News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයක් මවිත කළ මහා මෙහෙයුම

Dec 20, 2025 at 06:26 PM
|

(“ඇත්ත” පුවත්පතේ පළ කළ “මනුලොව පෙරලා” ලිපි මාලාවේ 8 වැනි කොටස)

චීන මහජන විප්ලවයේ අත්දැකීම් තුළින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මහ ගොඩක් තියෙනවා. 1921 ජුලි මාසයේ දී පිහිටුවපු චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) අවුරුදු 28 ක් ඇතුළත රාජ්‍ය බලය ලබාගත්තා. මේ ඓතිහාසික කාර්යය වෙනුවෙන් මාර්ගය හොයාලා දුන්නෙත් නායකත්වය දුන්නෙත් මාඕ ත්ස-තුං. ඔහු පක්‍ෂයේ නායකත්වයට පත්වුණේ 1935 ජනවාරි මාසයේ දී. චීන පොදු නිෂ්පාදන පක්‍ෂය ආරම්භ කිරීමට පදනම්වෙච්ච කරුණුත් එක්ක 1935 ජනවාරි දක්වා කතාව “සියවසක සටහන්” පොත් මාලාවේ පළමුවැන්නෙන් (“මග සොයාගත් නායකයා” පොතෙන්) කියලා තියෙනවා. මේ ලිපි පෙළින් කියන්නේ 1935 ජනවාරි සිට 1949 ඔක්තෝබර් මාසයේ දී චීන මහජන ජනරජය පිහිටුවීම දක්වා කතාවයි. හතුරු වටකිරීමෙන් රතු හමුදාව මුදවාගැනීම සඳහා මාඕ ත්ස-තුං විසින් මෙහෙයවපු රතු වතුර ගඟ හතර වතාවක් තරණය කිරීමේ මහා මෙහෙයුම ගැන සමස්ත විග්‍රහයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

*** *** *** *** ***

1927 සැප්තැම්බර් 9 වැනි දා ආරම්භ කරපු “සරත් අස්වනු නැගිටීම” මෙහෙයුමට නායකත්වය දුන්නේ මාඕ ත්ස-තුං. පක්‍ෂ නායකත්වයේ මග පෙන්වීම යටතේ ඒ මෙහෙයුම ආරම්භ කළේ හූ-නන් පළාතේ ඡං-ෂා නගරයට පහරදීමේ අරමුණෙන්. සේනා තුනක් විදිහට “ගොවි කම්කරු විප්ලවීය හමුදාව” යන නමින් සංවිධානය කරපු ඒ “සන්නද්ධ බලය” සමන්විත වුණේ කිසිම හමුදා පුහුණුවක් නැති බහුතරයකින්. ඉතින් එහෙම “හමුදාවක්” යොදාගෙන ඡං-ෂා වගේ දැවැන්ත නගරයකට පහරදෙන්න බැරි බව මාඕ ත්ස-තුං දවස් කීපයක් ඇතුළත තේරුම්ගත්තා. ඒ හින්දා ඔහු මේ “ගොවි කම්කරු විප්ලවීය හමුදාව” මෙහෙයෙව්වේ බටහිරට නෙවෙයි දකුණට. මේ විදිහට දකුණට පාගමනික් ගිහිල්ලා හූ-නන් සහ චියං-ශි පළාත් මායිමේ තියෙන චිං-කං කන්ද කියන දුෂ්කර ප්‍රදේශයේ මුල් ම මූල කඳවුර හදන්න මාඕ ත්ස-තුං ක්‍රියා කළා. (මේ කතාව විස්තරාත්මකව “මග සොයාගත් නායකයා” පොතෙන් කියලා තියෙනවා).

