News Category
From Date
To Date
Maximum Number of Result

චරිත සහතිකයක් - 1 වැනි කොටස

Jan 7, 2026 at 08:01 AM
|

(ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන චීන ජාතිකයෙක් ලියපු දීර්ඝ ලිපියක් මම කියෙව්වා. ඒක හුඟක් රසවත් සහ වැදගත් එකක් කියලා මම හිතනවා. ඒ දිග ලිපිය කොටස් කීපයකින් පළ කරන්න ඕන. මම පරිවර්තනය කරපු ඒ ලිපියේ මුල් කොටස අද කියවමු).

මම කොළඹ ගුවන්තොටුපලට එද්දි මගේ හිත සෑහෙන්න හිස් එකක්. වෑංජන රස, පිච්ච මල් සුවඳ, මුහුදු හුළ‍ඟේ පහස වගේ දේවල් ගැන අහපු කතාවලින් නම් මගේ හිත වෙළිලා තිබුණා. කොහොම වුනත්, මම ආපු ගමන් ම එක මොහොතින් ලක්‍ෂපතියෙක් බවට පත්වුණා. ඒ, ශ්‍රී ලංකා රුපියල හුඟක් පුංචි එකක් හින්දා. මගේ පසුම්බිය අලුත් ම අලුත් රුපියල් 5000 නොට්ටුවලින් පිරුණා. මම ඒ එකක් දීලා වතුර බෝතලයක් ගත්තාම නැමිච්ච, පොඩිවෙච්ච, පරණ නෝට්ටු ගොඩක් ඉතුරු විදිහට මට ලැබුණා. ඉතින් මගේ හිතෙත් ඇතිවෙලා තිබිච්ච ප්‍රබෝධය එක මොහොතකින් දිය බුබුලක් වගේ බිඳ වැටුණා.

“ඉන්දියානු සාගරයේ කඳුළු බිංදුව” කියලා හඳුන්වන රටට මම ඇතුළුවෙලා. මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය තවමත් විසැඳිලා නෑ කියලා මම දැනගෙන හිටියා. ඒත් මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් ඉතුරුවෙලා තිබුණා. බංකොලොත් බව ප්‍රකාශයට පත් කරලා මහ ජංජාලයක් බවට පත්වුණා කියලා මාධ්‍යවලින් කියපු රට ද මේ? ඇත්තටම දැන් මේ රටේ තත්ත්වය මොකක්ද?

මම දවස් 25 ක් ශ්‍රී ලංකාවේ රැඳිලා හිටියා. දකුණේ ඉඳලා උතුරටත්, මුහුදු වෙරළේ ඉඳලා කඳුකරයටත් මම ගමන් කළා. දොරවල් නැති දුම්රියෙන්, සෙනඟ පිරිලා ඉතිරිච්ච බස්වලින් මම ගමන් කළා. යටත්විජිත පන්නයේ හෝටල්වලින් මම හවස තේ රස බැලුවා. පාර අයිනේ තියෙන දූවිලි වැහිච්ච කඩවලිනුත් මම කෑම කෑවා.

මගේ මේ අත්දැකීම් පදනම් කරගෙන මට එක කාරණයක් කියන්න ඕන. සංචාරක පත්‍රිකාවලින් විස්තර කරන “හිනාවෙන රට” කියන එකට වඩා මේ රටේ ස්වරූපය දහ දහස් වතාවක් සංකීර්ණ එකක්. ඒ වගේ ම, මාධ්‍යවලින් පෙන්නන “ගිනිගත් දේශය” කියන හැඳින්වීමට දහස් ගුණයකින් වෙනස් විචිත්‍ර රටක් මේක. මේ රටේ ඒ දෙපැත්ත ම තියෙනවා. සමහර කාරණා සැළකුවාම ඔබට මේ රටේ සඳහට ම ජීවත්වෙන්න හිතෙයි. ඒත් තවත් සමහර කාරණා සැළැකුවාම ඔබට ඒ මොහොතේ ම ගුවන් ටිකට් පතක් ඇරැගෙන ඊ ළඟ ගුවන්යානයෙන් ම ගෙදර යන්න හිතෙයි. මේ දෙපැත්ත ම මොහොතක් මොහොතක් පාසා ඔබ වටේ කැරැකෙනවා.

හැඩවැඩ දාපු ඡායාරූප ගොන්නක් ඔබට පෙන්නන්න ඕනකමක් මට නෑ. දවස් 25 ක් තිස්සේ මම මේ රටේ දී අත්විඳපු නියම ගිණුම් වාර්තාවයි මම මේ ඔබට ඉදිරිපත් කරන්නේ. සමහර සංචාරක නියෝජිත ආයතන සහ සංචාරක බ්ලොග් අඩවි කවදාවත් ඔබට කියන්නේ නැති ඇත්තක් මම ඔබට කියන්නම්.

