News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයක් මවිත කළ මහා මෙහෙයුම

Dec 20, 2025 at 06:26 PM
|

(“ඇත්ත” පුවත්පතේ පළ කළ “මනුලොව පෙරලා” ලිපි මාලාවේ 8 වැනි කොටස)

චීන මහජන විප්ලවයේ අත්දැකීම් තුළින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මහ ගොඩක් තියෙනවා. 1921 ජුලි මාසයේ දී පිහිටුවපු චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) අවුරුදු 28 ක් ඇතුළත රාජ්‍ය බලය ලබාගත්තා. මේ ඓතිහාසික කාර්යය වෙනුවෙන් මාර්ගය හොයාලා දුන්නෙත් නායකත්වය දුන්නෙත් මාඕ ත්ස-තුං. ඔහු පක්‍ෂයේ නායකත්වයට පත්වුණේ 1935 ජනවාරි මාසයේ දී. චීන පොදු නිෂ්පාදන පක්‍ෂය ආරම්භ කිරීමට පදනම්වෙච්ච කරුණුත් එක්ක 1935 ජනවාරි දක්වා කතාව “සියවසක සටහන්” පොත් මාලාවේ පළමුවැන්නෙන් (“මග සොයාගත් නායකයා” පොතෙන්) කියලා තියෙනවා. මේ ලිපි පෙළින් කියන්නේ 1935 ජනවාරි සිට 1949 ඔක්තෝබර් මාසයේ දී චීන මහජන ජනරජය පිහිටුවීම දක්වා කතාවයි. හතුරු වටකිරීමෙන් රතු හමුදාව මුදවාගැනීම සඳහා මාඕ ත්ස-තුං විසින් මෙහෙයවපු රතු වතුර ගඟ හතර වතාවක් තරණය කිරීමේ මහා මෙහෙයුම ගැන සමස්ත විග්‍රහයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

*** *** *** *** ***

1927 සැප්තැම්බර් 9 වැනි දා ආරම්භ කරපු “සරත් අස්වනු නැගිටීම” මෙහෙයුමට නායකත්වය දුන්නේ මාඕ ත්ස-තුං. පක්‍ෂ නායකත්වයේ මග පෙන්වීම යටතේ ඒ මෙහෙයුම ආරම්භ කළේ හූ-නන් පළාතේ ඡං-ෂා නගරයට පහරදීමේ අරමුණෙන්. සේනා තුනක් විදිහට “ගොවි කම්කරු විප්ලවීය හමුදාව” යන නමින් සංවිධානය කරපු ඒ “සන්නද්ධ බලය” සමන්විත වුණේ කිසිම හමුදා පුහුණුවක් නැති බහුතරයකින්. ඉතින් එහෙම “හමුදාවක්” යොදාගෙන ඡං-ෂා වගේ දැවැන්ත නගරයකට පහරදෙන්න බැරි බව මාඕ ත්ස-තුං දවස් කීපයක් ඇතුළත තේරුම්ගත්තා. ඒ හින්දා ඔහු මේ “ගොවි කම්කරු විප්ලවීය හමුදාව” මෙහෙයෙව්වේ බටහිරට නෙවෙයි දකුණට. මේ විදිහට දකුණට පාගමනික් ගිහිල්ලා හූ-නන් සහ චියං-ශි පළාත් මායිමේ තියෙන චිං-කං කන්ද කියන දුෂ්කර ප්‍රදේශයේ මුල් ම මූල කඳවුර හදන්න මාඕ ත්ස-තුං ක්‍රියා කළා. (මේ කතාව විස්තරාත්මකව “මග සොයාගත් නායකයා” පොතෙන් කියලා තියෙනවා).