ඊට පස්සේ 1928 අප්‍රේල් 28 වැනි දා මාඕ ත්ස-තුං සමඟ චූ ත මහ සෙනෙවියාගේ සේනාවත් එකතුවුණා. රතු හමුදාව නිර්මාණය කළේ ඒ එකතුව විසින්. එහෙම ගොඩ නගපු සන්නද්ධ බලය නම් කළේ රතු හමුදාවේ 4 වැනි සේනාව කියලා. ඇත්තෙන්ම, ඒ වෙද්දි රතු හමුදාවට වෙනත් සේනා හිටියේ නෑ. ඒ හින්දා මේ සන්නද්ධ බලයට “චූ - මාඕ රතු හමුදාව” කියන නමත් පට බැඳුණා. මේ කාලයේ දී ම, රතු හමුදාවට ගරිල්ලා සහ ජංගම යුද්ධ ක්‍රම කියලා දුන්නෙත් මාඕ ත්ස-තුං විසින්. ඒ අදහස් චූ ත මහ සෙනෙවියා විසින් භාවිතයට එක් කළා.

චූ - මාඕ දෙන්නා ලබාදීපු ආරම්භය ආදර්ශයට ඇරැගෙන තව තව පළාත්වල රතු හමුදාවේ විවිධ සේනා ඇතිවෙන්න පටන්ගත්තා. හූ-නන් පළාතේ පං ත-හුවයි සෙනෙවියා නායකත්වය දීපු රතු හමුදාවේ 5 වැනි සේනාවත් එහෙම එකක්. 1928 දෙසැම්බර් මාසය වෙද්දි ඒ සේනාවත් චිං-කං කන්දට සංක්‍රමණය වෙලා රතු හමුදාවේ 4 වැනි සේනාව සමඟ එකතුවුණා.

ඒත් මහා හමුදා එකතුවක් නඩත්තු කරන්න තරම් සම්පත් ප්‍රමාණයක් චිං-කං කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ තිබුණේ නෑ. මාඕ ත්ස-තුං මේ අභියෝගයට මුහුණ දුන්නේ තවත් පාගමනක් මෙහෙයවලා. චීං-කං කන්ද සහ ආශ්‍රිත ප්‍රදේශයේ පාලනය රතු හමුදාවේ 5 වැනි සේනාවට භාරදීපු චූ - මාඕ රතු හමුදාව (රතු හමුදාවේ 4 වැනි සේනාව) 1929 ජනවාරි 14 වැනි දා අලුත් බිමක් හොයාගෙන යන ගමන ආරම්භ කළා. මේ පාගමනේ ඉලක්කය වුණේ චියං-ශි සහ ෆූ-චියැන් පළාත් මායිමේ තියෙන රුයි-චින් ප්‍රදේශය. දවස් 106 ක ගමනකින් පස්සේ ඒ අරමුණ සාක්‍ෂාත් කරගන්න චූ - මාඕ රතු හමුදාවට පුළුවන් වුණා.

මෙහෙම පන්කම් හින්දා ගරිල්ලා සහ ජංගම යුද්ධ ගැන හොඳ පරිචයක් ලබාගන්න රතු හමුදාවට පුළුවන් වුණා. 1935 ජනවාරි මැද ඉඳලා මාර්තු 31 වැනි දක්වා කාලය තුළ කුයි-චෝ පළාතේ උතුරු ප්‍රදේශයට සහ ස-ඡුවන් පළාතේ දකුණු ප්‍රදේශයට කොටුවෙච්ච රතු හමුදාවට ඒ අනතුරින් මිදෙන්න පුළුවන් වුණේ ගරිල්ලා සහ ජංගම යුද්ධවල උදව්වෙන්. මේ හැකියාව උපක්‍රමශීලී විදිහට යොදවලා හතුරා ඉදිරියට ඒම වළක්වන්නත්, තමන්ට ඕන තැන්වලට හතුරු බලය යොමු කරවන්නත් මාඕ ත්ස-තුංට පුළුවන් වුණා.