1. අහසට පොළොව තරම් වෙනස් ගණන් දෙකක්:

(යුවාන් 3 ක තැඹිලි ගෙඩියක් සහ යුවාන් 500 ක “චයිනා ස්පෙෂල්” හෝටලයක්)

මගපෙන්නන්ගේ රෙකමදාරුවලින් විතරක් ශ්‍රී ලංකාව දිහා බැලුවොත් ඔබ මේක “බජට් ට්‍රැවල්” පාරාදිසයක් කියලා හිතේවි.

ඒක ඇත්ත! මුල් ම දවසේ මම මීගමුවේ වීදියකින් ලොකු තැඹිලි ගෙඩියක් මිල දී ගත්තා. ඒකට වියදම් වුණේ රුපියල් 150 යි. ඒ කියන්නේ, යුවාන් 3 ක් විතර. ඒ වෙළෙන්දා ලොකු පිහියකින් ඒකේ කට කපලා බීම බටයකුත් එක්ක මට ඒක බොන්න දුන්නා.

ඒ මිහිරි රස මගේ උතුරෙන් පහළට බහිද්දි ගිම්හානයේ මුළු පිපාසය ම සංසිඳුණා කියලා මට හැඟුණා.

පාර දෙපැත්තේ කඩවල විකුණන ත්‍රිකෝණාකාර හැඩැති සමෝසා, කට්ලට් රුපියල් 50 ත් 100 ත් අතර මිලකට මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ, යුවාන් එකක් - දෙකක් විතර මුදලකට. මේ නගරවල යන බස් එකකට නගින්න. එක පොඩි නගරයකින් තවත් නගරයකට යන්න වියදම් කරන්න ඕන යුවාන් දෙකක තුනක මුදලක් විතරයි.

මේ වියදම් දකින ඔබ මහ මුලාවකට පත්වෙනවා. “අනේ හැම දෙයක් ම කොච්චර ලාබ ද!” කියලා ඔබට හිතෙනවා. මමත් එහෙම හිතුවා. සල්ලි ඉතුරු කරගන්න මම ලබාගත්ත සුපිරි හැකියාව ගැන මම උද්දාමයට පත්වුණා.

හැබැයි, බොහොම ඉක්මනින් ම මට පාඩමක් ඉගෙනගන්න පුළුවන් වුණා.

මේ හැම දෙයක් ම “ලාභ” ලෝකය තියෙන්නේ දේශීය ජනතාවගේ ලෝකය ඇතුළේ විතරයි. සංචාරකයන් වෙනුවෙන් හදලා තියෙන “සිස්ටම් එක” ඇතුළට කකුල ති‍යන කොට ම ඔබට ඒ මොහෙතේ ම මහ හඬින් අඬන්නත් කොක් හඬ ලා හිනාවෙන්නත් හිතේවි.

ඇල්ලේ දී ලබාගත්ත සැබෑ අත්දැකීමක් ගැන මම ඔබට කියන්නම්.

ඇල්ල කියන්නේ තේ වතුවලින් වටවෙච්ච කුඩා කඳුකර නගරයක්. යුරෝපීය සහ ඇමෙරිකානු කදමළු සංචාරකයෝ යන්න කැමැති තැනක්. මේ ප්‍රදේශයේ දර්ශනය ඇත්තෙන් ම අනභිභවනීයයි. බොහොම ඉහළින් ලකුණු ලැබිලා තියෙන හෝටලයක් මම බුක් කරගෙන තිබුණා. රෑ නිදාගැනීමත් උදේ කෑමත් තමයි ඒ මිලට ඇතුළත් වුණේ. හෝටලයේ ලස්සන පින්තූරත් අන්තර්ජාලයේ තිබුණා. ජනේලයෙන් පේන දර්ශනත් ඒ ඡායාරූප අතර තිබුණා. ඒ වෙනුවෙන්, මම රුපියල් 25,000 ක් ගෙව්වා. ඒ කියන්නේ යුවාන් 600 ක විතර මුදලක්!

මේ මිලට චීනයේ දී, ඉතාමත් ඉහළ පන්නයේ හෝටලයක ඉන්න පුළුවන් බව ඔබ දන්නවා. ඉතින් මේක හුඟක් ගණන් බව මම දැනැගෙන හිටියා. ඒත් ඉතින් ඒ තරම් ආකර්ෂණයක් තියෙන තැනක එහෙම වෙන්න පුළුවන්නේ කියලා මම හිත හදාගත්තා.

ඒත්, මම එතැනට යද්දි තව පොඩ්ඩෙන් මට කලන්තය හැදෙනවා!

මම ගිය වාහනය මඩ පිරිච්ච පාරක් දිගේ වළවල්වල වැටි වැටී ඉස්සරහට ගියා. මම ගිය රථයේ රියැදුරා ටික දුරක් ගිහිල්ලා වාහනය නැවැත්තුවා. “ඔන්න අපි ආවා” කියලා කියපු රියැදුරා මට “හෝටලය” පෙන්නුවා. පුංචි තට්ටු දෙකේ ගෙදරක්!

