News Category
From Date
To Date
Maximum Number of Result

ට‍්‍රම්ප්ගේ බදු ප‍්‍රතිපත්තිය - මෝදි ආගමනය සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම:

Apr 11, 2025 at 08:34 AM
|

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ඇමරිකානුවන් විසින් 90 දශකයේ මුල් භාගයේදී ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකය මත පැටවූ වෙළඳාම සහ ආයෝජන ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රතිපත්තියට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිපත්තිය හෙවත් ඇමරිකාව ආර්ථික බලවතෙකු බවට පත්වීම සඳහා 50 දශකයේ යොදාගත් ආරක්ෂණවාදය නැමැති උපාය මාර්ගික ප‍්‍රවේශයයි. එනම් ආනයන බදු පැනිවීම මගින් ආනයන අධෛර්මත් කර දේශිය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීමය. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක කළ සහ ඊට පෙර සිට ආරම්භ කළ ඇමරිකාව විසින් අනුගමනය කළ එම ආරක්ෂණවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ තම රටේ කර්මාන්ත පද්ධති ආරක්ෂා කිරීම සඳහා විශාල වශයෙන් ආනයන අධෛර්යමත් කිරීමේ බදු සහ බදු නොවන බාධක පනවනු ලැබීය. ඒ ආකරයට දෙවන ලෝක යුද්ධයට පසුව එම ප‍්‍රතිපත්තියට අනුකූලව ලෝකය හැඩගැස්වීම සඳහා ණය උපාංග යොදා ගැනීම මුල් කරගෙන ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල පිහිට වුවද, ලෝක වෙළඳ සංවිධානය පිහිටුවන්නේ 90 දශකයේදී ය. ඊට හේතුව ඊනියා නිදහස් වෙළඳාම ලෝකය මත පටවන්නේ ඇමරිකානු නිෂ්පාදන පද්ධතිය ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය යටතේ ශක්තිමත් කරගැනීමෙන් පසුව වීමය.

ඇමරිකාව තම නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන පද්ධති බිඳ වැටීටවීමට පෙර අනුගමනය කළ ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය පිළිබඳව ඉතා විචිත‍්‍රවත් විද්වත් විග‍්‍රහයක් මහාචාර්ය හෝ ජුන් චැන්ග් විසින් තම ‘‘ඉනිමගට පයින් ගැසීම‘‘ නමැති කෘතිය මගින් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. ඊට අනුව ඇමෙරිකාව සෙසු රටවලට ආනයන බදු පැනවීම මගින් දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කළ ආකාරය සහ ශක්තිමත් කළ ආකාරය පැහැදිලිවේ. ඇමරිකාව මහා යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනගන්නේ එසේ ශක්තිමත් කළ නිෂ්පාදන පද්ධතියේ ශක්තිය සහ බලය යොදා ගනිමිණි. 

පසුකාලීනව ඇමරිකාවට සංක‍්‍රමණය වී පසුව ශ‍්‍රී ලංකාවට වින කැටීම සඳහා ආපසු පැමිණි බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයින් එම යටිතල පහසුකම් දැක ‘‘ගිණිකන වැටී” බරපතල න්‍යායාත්මක පටලැවිල්ලකට ගොදුරු විය. ඒ අනුව ඔවුන් කල්පනා කළේ ඇමෙරිකාව දියුණු වූයේ එම යටිතල පහසුකම් නිසා බවටය.  ඔවුන් ශ‍්‍රී  ලංකාව දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් හෙවත් අධිවේගී මාර්ග පූර්ව කොන්දේසියක් ලෙස සැලකූ අතර ණය මත පදනම් වූ එම ක‍්‍රියාවලිය තුළ කොමිස් ගැසීමේ මැණික් ඉල්ලමද පාදා ගනු ලැබීය. ඔවුන් යටිතල පහසුකම් සංවර්ධන සිහිනය තුළ ගිලී සිටිමින් මුදල් උපයන අතර තම හිතවාදී ආනයනකරුවන් පිනවීම සඳහා වෙළඳාම දිරිමත් කිරීමේ නාමයෙන් ආනයන බදු සහන ලබාදී බරපතළ බදු වංචාවලට ද මග පාදනු ලැබීය. එම ක‍්‍රියාවලිය තුළ දේශිය කර්මාන්ත පද්ධතිය ක‍්‍රමයෙන් බිඳ වැටුණු බව රහසක් නොවේ. 