චියං කායි-ෂෙක්ගේ හමුදාවලටත් ඔහුගේ සහායට එකතුවෙලා හිටිය කුවං-ශි, යුන්-නන්, හූ-නන්, ස-ඡුවන් සහ කුයි-චෝ පළාත්වල බලවතුන්ගේ හමුදාවලටත් ගරිල්ලා සහ ජංගම යුද්ධවලට මුහුණදීමේ පරිචයක් තිබුණේ නෑ. ඒ අය පුරුදු පුහුණුවෙලා හිටියේ සාම්ප්‍රදායික විදිහට මුහුණට මුහුණ කරන සටන්වලට. ඒ වගේ ම, පළාත්වල බලය අල්ලගෙන හිටිය හමුදා ලොක්කෝ සහ චියං කායි-ෂෙක් අතර ඒ තරම් ශක්තිමත් ඇයි හොඳැයියක් තිබුණෙත් නෑ. ක්‍රම ක්‍රමයෙන් බලවත් වෙන චියං කායි-ෂෙක් තමන්ගේ බල ප්‍රදේශ අල්ලගනියි කියලා ඒ අය සැක කළා. ඉතින් රතු හමුදාව වට කරලා විනාශ කරන මෙහෙයුමට ඒ අය සම්බන්ධ වුණේ හදවතින් ම කැපවෙලා නෙවෙයි.

මේ නොහැකියාවල් සහ පරස්පරයන් ගැන මාඕ ත්ස-තුං ඉතාමත් හොඳින් තේරුම් ඇරැගෙනයි හිටියේ. ඉතින් ඔහු ගරිල්ලා සටන් මෙහෙයෙව්වේ බලවත් හතුරු හමුදා කුයි-චෝ පළාතට ඇතුළුවීම වළක්වන්න. හතුරු එකමුතුව ඇතුළේ දුර්වලයා තමයි කුයි-චෝ පළාතේ හමුදා ලොක්කා. ඒ කියන්නේ, වං චියා-ලියේ. තමන්ගේ බල ප්‍රදේශය රැකගැනීමේ සටනක ඔහු නිරතවෙලා හිටියා. ඒත් ඔහු වුනත් කුඕ මින්-තං හමුදාවල උදව් ලබාගන්න පැකිළුණා. ඉතින් මාඕ ත්ස-තුං මේ දුර්වලකමින් වාසි ඇරැගෙන වං චියා-ලියේගේ හමුදාවලට පහර දුන්නා. ලෝ-ෂන් දුර්ගයේ දී මහා ජයග්‍රහණයක් ලබාගෙන ත්සුන්-යී නගරය දෙවැනි වතාවටත් අල්ලාගත්තා.

තමන්ට පැවැරිලා තිබුණු වගකීම මොකක්ද කියන එක මාඕ ත්ස-තුං ඉතාමත් හොඳින් තේරුම් ඇරැගෙන හිටියා. ඉතින් අනවශ්‍ය යුද්ධවලට පැටැලෙන්න ඕනකමක් ඔහුට තිබුණේ නෑ. ඔහු කැපවෙලා හිටියේ හතුරා මුලා කරලා, නොමග යවලා රතු හමුදාව මුදවාගැනීමේ අරමුණ වෙනුවෙන්. ඒත් ලින් පියාඕ වගේ සටන්කාමී සෙනෙවියෝ මේ කාරණය තේරුම්ගත්තේ නෑ. හතුරු හමුදාවලට පහර නොදී නැගෙනහිරට බටහිරට, උතුරට දකුණට යන වැඩේ ගැන පැහැදීමක් ඔහුට තිබුණේ නෑ. “බෙර ගහන නව පොළ” ප්‍රදේශයේ රැඳිලා හිටිය හතුරු හමුදාවලට පහරදෙමු කියලා ලින් පියාඕ පක්‍ෂ නායකත්වයට යෝජනා කළා. මුල දී පක්‍ෂ නායකත්වය මේ අදහසට එකඟවුනත් මාඕ ත්ස-තුංගේ මැදිහත්වීමෙන් ඒ අඥාන කටයුත්ත අත් අරින්න ඒ එය තීන්දු කළා.