ඊට පස්සේ 1928 අප්‍රේල් 28 වැනි දා මාඕ ත්ස-තුං සමඟ චූ ත මහ සෙනෙවියාගේ සේනාවත් එකතුවුණා. රතු හමුදාව නිර්මාණය කළේ ඒ එකතුව විසින්. එහෙම ගොඩ නගපු සන්නද්ධ බලය නම් කළේ රතු හමුදාවේ 4 වැනි සේනාව කියලා. ඇත්තෙන්ම, ඒ වෙද්දි රතු හමුදාවට වෙනත් සේනා හිටියේ නෑ. ඒ හින්දා මේ සන්නද්ධ බලයට “චූ - මාඕ රතු හමුදාව” කියන නමත් පට බැඳුණා. මේ කාලයේ දී ම, රතු හමුදාවට ගරිල්ලා සහ ජංගම යුද්ධ ක්‍රම කියලා දුන්නෙත් මාඕ ත්ස-තුං විසින්. ඒ අදහස් චූ ත මහ සෙනෙවියා විසින් භාවිතයට එක් කළා.

චූ - මාඕ දෙන්නා ලබාදීපු ආරම්භය ආදර්ශයට ඇරැගෙන තව තව පළාත්වල රතු හමුදාවේ විවිධ සේනා ඇතිවෙන්න පටන්ගත්තා. හූ-නන් පළාතේ පං ත-හුවයි සෙනෙවියා නායකත්වය දීපු රතු හමුදාවේ 5 වැනි සේනාවත් එහෙම එකක්. 1928 දෙසැම්බර් මාසය වෙද්දි ඒ සේනාවත් චිං-කං කන්දට සංක්‍රමණය වෙලා රතු හමුදාවේ 4 වැනි සේනාව සමඟ එකතුවුණා.

ඒත් මහා හමුදා එකතුවක් නඩත්තු කරන්න තරම් සම්පත් ප්‍රමාණයක් චිං-කං කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ තිබුණේ නෑ. මාඕ ත්ස-තුං මේ අභියෝගයට මුහුණ දුන්නේ තවත් පාගමනක් මෙහෙයවලා. චීං-කං කන්ද සහ ආශ්‍රිත ප්‍රදේශයේ පාලනය රතු හමුදාවේ 5 වැනි සේනාවට භාරදීපු චූ - මාඕ රතු හමුදාව (රතු හමුදාවේ 4 වැනි සේනාව) 1929 ජනවාරි 14 වැනි දා අලුත් බිමක් හොයාගෙන යන ගමන ආරම්භ කළා. මේ පාගමනේ ඉලක්කය වුණේ චියං-ශි සහ ෆූ-චියැන් පළාත් මායිමේ තියෙන රුයි-චින් ප්‍රදේශය. දවස් 106 ක ගමනකින් පස්සේ ඒ අරමුණ සාක්‍ෂාත් කරගන්න චූ - මාඕ රතු හමුදාවට පුළුවන් වුණා.

මෙහෙම පන්කම් හින්දා ගරිල්ලා සහ ජංගම යුද්ධ ගැන හොඳ පරිචයක් ලබාගන්න රතු හමුදාවට පුළුවන් වුණා. 1935 ජනවාරි මැද ඉඳලා මාර්තු 31 වැනි දක්වා කාලය තුළ කුයි-චෝ පළාතේ උතුරු ප්‍රදේශයට සහ ස-ඡුවන් පළාතේ දකුණු ප්‍රදේශයට කොටුවෙච්ච රතු හමුදාවට ඒ අනතුරින් මිදෙන්න පුළුවන් වුණේ ගරිල්ලා සහ ජංගම යුද්ධවල උදව්වෙන්. මේ හැකියාව උපක්‍රමශීලී විදිහට යොදවලා හතුරා ඉදිරියට ඒම වළක්වන්නත්, තමන්ට ඕන තැන්වලට හතුරු බලය යොමු කරවන්නත් මාඕ ත්ස-තුංට පුළුවන් වුණා.