නැවත වටයකින් ඩොනල්ට් ට‍්‍රම්ප්ගේ බදු ප‍්‍රතිපත්තිය පිළිබඳව කතා කිරීමේදී තේරුම් ගත යුතු කරුණ වන්නේ ඉහත සඳහන් කළ ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය තුළ 1990 දශකයේ ආර්ථික අර්බුද සමය දක්වා ධන වෙළඳ ශේෂයක් පවත්වාගෙන යාමට හෙවත් ආනයන අදායම් වලට වඩා අපනයන ආදායම පවත්වාගෙන යාමට ඇමරිකාව සමත් විය. ඇමෙරිකාවේ නිෂ්පාදන පද්ධතියේ කඩාවැටීම ආරම්භ වන්නේ ‘‘වුල් වර්ත්” වැනි බිලියනපතියන්ගේ ඊනියා සුපර්මාකට් මාෆියාව විසින් සිල්ලර වෙළඳාම තුළ ආධිපත්‍ය අත්පත් කර ගැනීම තුළය. ඊනියා සුපර්මාකට් සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම මගින් බිලියනපතියන්ගේ සුපිරි වෙළඳසල් ජාල වලට සියයට 40% තරම් ඉහළ කොමිස් මුදල් ගෙවීමට සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට සිදු විය. එම තත්ත්වය තුළ 25% - 30%   පමණ ආයෝජනයට ප‍්‍රතිලාභ සහිත සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ජාලය බිඳ වැටුණු අතර චීනයේ නිෂ්පාදන වලට වෙළඳපළ විවෘත විය. නමුත් ගෝලීය බිලියනපතියන් එම මූලධාර්මික වරද වරද නිවැරදි කිරීමට ඉදිරිපත් නොවේ. එම තත්වය තුළ අදවන විට ඇමෙරිකාවේ වෙළඳ පරතරය ඩොලර් ටි‍්‍රලියන 3ක් පමණ මට්ටමට ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය ඩොලර් ටි‍්‍රලියන 37 ක් පමණ වන අතර එම ප‍්‍රමාණයෙන් 40%ක් මුදල් අච්චු ගැසීමෙන් ලබාගනී. එනම් ප්‍රෙට්රෝ ඩොලර් ආධිපත්‍යය යොදා ගනිමින් 

දැන් ඇමරිකාව එම වරද නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ එම මූලධර්මික වරද නිවැරදි කිරීම මගින් නොවේ. එම වරද එසේම තිබියදී ආනයන අධෛර්යමත් කරන ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් නාමිකව හඳුන්වාදීම මගින් වරද නිවැරදි කිරීමට උත්සාහ කිරීමේ මුවාවෙන් සිදු කෙරෙන වෙනත් මෙහෙයුමක් බව ඉතා පැහැදිළිය. ඒ තුළ සැඟවුණු අරමුණු ත‍්‍රිත්වයක් හඳුනාගත හැක. පළමුවැන්න චීනය මුල් කරගත් වෙළඳ යුද්ධයක් ආරම්භ කිරීම් මගින් ඇතිවන සංකූලතාව මගින් චීනයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමේ අවකාශය නිර්මාණය කිරීමය. දෙවැන්න ට‍්‍රම්ප් බලයට පත් කළ බිලියනපතියන්ගේ අවශ්‍යතාවයකි. එනම්, ලෝකය නැවත පිහිටුවීම හෙවත් ඍෑීෑඔ කිරීම සඳහා ගෝලීය වෙළඳපොළ තුළ මහා අර්බුදයක් නිර්මාණය කිරීම මගින් එම තත්ත්වය 90 දශකයේ සිදු කළ ආකාරයට ගෝලීය ආර්ථික සහ මූල්‍ය අර්බුදයක් බවට පරිවර්තනය කිරීමය.