මාඕ ත්ස-තුං කරන්නේ මොකක්ද කියලා ලින් පියාඕ තේරුම්ගත්තේ නෑ. ඔහුට ඕනවුණේ උපරිම ශක්තිය යොදලා හතුරාට පහරදීලා ඉස්සරහට යන්න. ඉතින් “නිශ්චික ඉලක්කයක් නැතුව” ඉස්සරහට පස්සට රතු හමුදාව මෙහෙයවන මාඕ ත්ස-තුංව නායකත්වයෙන් අයින් කරන්න ඕන කියලා යෝජනාවකුත් ඔහු ඉදිරිපත් කළා. ලින් පියාඕ අණ දුන්නේ රතු හමුදාවේ 1 වැනි සේනාවට. ඒ සේනාවේ දේශපාලන ප්‍රධානියා විදිහට කටයුතු කළේ නියේ රුං-චන්. “මාඕ ත්ස-තුං නායකත්වයෙන් අයින් කරන්න ඕන” කියන යෝජනාව ඇහුණු ගමන් ම ඔහු ලින් පියාඕට දොස් කිව්වා. රතු හමුදාව කියන්නේ පක්‍ෂයේ හමුදාව මිසක් එක එක්කෙනාගේ පුද්ගලික ඕනෑ එපාකම් අනුව කටයුතු කරන එකක් නෙවෙයි කියලා ඔහු කිව්වා. ඒත් ඒ දොස් පැවැරීම නො සළකා හැරිය ලින් පියාඕ තමන්ගේ අදහස ලිපියකින් පක්‍ෂ නායකත්වයට ඉදිරිපත් කළා. ඒ වගේ ම, පං ත-හුවයි සෙනෙවියාට දුරකථන ඇමැතුමක් ලබාදීපු ලින් පියාඕ රතු හමුදාවේ නායකත්වය භාරගන්න කියලා ඔහුගෙන් ඉල්ලුවා. ඒත් ලින් පියාඕගේ ඒ ඉල්ලීම පං ත-හුවයි සෙනෙවියා ප්‍රතික්‍ෂේප කළා.

මාඕ ත්ස-තුං විසින් තමන්ට පැවැරුණු වගකීම ඉටු කරමින් හිටියේ හතුරාගෙන් වගේ ම තමන්ගේ පාර්ශ්වය ඇතුළෙන් එල්ලවෙච්ච අභියෝගවලටත් ප්‍රතිචාර දක්වමින් කියන එක මේ අනුව පැහැදිළි වෙනවා. මේ වගේ සටනක් මුලින් සැලසුම් කරලා කරන්න බෑ. තමන් කරන දේ අනුව හතුරාත් වෙනස්වෙනවා. ඉතින් හතුරාගේ වෙනස්වීම්වලට අනුව තමනුත් වෙනස්වෙන්න ඕන. චියං කායි-ෂෙක් කියන්නේ අඥාන පුද්ගලයෙක් නෙවෙයි. ඔහුත් යුද්ධයේ හපනෙක්. ඉතින් වෙනස්වීම් මැද්දේ ම තමන්ගේ අරමුණ වෙනුවෙන් හමුදා මෙහෙයවන්න මාඕ ත්ස-තුං කැපවෙලා හිටියා.

1935 ජනවාරි 15 – 17 දවස්වල පවත්වපු ත්සුන්-යී සම්මේලනයේ දී තීරණය කෙරුණේ උතුරට සංක්‍රමණය වෙලා රතු හමුදාවේ 4 වැනි පෙරමුණු හමුදාවත් එක්ක එකතුවිය යුතු බවයි. ඒත් බලවත් ස-ඡුවන් හමුදාව විසින් ඒ මාර්ගය මුළුමනින් ම අවහිර කරපු හින්දා උතුරට සංක්‍රමණය වෙන්න පුළුවන්කමක් රතු හමුදාවට තිබුණේ නෑ. ඉතින් රතු හමුදාව බටහිරට යන්න පටන්ගත්තා. ඒත් චියං කායි-ෂෙක් විසින් යුන්-නන් හමුදාව යොදාගෙන බටහිර පෙරමුණත් අවහිර කරපු හින්දා ඒ පැත්තෙන් රතු හමුදාවට ඉස්සරහට යන්න බැරි බවත් මාඕ ත්ස-තුං තේරුම්ගත්තා. ඉතින් ඔහු නැවතත් නැගෙනහිරට ගියා. ඊට පස්සේ දකුණට ආයෙත් ගිහිල්ලා වං චියා-ලියේගේ හමුදා පරද්දලා දෙවැනි වතාවටත් ත්සුන්-යී නගරය අල්ලගත්තා. හැබැයි මේ වෙද්දි තමන් කරන්න ඕන මොකක්ද කියලා මාඕ ත්ස-තුං ඉතාමත් හොඳින් තේරුම් ඇරැගෙනයි හිටියේ.