චියං කායි-ෂෙක්ගේ හමුදාවලටත් ඔහුගේ සහායට එකතුවෙලා හිටිය කුවං-ශි, යුන්-නන්, හූ-නන්, ස-ඡුවන් සහ කුයි-චෝ පළාත්වල බලවතුන්ගේ හමුදාවලටත් ගරිල්ලා සහ ජංගම යුද්ධවලට මුහුණදීමේ පරිචයක් තිබුණේ නෑ. ඒ අය පුරුදු පුහුණුවෙලා හිටියේ සාම්ප්‍රදායික විදිහට මුහුණට මුහුණ කරන සටන්වලට. ඒ වගේ ම, පළාත්වල බලය අල්ලගෙන හිටිය හමුදා ලොක්කෝ සහ චියං කායි-ෂෙක් අතර ඒ තරම් ශක්තිමත් ඇයි හොඳැයියක් තිබුණෙත් නෑ. ක්‍රම ක්‍රමයෙන් බලවත් වෙන චියං කායි-ෂෙක් තමන්ගේ බල ප්‍රදේශ අල්ලගනියි කියලා ඒ අය සැක කළා. ඉතින් රතු හමුදාව වට කරලා විනාශ කරන මෙහෙයුමට ඒ අය සම්බන්ධ වුණේ හදවතින් ම කැපවෙලා නෙවෙයි.

මේ නොහැකියාවල් සහ පරස්පරයන් ගැන මාඕ ත්ස-තුං ඉතාමත් හොඳින් තේරුම් ඇරැගෙනයි හිටියේ. ඉතින් ඔහු ගරිල්ලා සටන් මෙහෙයෙව්වේ බලවත් හතුරු හමුදා කුයි-චෝ පළාතට ඇතුළුවීම වළක්වන්න. හතුරු එකමුතුව ඇතුළේ දුර්වලයා තමයි කුයි-චෝ පළාතේ හමුදා ලොක්කා. ඒ කියන්නේ, වං චියා-ලියේ. තමන්ගේ බල ප්‍රදේශය රැකගැනීමේ සටනක ඔහු නිරතවෙලා හිටියා. ඒත් ඔහු වුනත් කුඕ මින්-තං හමුදාවල උදව් ලබාගන්න පැකිළුණා. ඉතින් මාඕ ත්ස-තුං මේ දුර්වලකමින් වාසි ඇරැගෙන වං චියා-ලියේගේ හමුදාවලට පහර දුන්නා. ලෝ-ෂන් දුර්ගයේ දී මහා ජයග්‍රහණයක් ලබාගෙන ත්සුන්-යී නගරය දෙවැනි වතාවටත් අල්ලාගත්තා.

තමන්ට පැවැරිලා තිබුණු වගකීම මොකක්ද කියන එක මාඕ ත්ස-තුං ඉතාමත් හොඳින් තේරුම් ඇරැගෙන හිටියා. ඉතින් අනවශ්‍ය යුද්ධවලට පැටැලෙන්න ඕනකමක් ඔහුට තිබුණේ නෑ. ඔහු කැපවෙලා හිටියේ හතුරා මුලා කරලා, නොමග යවලා රතු හමුදාව මුදවාගැනීමේ අරමුණ වෙනුවෙන්. ඒත් ලින් පියාඕ වගේ සටන්කාමී සෙනෙවියෝ මේ කාරණය තේරුම්ගත්තේ නෑ. හතුරු හමුදාවලට පහර නොදී නැගෙනහිරට බටහිරට, උතුරට දකුණට යන වැඩේ ගැන පැහැදීමක් ඔහුට තිබුණේ නෑ. “බෙර ගහන නව පොළ” ප්‍රදේශයේ රැඳිලා හිටිය හතුරු හමුදාවලට පහරදෙමු කියලා ලින් පියාඕ පක්‍ෂ නායකත්වයට යෝජනා කළා. මුල දී පක්‍ෂ නායකත්වය මේ අදහසට එකඟවුනත් මාඕ ත්ස-තුංගේ මැදිහත්වීමෙන් ඒ අඥාන කටයුත්ත අත් අරින්න ඒ එය තීන්දු කළා.

