අතර ජීවත් විය නොහැකි තැන, තමලනී රැකවරණය සොයා ආවේ සිංහල බහුතරයක් වෙසෙන කොළඹ නුගේගොඩ ප්‍රදේශයටය.

එහිදී ඇයට කිසිදු හිරිහැරයක් නැතිව, නිදහසේ සාමාන්‍ය ගැහැනියක ලෙස ජීවත් වීමේ අයිතිය ලැබුණි.

අවාසනාවකට, ඇයට සැබෑ ලෝකයේ සතුට විඳීමට ලැබුණේ වසර දෙකක් වැනි කෙටි කාලයකි.

2015 වන විට ඇය දරුණු අක්මා පිළිකාවකින් පීඩා වින්දාය.

ඇයව ඇතුළත් කෙරුණේ කළුබෝවිල (දකුණු කොළඹ) ශික්ෂණ රෝහලටය.

තමලනීගේ අවසාන දින කිහිපය ගැන ඇගේ සැමියා කැනඩා පුවත් සේවයට දෑසට කඳුළු පුරවාගෙන මෙසේ පවසා තිබුණි:

"ඇය අවසන් හුස්ම හෙළුවේ කළුබෝවිල රෝහලේදී. සිංහල දොස්තරලා, නර්ස්ලා ඇයව බේරගන්න පුදුමාකාර සටනක් දුන්නා. තමන් දවසක්දා සතුරන් ලෙස දැකපු මිනිස්සු තමන්ව බේරගන්න මෙච්චර වෙහෙසෙනවා දැකලා තමලනී ඇඬුවා. ඒ සිංහල වෛද්‍යවරුන්ගේ සෙනෙහස ඇගේ හදවත උණු කළා. ඇය වැඩියෙන්ම දුක් වුණේ ඒ ආදරය දකින්න මෙච්චර කල් ප්‍රමාද වුණ එක ගැනයි..."

මියයාමට පෙර තමලනී, ප්‍රභාකරන් නැමැති මානසික රෝගියාගේ විකෘති සිහිනය සහ කොටි සංවිධානයේ කෲරත්වය ලෝකයටම හෙළි කිරීමට පොත් දෙකක් ලිව්වාය.

ඉන් වඩාත්ම ප්‍රසිද්ධ වූයේ «ஒரு கூர்வாளின் நிழலில்» (“Oru Koorvaalin Nizhalil”) හෙවත් "තියුණු අසිපතක සෙවන යට මගේ අරගලය" කෘතියයි.

මෙම ග්‍රන්ථය දෙමළ ඩයස්පෝරාවේ මුදල් සෙවීමේ වෙළඳාමට සහ බොරු ප්‍රචාරවලට එල්ල කළ මාරාන්තික අතුල් පහරක් විය.

තමන් ඇතුළු දහස් ගණන් දෙමළ තරුණ තරුණියන්ගේ ජීවිත කොටි සංවිධානය විසින් විනාශ කළ අන්දම ඇය එහි සාක්ෂි සහිතව ලියා තිබුණි.

අදටත් දෙමළ ඩයස්පෝරාව තමලනී යන නාමයට පවා බයය, ඇයට නිබඳවම අපහාස කරන්නේ එබැවිනි.

මන්ද, ඇය ජීවිතයෙන් වන්දි ගෙවා ලියා තබා ගියේ ඊළාම් සිහිනයේ නිරුවත සහ සිංහල මිනිසාගේ හදවතේ ඇති සැබෑ මනුෂ්‍යත්වය පිළිබඳ නොමැකෙන සත්‍ය සාක්ෂිය වන බැවිනි.

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.