“කඳුකර දර්ශනය සහිත” කියලා හඳුන්වලා තිබුණේ වර්ග මීටර් 15 කටත් පුංචි කාමරයක්. පොඩි ඇඳක් තිබුණා. කැරැකෙන කොට දෙපැත්තට පැද්දිලා සද්ද කරන ෆෑන් එකක් සිවිලිමේ එල්ලලා තිබුණා. නාන කාමරයේ තිබුණු වතුර හීටරය වෙලාවකට වැඩ කරනවා. වෙලාවකට වැඩ කරන්නේ නෑ. ඉතින් ඒකෙන් නාන එක මහ වීර ක්‍රියාවක්. වෙන කිසිම පහසුකමක් ඒ කාමරයේ තිබුණේ නෑ. ඒත් කමක් නෑ. කාමරය වෙලාගෙන තිබුණු අමුතු දුර්ගන්ධය නම් ඉවසන්න අමාරු එකක්.

මම ගිහිල්ලා හෝටලයේ “අයිතිකාරයා” මුණ ගැහුණා. ඒ, කපටි පෙනුමක් තිියෙන මැදි වයසේ කෙනෙක්. “ඔයා එක රැයකට රුපියල් 25,000 ක් අය කළේ මේ කාමරයට ද?” මම ඔහුගෙන් ඇහුවා.

ඔහු පොඩ්ඩක්වත් මවිතවෙච්ච බවක් පෙන්නුවේ නෑ. ඒ “අයිතිකාරයා” තමන්ගේ ජංගම දුරකථනය ඇරැගෙන මට පෙන්නුවා. “බුකිං ඩොට් කොම්” එක තමයි ඔහු මට පෙන්නුවේ. “බලන්න අපිට ලැබිලා තියෙන රේටිංස්. හැම කෙනෙක් ම කැමැතියි. මේ මිල ඇල්ලේ සාමාන්‍ය එකක්. මෙහෙට එන චීන සංචාරකයෝ මෙහෙම දර්ශනයක් තියෙන කාමරවලට කැමැතියි” ඔහු කියාගෙන කියාගෙන ගියා.

“චීන අය මේකට කැමැතියි” කියපු කතාව අහලා මගේ හදවතේ කටුවක් ඇනුණා වගේ හැඟීමක් මට ඇතිවුණා.

ශ්‍රී ලංකාවේ “අලිඛිත සංචාරක මිල ගණන්” සෙට් එකකුත් තියෙනවා කියලා මම පස්සේ දැනගත්තා. ඒක මුලින් බෙදෙන්නේ “දේශීය සංචාරක මිල ගණන්” සහ “විදේශ සංචාරක මිල ගණන්” කියලා. ඊට පස්සේ “විදේශ සංචාරක මිල ගණන්” තවදුරටත් උප කාණ්ඩවලට බෙදනවා. “යුරෝපීය සහ ඇමෙරිකානු මිල ගණන්” සහ “චීන මිල ගණන්” කියන බෙදීම ඒ විදිහට හදලා තියෙනවා. “චීන්නු අතේ සල්ලි තියෙනවා. මිල ගණන් ගැන දන්නේ නෑ. ලේසියෙන් මරාගන්න පුළුවන්” කියලා මේ අලිඛිත වට්ටෝරු හදන අය නිගමනය කරලා තියෙනවා.

ඉතින් ඔබ ආපු රටේ හැටියට සම්පූර්ණයෙන් ම වෙනස් මිල ගණන් ඔබට ලැබේවි. උදාහරණයක් විදිහට මෝටර් සයිකලයක් කුලියට ගන්නවා කියලා හිතන්න. දේශීය සංචාරකයෙක් දවසකට ගෙවන්න ඕන රුපියල් 800 ක් විතරයි. යුරෝපීය සහ ඇමෙරිකානු සංචාරකයෝ රුපියල් 1500 ක් ගෙවන්න ඕන. චීන සංචාරකයෙක් දැක්කාම ඒ කුලියට දෙන්නාගේ කටින් එළියට පනින්නේ “රුපියල් 2500 යි” කියන ගණනා.

සංචාරක ඉසව්වල මේ සංසිද්ධිය බොහොම බරපතලයි. ඔබ නවතින හෝටලය, ඔබ කෑම කන ආපනශාලාව, ඔබ ගමනක් යන ත්‍රී රෝද රථය මේ හැම එකක ම මිල ගණන් ඔබ පැමිණි රට අනුව වෙනස්වෙනවා. දේශීය සංචාරකයන්ට කියන ගණන් එක්ක සැළැකුවාම මේ මිල ගණන් කීප ගුණයක් වැඩියි. සමහර වෙලාවට දහ දොළොස් ගුණයක් වැඩියි.

මම මේ ගැන ගාලු කොටුවේ පුංචි ව්‍යාපාරයක් කරගෙන ඉන්න චීන ජාතිකයෙක්ගෙන් ඇහුවා. ඔහු මට මේ කාරණය ඉතාමත් සරලව පැහැදිළි කරලා දුන්නා. ඔහු කිව්වේ ...

(ඒ කාරණය මේ ලිපියේ ඊ ළඟ කොටසින් කියන්නම්)

පරිවර්තනය කළේ - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.