මාඕ ත්ස-තුං කරන්නේ මොකක්ද කියලා ලින් පියාඕ තේරුම්ගත්තේ නෑ. ඔහුට ඕනවුණේ උපරිම ශක්තිය යොදලා හතුරාට පහරදීලා ඉස්සරහට යන්න. ඉතින් “නිශ්චික ඉලක්කයක් නැතුව” ඉස්සරහට පස්සට රතු හමුදාව මෙහෙයවන මාඕ ත්ස-තුංව නායකත්වයෙන් අයින් කරන්න ඕන කියලා යෝජනාවකුත් ඔහු ඉදිරිපත් කළා. ලින් පියාඕ අණ දුන්නේ රතු හමුදාවේ 1 වැනි සේනාවට. ඒ සේනාවේ දේශපාලන ප්‍රධානියා විදිහට කටයුතු කළේ නියේ රුං-චන්. “මාඕ ත්ස-තුං නායකත්වයෙන් අයින් කරන්න ඕන” කියන යෝජනාව ඇහුණු ගමන් ම ඔහු ලින් පියාඕට දොස් කිව්වා. රතු හමුදාව කියන්නේ පක්‍ෂයේ හමුදාව මිසක් එක එක්කෙනාගේ පුද්ගලික ඕනෑ එපාකම් අනුව කටයුතු කරන එකක් නෙවෙයි කියලා ඔහු කිව්වා. ඒත් ඒ දොස් පැවැරීම නො සළකා හැරිය ලින් පියාඕ තමන්ගේ අදහස ලිපියකින් පක්‍ෂ නායකත්වයට ඉදිරිපත් කළා. ඒ වගේ ම, පං ත-හුවයි සෙනෙවියාට දුරකථන ඇමැතුමක් ලබාදීපු ලින් පියාඕ රතු හමුදාවේ නායකත්වය භාරගන්න කියලා ඔහුගෙන් ඉල්ලුවා. ඒත් ලින් පියාඕගේ ඒ ඉල්ලීම පං ත-හුවයි සෙනෙවියා ප්‍රතික්‍ෂේප කළා.

මාඕ ත්ස-තුං විසින් තමන්ට පැවැරුණු වගකීම ඉටු කරමින් හිටියේ හතුරාගෙන් වගේ ම තමන්ගේ පාර්ශ්වය ඇතුළෙන් එල්ලවෙච්ච අභියෝගවලටත් ප්‍රතිචාර දක්වමින් කියන එක මේ අනුව පැහැදිළි වෙනවා. මේ වගේ සටනක් මුලින් සැලසුම් කරලා කරන්න බෑ. තමන් කරන දේ අනුව හතුරාත් වෙනස්වෙනවා. ඉතින් හතුරාගේ වෙනස්වීම්වලට අනුව තමනුත් වෙනස්වෙන්න ඕන. චියං කායි-ෂෙක් කියන්නේ අඥාන පුද්ගලයෙක් නෙවෙයි. ඔහුත් යුද්ධයේ හපනෙක්. ඉතින් වෙනස්වීම් මැද්දේ ම තමන්ගේ අරමුණ වෙනුවෙන් හමුදා මෙහෙයවන්න මාඕ ත්ස-තුං කැපවෙලා හිටියා.

1935 ජනවාරි 15 – 17 දවස්වල පවත්වපු ත්සුන්-යී සම්මේලනයේ දී තීරණය කෙරුණේ උතුරට සංක්‍රමණය වෙලා රතු හමුදාවේ 4 වැනි පෙරමුණු හමුදාවත් එක්ක එකතුවිය යුතු බවයි. ඒත් බලවත් ස-ඡුවන් හමුදාව විසින් ඒ මාර්ගය මුළුමනින් ම අවහිර කරපු හින්දා උතුරට සංක්‍රමණය වෙන්න පුළුවන්කමක් රතු හමුදාවට තිබුණේ නෑ. ඉතින් රතු හමුදාව බටහිරට යන්න පටන්ගත්තා. ඒත් චියං කායි-ෂෙක් විසින් යුන්-නන් හමුදාව යොදාගෙන බටහිර පෙරමුණත් අවහිර කරපු හින්දා ඒ පැත්තෙන් රතු හමුදාවට ඉස්සරහට යන්න බැරි බවත් මාඕ ත්ස-තුං තේරුම්ගත්තා. ඉතින් ඔහු නැවතත් නැගෙනහිරට ගියා. ඊට පස්සේ දකුණට ආයෙත් ගිහිල්ලා වං චියා-ලියේගේ හමුදා පරද්දලා දෙවැනි වතාවටත් ත්සුන්-යී නගරය අල්ලගත්තා. හැබැයි මේ වෙද්දි තමන් කරන්න ඕන මොකක්ද කියලා මාඕ ත්ස-තුං ඉතාමත් හොඳින් තේරුම් ඇරැගෙනයි හිටියේ.