උතුරින් ඉන්න ස-ඡුවන් හමුදාව දකුණට එන එකත් බටහිරින් ඉන්න යුන්-නන් හමුදාව නැගෙනහිරට එන එකත් වළක්වනවා නම් තමන්ට හැප්පෙන්න වෙන්නේ කුයි-චෝ හමුදාව සහ කුඕ-මින්-තං මධ්‍යම හමුදාව එක්ක විතරයි. ඒ අතරින් කුයි-චෝ හමුදාව දුර්වලයි. කුඕ-මින්-තං මධ්‍යම හමුදාව ප්‍රබලයි. ඒත් කුයි-චෝ හමුදාව පළාත ගැන දන්නවා. පිට ඉඳලා ආපු කුඕ-මින්-තං මධ්‍යම හමුදාව පළාත ගැන දන්නේ නෑ. දකුණේ ඈතින් ඉන්න කුවං-ශි හමුදාව කීයටවත් කුයි-චෝ පළාතට එන්නේ නෑ. රතු හමුදාවේ 2 වැනි සහ 6 වැනි සේනා තවදුරටත් හූ-නන් පළාතේ උතුරු ප්‍රදේශයේ රැඳිලා හිටිය හින්දා හූ-නන් හමුදාවත් කුයි-චෝ පළාතට ඇතුළුවෙන්නේ නෑ.

කුඕ-මින්-තං මධ්‍යම හමුදාව උතුරු ප්‍රදේශයට යොමු කළොත් කුයි-චෝ පළාතේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල හතුරු හමුදා බලය දුර්වල වෙනවා. එහෙම වෙද්දි ඒ පැත්තට ගිහිල්ලා හතුරු වළල්ලෙන් එළියට පැනගන්න පුළුවන්. රතු හමුදාව ආයෙත් දකුණට යයි කියලා චියං කායි-ෂෙක් කීයටවත් හිතන්නේ නෑ. ඉතින් එහෙම ගමනක් වළක්වන්න ඕන කියලා අදහසක් ඔහුගේ හිතට එන්නෙත් නෑ. මේ හැම දෙයක් ම හොඳින් නිරීක්‍ෂණය කරපු මාඕ ත්ස-තුං ඒ අනුව තමන්ගේ ඉත්තෝ අදින්න පටන්ගත්තා. ඔහු තුන්වැනි වතාවටත් රතු හමුදාව රතු වතුර ග‍ඟෙන් එතෙර කෙරෙව්වා. ඒ වගේ ම තමන් නැවතත් උතුරට යන්න උත්සාහ කරන බවක් ඔහු ඇ‍ඟෙව්වා. චියං කායි-ෂෙක් මේ උපක්‍රමය තේරුම්ගත්තේ නෑ. ඔහු කුඕ-මින්-තං මධ්‍යම හමුදාවත් කුයි-චෝ පළාතේ උතුරු ප්‍රදේශයට මෙහෙයෙව්වා.

මේත් එක්ක ම කුයි-චෝ පළාතේ උතුරු ප්‍රදේශය උතුරු පැත්තෙන් ස-ඡුවන් හමුදාවෙනුත්, බටහිර පැත්තෙන් යුන්-නන් හමුදාවෙනුත්, නැගෙනහිර පැත්තෙන් කුඕ-මින්-තං මධ්‍යම හමුදාවෙනුත් කොටුවුණා. හැබැයි මාඕ ත්ස-තුං හිතපු විදිහට ම මේ වෙද්දි කුයි-චෝ පළාතේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල හතුරු බලය දුර්වල වුණා. මේ විපර්යාසය මැද්දේ රතු හමුදාවේ ප්‍රධාන සේනාව විදිහට රඟපෑමේ වගකීම මාඕ ත්ස-තුං පැවැරුවේ රතු හමුදාවේ 9 වැනි සේනාවට. ඉතින් රතු හමුදාව මුළුමනින් ම වගේ කුයි-චෝ පළාතේ උතුරු ප්‍රදේශයට කොටුවෙලා ඉන්නවා කියලා චියං කායි-ෂෙක් හිතුවා.