තුන්වන අරමුණ ඉන්දු පැසිෆික් කලාපයේ චීනයට එරෙහිව ගොඩනැගෙන යුදමය තත්ත්වයකදී ශ‍්‍රී ලංකාව වැනි රටවලට අදාළව ඉතා බරපතල උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයනවලින් 25%ක කොටසක් ඇමරිකාවට අයත් වේ. ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා 44% ක බද්ධක් පැනවීම මගින් අපනයන ප‍්‍රමාණයන් සහ ආදායම් බරපතළ ලෙස පහත වැටෙන බව ඉතා පැහැදිලිය. ඒ තුළ පළමුවෙන්ම අර්බුදයට ලක්වන්නේ ලක්ෂ 3ක පමණ රැකියා අවස්ථා නිර්මාණය කරන ඇඟලූම් කර්මාන්තය බවද ඉතා පැහැදිලිය. රබර් කිරි කර්මාන්තයේ නියැලෙන ලක්ෂ 2කට ආසන්න පිරිසකට ද ඊට මුහුණ දීමට සිදුවේ. රබර් නිෂ්පාදන සඳහා පණවා තිබෙන 12.5 ක සෙස් බදු සමග සමස්ත බද්ධ 56.5ක් බවට පත්වේ. 

ශ‍්‍රී ලංකාව දැනටමත් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය තුළ එම තත්ත්වය ආණ්ඩුව දේශපාලන වශයෙන් දණ ගැස්සවීම දක්වා වර්ධනය කිරීමේ ඉඩක් විවර වේ. ඒ සඳහා ඇමරිකානු තානාපතිනියගේ ශරීර ලක්ෂණ, මහජන සබඳතා කුසලතාවයන් මෙන්ම ආණ්ඩුවේ සාකච්ඡුාකරුවන්ගේ දුප්පත්කමද යොදාගන්නා බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් මෙම ඊනියා යුද්ධය තුළ සැඟවුණු තුන්වන අරමුණ ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලන මෙහෙයුමට අදාළ වේ. එම ප‍්‍රවේශය ශ‍්‍රී ලංකාවට අදාළව ගත්විට මෙම තීරු බදු උපාංගය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ද්විපාර්ශික ගිවිසුම් වලට තල්ලූ කිරීමේ හැකියාවක් ලැබේ. මේ වන විට ඩොලර් බිලියන 4.5 ක ණය ලබාදීම මගින් ඉන්දියානු රජය නිර්මාණය කරගත් අවකාශය තුළ වර්තමාන ආණ්ඩුව හැසිරෙන අසරණ සහ දුප්පත් ආකාරය අනුව ඒ සඳහා ප‍්‍රභල ඉඩක් තිබෙන බව පැහැදිලි වේ. 

ඒ අනුව වර්ධනය වන වෙළඳ යුද්ධය තුළ සාමය හෙවත් සටන් විරාමයක් සඳහා ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්පාර්ශික වෙළඳ ගිවිසුමකට නව අවස්ථාවක් නිර්මාණය වේ. ඒ තුළ දීර්ඝ කාලීනව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පරාධීනව පවත්වාගෙන යාම සඳහා යොදාගන්න මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට නව කොන්දේසි එකතු කිරීමේ හැකියාවක් ලැබේ. ඊට අමතරව ඊට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස ..ීධත්‍්.. ගිවිසුමේ ඇමුණුව ‘බී”  සඳහා එකඟ වීමට ද බලපෑම් එල්ල වනු ඇත. මේවන විට ඉන්දියාව විසින් ණය උපාංග අඩුවක් ලෙස භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ආරක්ෂක ගිවිසුමක් ඇතුළු ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්වෛරීත්වය බලශක්ති ස සහ දත්ත සහ තොරතුරු ස්වෛරීත්වය පමණක් නොව භූ දේශපාලන ස්වාධීනත්වය පාවාදෙන බරපතළ ගිවිසුම් ත‍්‍රිත්වයක් සඳහා ඉන්දියානු අගමැතිට එකඟවීම තුළ තත්ත්වය වඩා බරපතළ වේ.