උතුරින් ඉන්න ස-ඡුවන් හමුදාව දකුණට එන එකත් බටහිරින් ඉන්න යුන්-නන් හමුදාව නැගෙනහිරට එන එකත් වළක්වනවා නම් තමන්ට හැප්පෙන්න වෙන්නේ කුයි-චෝ හමුදාව සහ කුඕ-මින්-තං මධ්‍යම හමුදාව එක්ක විතරයි. ඒ අතරින් කුයි-චෝ හමුදාව දුර්වලයි. කුඕ-මින්-තං මධ්‍යම හමුදාව ප්‍රබලයි. ඒත් කුයි-චෝ හමුදාව පළාත ගැන දන්නවා. පිට ඉඳලා ආපු කුඕ-මින්-තං මධ්‍යම හමුදාව පළාත ගැන දන්නේ නෑ. දකුණේ ඈතින් ඉන්න කුවං-ශි හමුදාව කීයටවත් කුයි-චෝ පළාතට එන්නේ නෑ. රතු හමුදාවේ 2 වැනි සහ 6 වැනි සේනා තවදුරටත් හූ-නන් පළාතේ උතුරු ප්‍රදේශයේ රැඳිලා හිටිය හින්දා හූ-නන් හමුදාවත් කුයි-චෝ පළාතට ඇතුළුවෙන්නේ නෑ.

කුඕ-මින්-තං මධ්‍යම හමුදාව උතුරු ප්‍රදේශයට යොමු කළොත් කුයි-චෝ පළාතේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල හතුරු හමුදා බලය දුර්වල වෙනවා. එහෙම වෙද්දි ඒ පැත්තට ගිහිල්ලා හතුරු වළල්ලෙන් එළියට පැනගන්න පුළුවන්. රතු හමුදාව ආයෙත් දකුණට යයි කියලා චියං කායි-ෂෙක් කීයටවත් හිතන්නේ නෑ. ඉතින් එහෙම ගමනක් වළක්වන්න ඕන කියලා අදහසක් ඔහුගේ හිතට එන්නෙත් නෑ. මේ හැම දෙයක් ම හොඳින් නිරීක්‍ෂණය කරපු මාඕ ත්ස-තුං ඒ අනුව තමන්ගේ ඉත්තෝ අදින්න පටන්ගත්තා. ඔහු තුන්වැනි වතාවටත් රතු හමුදාව රතු වතුර ග‍ඟෙන් එතෙර කෙරෙව්වා. ඒ වගේ ම තමන් නැවතත් උතුරට යන්න උත්සාහ කරන බවක් ඔහු ඇ‍ඟෙව්වා. චියං කායි-ෂෙක් මේ උපක්‍රමය තේරුම්ගත්තේ නෑ. ඔහු කුඕ-මින්-තං මධ්‍යම හමුදාවත් කුයි-චෝ පළාතේ උතුරු ප්‍රදේශයට මෙහෙයෙව්වා.

මේත් එක්ක ම කුයි-චෝ පළාතේ උතුරු ප්‍රදේශය උතුරු පැත්තෙන් ස-ඡුවන් හමුදාවෙනුත්, බටහිර පැත්තෙන් යුන්-නන් හමුදාවෙනුත්, නැගෙනහිර පැත්තෙන් කුඕ-මින්-තං මධ්‍යම හමුදාවෙනුත් කොටුවුණා. හැබැයි මාඕ ත්ස-තුං හිතපු විදිහට ම මේ වෙද්දි කුයි-චෝ පළාතේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල හතුරු බලය දුර්වල වුණා. මේ විපර්යාසය මැද්දේ රතු හමුදාවේ ප්‍රධාන සේනාව විදිහට රඟපෑමේ වගකීම මාඕ ත්ස-තුං පැවැරුවේ රතු හමුදාවේ 9 වැනි සේනාවට. ඉතින් රතු හමුදාව මුළුමනින් ම වගේ කුයි-චෝ පළාතේ උතුරු ප්‍රදේශයට කොටුවෙලා ඉන්නවා කියලා චියං කායි-ෂෙක් හිතුවා.