මේ දුර්වලකමින් ප්‍රයෝජනගත්ත මාඕ ත්ස-තුං රතු හමුදාව නැවත වතාවක් නැගෙනහිරට මෙහෙයවලා හතරවැනි වතාවටත් රතු වතුර ග‍ඟෙන් එගොඩවුණා. ඊට පස්සේ ඔහු රතු හමුදාව මෙහෙයෙව්වේ දකුණට. කුයි-චෝ පළාතේ මධ්‍යම ප්‍රදේශයේ තැනින් තැන තිබුණු දුර්වල හතුරු කඳවුරු බිඳගෙන දකුණට ආපු රතු හමුදාව මාර්තු 29 වැනි දා වෙද්දි වූ ග‍ඟේ උතුරු ඉවුරට ළඟාවුණා. මාර්තු 24 වැනි දා වෙද්දි චියං කායි-ෂෙක් කුයි-චෝ පළාතේ ප්‍රධාන නගරයට (කුයි-යං නගරයට) පැමිණියා. ඒ නගරය තියෙන්නේ කුයි-චෝ පළාතේ දකුණු පැත්තේ. තමන් රැවැටීමකට අහුවුණු බව චියං කායි-ෂෙක් තේරුම්ගත්තා. ඉතින් ඔහු මධ්‍යම හමුදාවේ සේනාවක් වූ ග‍ඟේ දකුණු ඉවුරට යොමු කළා.

මාර්තු 30 වැනි දා රතු හමුදාව වූ ගඟ තරණය කරන්න උත්සාහ කළා. ඒත් කුඕ-මින්-තං මධ්‍යම හමුදාවේ සේනාව ඉතාමත් තදින් රතු හමුදාවට පහරදුන්නා. ඉතින් රතු හමුදාවේ ඒ උත්සාහය අසාර්ථක වුණා. එ දා රෑ මහා වර්ෂාවක් ඇතිවුණා. ඒ තරම් අයහපත් කාලගුණයක් තියෙද්දි වූූ ගඟ තරණය කරන්න කාටවත් බෑ. ඒ තත්ත්වය යටතේ රතු හමුදාව වූ ගඟ තරණය කරයි කියලා හතුරු හමුදාව හිතුවේ නෑ. එහෙම කටයුත්තක් වළක්වන්න ඒ අය සූදානම් වුණෙත් නෑ. ඒත් සිද්දවුණේ ඒ අය හීනෙන්වත් නො හිතපු දෙයක්. එදා රෑ මහ වර්ෂාව මැද්දේ ම ගඟ තරණය කරලා හතුරු හමුදාවට පහරදීලා දකුණු ඉවුරේ බලය අල්ලගන්න රතු හමුදාව කටයුතු කළා.

හතුරු හමුදා පරද්දපු රතු හමුදාව ග‍ඟෙන් එගොඩවෙන්න ඕන තාවකාලික පාලම් හැදීම මාර්තු 31 වැනි දා අළුයම 2:30 වෙද්දි අවසන් කළා. පහුවදා උදේ 8 ට සියලු දෙනා ම ගඟ තරණය කිරීම ආරම්භ කළා. රතු හමුදාව ශී-ෆං කෝරළයේ බලයත් අල්ලගත්තා. ශී-ෆං කෝරළය තියෙන්නේ ඒ වෙද්දි චියං කායි-ෂෙක් රැඳිලා හිටිය කුයි-යං නගරයට කිලෝ මීටර් 60 ක් විතර උතුරු පැත්තෙන්.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.