ඉන්දියානු අගමැතිවරයා ඉතා බරපතළ රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරයක් සති අන්තය යොදා ගනිමින් හදිසියේ අත්සන් කිරීමට කටයුතු කිරීම තුළින් සහ ශ‍්‍රී ලංකාවේ රජය එම ගිවිසුම් වලට අදාළ කොන්දේසි එළිදරව් නොකිරීම තුළින් තත්වයේ බරපතළකම පිළිබඳව සැකයක් ඇති වේ. ඉන්දියානු මාධ්‍යවලට අනුව අත්සන් කරනු ලබන ආරක්ෂක හෙයත් මිලිටරි ගිවිසුම ඉන්දු ලංකා ගිවිසුමට පසුව අත්සන් කරනු ලබන ආරක්ෂාවට අදාල ඉතා වැදගත් කොන්දේසි අඩංගු ගිවිසුමකි. එහි විශේෂත්වයක් ලෙස ඉන්දියානු විචාරකයින් හුවා දක්වන්නේ එම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ චීනයේ යුදමය බලය වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ වීමය. එම ගිවිසුම් අතරින් ආරක්ෂක ගිවිසුම, බලශක්ති ඒකාබද්ධකරණ ගිවිසුම සහ දත්ත පද්ධති ඩිජිටල්කරණ සහයෝගිතා ගිවිසුම ඉතා බරපතළ වන්නේ ඉන්දියාව ඇමෙරිකාව සම`ග ආරක්ෂක ගිවිසුම් 4ක් අත්සන් කර ඇති තත්ත්වයක් තුළය.  


ඊට අමතරව ඉන්දියාව ූඹ්ෘ නමින් හඳුන්වන ඉන්දු පැසිෆික් කලාපයේ සාමාජිකයෙකුවීම තුළ තත්වය වඩාත් බරපතළ වේ. ඉන්දියාව ඇමෙරිකාව,  ඕස්ෙටි‍්‍රලියාව සහ ජපානය යන ඉන්දු පැසිෆික් කලාපයේ මහා බලවතුන් විසින් යුදමය මැදිහත්වීම් සඳහා ඇතිකර ගෙන තිබෙන එක`ගතාවය මත පිහිටුවන ූඹ්ෘ සංවිධානය ආසියාවේ ‘‘නේටෝව’’ ලෙස හැඳින්වේ. ඒ අතර ශ‍්‍රී ලංකාව, ඇමෙරිකාව සම`ග ්ක්‍ී් නමින්  ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇති තත්වයක් යටතේ සහ ඇමෙරිකානු හමුදාවට ශ‍්‍රී ලංකාවේ කඳවුරු බැදීමට ඉඩ සළසන ීධත්‍් ගිවිසුමේ ඇමණුම ‘‘බී’’ සඳහා එක`ගවීමට බලකෙරෙන තත්වයක් යටතේ ශ‍්‍රී ලංකාව ූඹ්ෘ යුද සන්ධානයේ පාර්ශ්වකරුවෙකුවීම වැළැක්විය නොහැක. ඇමෙරිකාවේ හිටපු දෙවන රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඞ් 2023 දී ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා සම`ග සිදුකළ සාකච්ඡුාවේදී සඳහන් කරන්නේ ත‍්‍රිකුණාමලයේ ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ යුද සැපයුම් මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතු බවය. මෙවර ඉන්දියානු අගමැති සහ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර අත්සන් තැබෙන ගිවිසුම් 7ක් අතුරින් ත‍්‍රිකුණාමලය මුල්කරගත් සංවර්ධන ක‍්‍රියාවලියකට අදාල වීමද එහිදී සැළකිලිල්ලට ගත යුතුවේ. 