මේ දුර්වලකමින් ප්‍රයෝජනගත්ත මාඕ ත්ස-තුං රතු හමුදාව නැවත වතාවක් නැගෙනහිරට මෙහෙයවලා හතරවැනි වතාවටත් රතු වතුර ග‍ඟෙන් එගොඩවුණා. ඊට පස්සේ ඔහු රතු හමුදාව මෙහෙයෙව්වේ දකුණට. කුයි-චෝ පළාතේ මධ්‍යම ප්‍රදේශයේ තැනින් තැන තිබුණු දුර්වල හතුරු කඳවුරු බිඳගෙන දකුණට ආපු රතු හමුදාව මාර්තු 29 වැනි දා වෙද්දි වූ ග‍ඟේ උතුරු ඉවුරට ළඟාවුණා. මාර්තු 24 වැනි දා වෙද්දි චියං කායි-ෂෙක් කුයි-චෝ පළාතේ ප්‍රධාන නගරයට (කුයි-යං නගරයට) පැමිණියා. ඒ නගරය තියෙන්නේ කුයි-චෝ පළාතේ දකුණු පැත්තේ. තමන් රැවැටීමකට අහුවුණු බව චියං කායි-ෂෙක් තේරුම්ගත්තා. ඉතින් ඔහු මධ්‍යම හමුදාවේ සේනාවක් වූ ග‍ඟේ දකුණු ඉවුරට යොමු කළා.

මාර්තු 30 වැනි දා රතු හමුදාව වූ ගඟ තරණය කරන්න උත්සාහ කළා. ඒත් කුඕ-මින්-තං මධ්‍යම හමුදාවේ සේනාව ඉතාමත් තදින් රතු හමුදාවට පහරදුන්නා. ඉතින් රතු හමුදාවේ ඒ උත්සාහය අසාර්ථක වුණා. එ දා රෑ මහා වර්ෂාවක් ඇතිවුණා. ඒ තරම් අයහපත් කාලගුණයක් තියෙද්දි වූූ ගඟ තරණය කරන්න කාටවත් බෑ. ඒ තත්ත්වය යටතේ රතු හමුදාව වූ ගඟ තරණය කරයි කියලා හතුරු හමුදාව හිතුවේ නෑ. එහෙම කටයුත්තක් වළක්වන්න ඒ අය සූදානම් වුණෙත් නෑ. ඒත් සිද්දවුණේ ඒ අය හීනෙන්වත් නො හිතපු දෙයක්. එදා රෑ මහ වර්ෂාව මැද්දේ ම ගඟ තරණය කරලා හතුරු හමුදාවට පහරදීලා දකුණු ඉවුරේ බලය අල්ලගන්න රතු හමුදාව කටයුතු කළා.

හතුරු හමුදා පරද්දපු රතු හමුදාව ග‍ඟෙන් එගොඩවෙන්න ඕන තාවකාලික පාලම් හැදීම මාර්තු 31 වැනි දා අළුයම 2:30 වෙද්දි අවසන් කළා. පහුවදා උදේ 8 ට සියලු දෙනා ම ගඟ තරණය කිරීම ආරම්භ කළා. රතු හමුදාව ශී-ෆං කෝරළයේ බලයත් අල්ලගත්තා. ශී-ෆං කෝරළය තියෙන්නේ ඒ වෙද්දි චියං කායි-ෂෙක් රැඳිලා හිටිය කුයි-යං නගරයට කිලෝ මීටර් 60 ක් විතර උතුරු පැත්තෙන්.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.