ඒ අනුව මෙම සමස්ත ක‍්‍රියාවලියේ අවසානය පිළිබඳව මැවෙන්නේ ඉතා භයානක පින්තූරයකි. එනම් ශ‍්‍රී ලංකාව ආර්ථික ඒකාබද්ධකරණ ගිවිසුම් මගින් අර්ධ යටත් විජිතයක් හෙවත් ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත්වී ඒ තුළ ඇමෙරිකානු හමුදාවලට ඉඩ සළසමින් ඉන්දු පැසිෆික් කලාපයේ යුදමය මර්මස්ථානයක් බවට පත්වීමය. ඊට අමතරව දෙමළ බෙදුම්වාදී බලවේගවල, විශේෂයෙන්ම ඩයස්පෝරාවේ ප‍්‍රකාශනයක් වන ‘ටැමිල් ගාඩියනස්’ වෙබ් අඩවිය ඉන්දු - ශ‍්‍රී ලංකා නව ගිවිසුම් පිළිබඳව ඉතා උද්යෝගයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නේ විදුලි පද්ධතිය ඒකාබද්ධකරණය සඳහා යොදා ගන්නා කේබලය ඉන්දියාවේ මදුරෙයි නගරයේ සිට දෙමළ ඊළම හරහා උතුරු මැද පළාතට ගමන් කරන බවය. එසේම මෝදි ජනාධිපතිවරයා තම කතාවේදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කිරීම සහ මැතිවරණයෙන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ඇතිකරන බලපෑම තුළ මෙම සමස්ත ක‍්‍රියාවලිය බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය සම`ගද ගැට ගැසෙන බව ඉතා පැහැදිළිය. ඒ අනුව ඉන්දියවේ ඊනියා 29 වැනි ප‍්‍රාන්තය දිර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙසද 30 වැනි ප‍්‍රාන්තය හෙවත් දෙමළ ඊළම බිහිකිරීමේ ක‍්‍රියාවලිය ඉන්දියාවේ ආශිර්වාදය සහිතව සිදුවිය හැකි බව සාධාරණ උපකල්පනයකි. 

වර්තමාන ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයට මුල් වූ පක්ෂයේ නිර්මාතෘවරයා මීට වසර 35කට පෙර සඳහන් කරන්නේ එසේ සිදුවන බවය. ඔහුගේ පුරෝකථනයන්ට අනුව ආසියාවේ නේටෝව හෙවත්  ූඹ්ෘ සංවිධානය ද මේ වනවිට බිහිවී ඇත. එම පුරෝකථනයන්ට අනුව චීනයට එරෙහිව ඉන්දු පැසිෆික් කලාපයේ ගොඩනැගෙන යුදමය ආතතිය තුළ කඩාකප්පල්කාරී මෙහෙයුම් සඳහා ත‍්‍රස්තවාදී රාජ්‍යයක් හෙවත් ආසියාවේ ඊශ‍්‍රායලයක් අවශ්‍ය වේ. ඒ අනුව ඊළාම් රාජ්‍යය ආසියාවේ ඊශ‍්‍රායලය බවට යොදා ගන්නා අවස්ථාවේදී ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය ලෙස හැඳින්වෙන් ශ‍්‍රී ලංකාවේ සෙසු භූමිය පලස්තීනයක් බවට පත්විය හැකි බවද ඔහු විසින් පුරෝකථනය කරන්නට යෙදුනි.


වෛද්‍ය වසන්ත බණ්ඩාර 

ලේකම්

දෙශහිතෛෂි ජාතික ව්‍යාපාරය   


සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.